කිඳුරු සේනාව

Monday, December 19, 2011

පෙර දිනෙක මතකය


එකෝමත් එක කාලෙකට පෙර
ලස්සනම ලස්සන පුංචි දවසක මතකයක්
අදටත් හිත සතුටින් ඉපිලවනව
මතකෙට නැගෙන හැම වරකදිම

හමුවෙලා වෙන්වුනු බව ඇත්ත
ඒත්............

ආදරේ හය හතර නොදත් මට
ජීවිතයක් පුරාවට දකින්න ලස්සනම ලස්සන හීනයක් දුන් ඔබ
කුළුදුලේ මගෙ දිවියට ආවමයි දැනුනෙ
මේ හදවතේ කර්ණිකා කෝෂිකා වලත් ලේ දුවන බව

පුංචි තොල් අපූරුවට තොඳොල් කර
හුරතල් කතා කියමින් මගෙ උණුහුමට ගුලිවෙද්දි
එදයි මං දැනගත්තෙ මගේ තුරුල උණුහුම් බව
මම ජීවත් වෙන බව

ඔය ලස්සන කලු ඇස් දෙකින් මගෙ ඇස් දිහා බලන්
හෙමින් හෙමින් මගේ තොල් සිපගද්දි
එදයි දැනගත්තෙ ඇස් කතා කරන බව
මගේ පෙනහළු වල හුස්ම රැඳී තිබෙන බව

ඒ ලේ වලින් උනුහුම් වුනු හදවතේ නාමයෙන්
ඒ හුස්ම වැටෙන මගේ පණ බිඳෙහි නාමයෙන්
ඒ වගේම ලස්සන අතීතයක ආපහු හමුවෙන්න මං අදටත් හීන දකිනව කෙල්ලෙ
ඒත් ඒ......
එතැනදිමයි......
එලෙසටමයි.......
නමුත් ඒ සදහටමයි

Wednesday, November 30, 2011

Little Princess

 
When sun peek from the eastern sky
I feels you like a butterfly
It's like a magical dream
When you walk in the mist of my thoughts
When my sight collide with your shyful smile 
Feels like my heart is filling with jasmines
Long ago in a one day, before you got belong to another
I wanted to ask you something...... 
♥ ♥ ♥ Can you be my little princess? ♥ ♥ ♥ 
Although I burried my heart alive under my own smile
Still there is a little hope
Like a water drop in end of a feather
 
Hey my little princess
I won
I know that you are not mine
I know that you will never be mine
But I'm keeping you forever in my heart
As my little dream princess
Ban me if you can....... :)))))

 

Sunday, November 20, 2011

මාර ප්‍රශ්නෙ



අනේ කෙල්ලෙ
මට මාර ප්‍රශ්නයක්නෙ ඇතිවුනේ
රත් නා දල්ලක් වගේ
පිරිල රතු පාටින් පොපියන
නුඹේ ඔය රසවත් දෙතොල් සඟළ
හෙමි හෙමින් මගෙ දෙතොල් වලින්
කිතිකවා සනහන්නට මට හිතෙන තරම්
ඒ සිතුවිල්ලෙහි
මේ තරම් ප්‍රබල බවක්
අනේ මේක ලෝක ධර්මයද?
නැත්නම් මේක ලෙඩක්ද?
එහෙමත් නැතිනම් මේක.........
මං උපතින් ගෙනා කුකුල් කමද?
ලෝකයේ පිලිතුරු නොමැති ප්‍රශ්න ගොන්නට
තවත් එක ප්‍රශ්නයක්
මාර ප්‍රශ්නයක්.........


Thursday, November 17, 2011

අදින් අපි වෙන් උනත් මං තවම ආදරෙයි



මගේ සුදු පැටියෝ
හිතක් හරි සුන්දරයි
අදින් අපි වෙන් උනත්
මං තවම ආදරෙයි

සිතුම් හරි චන්චලයි
ගතත් මියැදී වගෙයි
පැතුම් අයැදී මගෙන්
තවත් ඔබ ඕනෙ යැයි

ආදරේ හැඳිනගති
ජීවිතේ පසක් වුනි
ඔබ ලඟින් නොමැතිමුත්
වෙන්න මට දිවුරුමක්

කිසිදාක රිදුනට
පැරදී නොහඬන්න
ගෙවෙන හැම මොහොතක්ම
සුන්දරම වෙන්නෙ නෑ
 
මැරෙන බව දැනගන්න
හැමදාම ඉන්නෙ නෑ
දැනන් විඳවන්නැතුව
ජීවිතය විඳින්න

මා මලොත් යම් දිනෙක
එන්නෙපා බලන්නට
මතු භවෙත් මට බෑ
පැතුම් සිඳ බිඳගන්න

පෙර සිහින දැක් ලෙසම
කෙදින හෝ මතු දිනෙක
ලස්සනම චූටි පැටියෙක්ගෙ
ලස්සනම අම්මියෙක් වෙන්න

උන්නොත් එදින
පින් දෙන්නම් සසරටම
අනේ මට ඉඩ දෙන්න
මේ කඳුළු වාවන්න

දෙයියනේ තවත් අඬන්න බෑ
දැන්නම් පැලෙයි මගෙ පපුව
ඇස් දෙකෙත් කඳුළු නෑ
වියැකිලා ඉදිමිලා
හිතේ දුක ගලලාම
ලේ නහර වියැකිලා

කියන්නට බොහෝ දේ
ඇතත් මගෙ හදවතේ
මේ එයට වර නොවෙයි
නික්ම යන මේ දිනේ

අදත් මට ඇතිනම්
පෙර වගේ ඔබ ලඟින්

උනුහුමට දැවටෙමින්
කෙලිකමින් කොඳුරන්න

ඔබේ නෙත් දෙස බලන්
හෙමින් කවි මුමුනන්න

උකුල මත හිස හොවන්
සනීපෙට හැන්ගෙන්න

පපුව මත උනුහුමට
හෙමින් දඟ පාන්නට

ලෝකයකට වහන් වී
එදා මෙන් තුරුල් වෙන්න

මගේ තොල් අතරින් සතපවා
ඔබේ තොල් පෙති උරා බොන්න

අනේ කෙල්ලෙ මටත් පිස්සු
මේ වෙන් වෙන මොහොතෙ දොඩවන්න

සතුටින් ඉන්න ඔහුත් එක්ක
මට ඒ ඇති
සසර පුරාවටම

ඉතින් මම වෙර දරමි
මව් කිරෙන් කුස පිරුනු පොඩි එකෙක් වගේ
හිනා වෙන බව පෙන්නන්න



Wednesday, November 9, 2011

ප්‍රාර්ථනාව

අනේ මගේ හිතටත්
එන්සයිමයක් වෙන්න ඇත්නම්
කොයිතරම් එහෙනම් මගේ හිත අවට
භාහිර ප්‍රතික්‍රියා චංචල වූවත්
ඒ හැම හිතක් එක්කම පෑහී
මට අදටත් ස්ථාවර ස්වරූපයටම
එලඹෙන්නට තිබුනා
එහෙත් එහෙම නොවූ නියාවෙන්
මගේ ඇස් වල කඳුළු අද
අනේ මටත් එන්සයිමයක් වෙන්න ඇත්නම්.........


ඊයෙ පෝස්ටුව ගැන හැමෝම මට සමාවෙන්න.මීට සඳකිඳුරා

Tuesday, November 8, 2011

දියබරියාගේ ගැහැනු සතා වෙත ආදරයෙන්

මං මහන්සියෙන් මගේ ඇඟිලි වෙහෙසවගෙන ඇස් ඇම් ඇස් නොහොත් කෙටි පනිවුඩයක් එව්වම වටිනව නේද මන් අහන්නෙ රිප්ලයි කොරන්ට බැරිනම් රින්ග් කට් එකක් හරි දුන්නනම්.මොකැයි උඩ බිම බලන්නෙ.උඹට තමයි ඕන් කිව්වෙ.තව වටපිටත් බලනව උඹට නෙවේය වගේ.මාව එපා එකා මටත් එපා.ඕනෙ ප#* කොරගනින්.ඉන්න බැරි කේන්තියෙන් උනත් මේක කියන්න හිතුවෙ වැරදිලාවත් ඒ හැලපි මගේ බිත්තිය පැත්තට ගොඩ උනොත් වරදක් උනු බව හැඟෙන්නයි.හයියෝ මට මතක් වෙන නාමපද නම්.එලදෙන.ගෙම්බි.ඒයි මොකක්ද බොලව් දියබරියගෙ ගෑනු සතාට කියන්නෙ.අන්න ඒකත් එයා තමයි.හරි කෙනාටම වැදේවා.රිදෙන්න නෙමෙයි කිව්වෙ.දුක නිවෙන්නයි බොලව්.මේ හිතනම් පට්ට සිරා දෙයකි.කමක් නෑ කමක් නෑ.මං තරහ නෑ.මොනා උනත් මගේ එක්සෑම් කුප්පිය පුරවන එකානෙ.අයි ලව් යූ සුදූ.උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ♥ (හැබැයි ඒකනම් කිව්වෙ සිරාවටම සහෝදර ප්‍රේමයෙන් ඕන්) :/ ඊට වඩා අදහසක් මයෙ තුන් හිතේවත් නෑ ඕන්.......
 

Tuesday, November 1, 2011

තනි වූ මොහොත



 ජීවිතේ
ගොඩක් දෙනෙකු මා හා හිනැහුනත්
මං දන්නව මං හැමදාමත්
තනිවෙලා කියලා



Monday, October 24, 2011

නමක් නොමැති හැඟීමක්


     
කිඳුරිය :- 
ගං දෑල ඉකිබිඳින හඬ ඇසුනි දෝ 
නැතිවද ඔබ අද මා සිහිනයේ 
ඔබෙ මතකයේ සුවඳ තවරන්න ඒ සිහිනේ 
සැනසෙන්න ඉඩදෙන්න විඳගනිමින් ඒ සුවඳ

 
සඳකිඳුරා :-
නෑ මගේ රත්තරං 
සැනසෙන්නට නොදෙමි නුඹට මතකයේ සුවඳේ පමනක් 
එන්න මගේ තුරුලට 
අපි එකට එක්වී පියමන් කරමු 
අපි අපේම වූ ඉසව්වක අපි අපේම වූ මොහොතකට 
සනසවන්නම් ඔබව මා හොඳටම හති වැටෙන තුරු 
හුස්ම ගන්න අමතක වෙලා කතා කරගන්න බැරිවෙන තුරු 
සියොලඟම වෙවුලා පනනැති වෙනතුරු 
අපි අපේම චූටියෙක්ගෙන් සැනසෙන තුරු 
එතකොට අපේ මුලු ලෝකෙම වෙයි එයා



Sunday, October 23, 2011

නැවුම් කුලගෙය




සිත ඇයිද මෙතරම්
නුඹ ගැනම ලොබකම්
සසරේ පුරුදුකම්
සොයා ඇවිදින්ද මම්

මහාමේරුව තරම්
ආදරේ බව දනිම්
නුඹෙ දෙපා මුල වැටෙම්
මට කුමට රජකම්

නුඹෙ පැලක කෝඩුකම්
හනිහනික දුරලම්
සඟවා බොලඳකම්
ආදරේ විඳින්නම්

කිරි සිනාවන් හැඬුම්
ඇසෙන ගෙපැලයි දිනුම්
මව් පදවි මල් දම්
පලඳවන්නද ගෙලෙහි මම්

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ චම්පා අබේසිංහ විසින් පුවත්පතක පලකරන ලදුව උපුටාගන්නා ලදී

Wednesday, October 19, 2011

අම්මා


දස මස කුස දරා
ලේ කිරි කර පොවා
හෙලු නිල්මිනි කඳුලු
සයුරකට පෙරලිලා

හොඳ නොහොඳ පෙන්වා
මාව දිරිමත් කලා
මතු මතු අම්මේ
ඔබ බුදු වේවා

Sunday, October 16, 2011

පිටු පෙරලෙන ජීවිතේ


මගේ සිතෙහි ලැගුම් ගත්තු ඒ දඟකාරී
මගේම වෙයි කියා පැතූ පැතුමන් තනිවී
නොසිතූ ලෙස හැඬවූවා මා පෙර දිනෙහී
හිතන්නෙපා මා සිත හඬවන්න ඔබ යලි

අහින්සක ලෙසයි ඔබ මගෙ දිවියට ආවේ
නොසිතූ ලෙස කිමද චන්ඩ සුලඟක් වූයේ
එපා බැලුම් ලන්නට යලි හදවතට මගේ
මම වෙන කෙනෙකුගෙ වූයේ ඔබ හැරගිය දවසේ

සොඳුරු සිහින මාලිග දිවියෙහි මා පැතුව
සුනුවිසුනු කලේ ඔබ එක මොහොතකින්ය සොඳුර
ඔබ පමා වැඩී නිවැරදි කරනට වූ වරද
මට සමාවෙන්න මන් දැන් වෙන කෙනෙකුගෙව ඇත


Tuesday, September 20, 2011

ආදරය


සිටින විට මා පාලුවේ
ඔබ මා ලගින් ඉන්නා වූ යාමයේ
පෙම් සිහින දෑසට යා කලා
ආදරේ මල් මාවතේ
මල් පියලි මතුපිට පා වුනා
හරි සුන්දරයි ජීවිතේ
මා සිත පිරෙව්වා රෑ දිවා

නුඹ තනාගත් ලෝකෙට........ අනේ මo දුර වැඩිවද........

පාට වත්සුනු නැතිවට
අගෙයි නුඹ නම් මා හට
එදා මo හිතුවට
දුටුවෙ නෑ නුඹ හරියට

කොලොම්තොට නුඹ වැඩියම
හැඩුව මගෙ හිත දුකටම
පැමිනි මුත් නුඹ ගමරට
වෙනස් වී ඇයි හරියට

උලා නිය රතු පාටට
දෙතොල් සගලට සම සම
ආදරේ මුත් නුඹ හට
සිඹින්නේ මo කොහොමද?

තබා පා යුග නුඹ සම
ඇවිද යන්නට සිතුවට
උස් වූ මිරිවැඩි සගලට
මගේ පය කැප නැතිවද

නුඹ තනාගත් ලෝකෙට
අනේ මo දුර වැඩිවද
නුඹ යන්න නුඹෙ සිහිනෙට
හිතේ තරහක් නෑ මට

 

කසුන් චතුරoග විසින් පුවත් පතක පලකරන ලදුව උපුටා ගන්නා ලදී

Friday, September 9, 2011

සමුගනිමි සදහටම


මේ නිසල රෑ සද එලියත් පාලුවත් තුරුලු කර
බැලිමි අහසේ දඟකරන තරු දිහා
බලාපොරොත්තුවක් සොයන්නට
ඒත් කවුරුන්හෝ කියාදෙන්න මට
මෙතරම් තරු තිබුනත් අහසේ
ඇයි මම විතරක් තනිවෙලා

ඒ වුනත් ඇසීමට කිසිවෙක් හමුනොවූ නියාවෙන්
ඇහුවා මන් හෙමීට මගේම හදවතින්
"ඇයි මම විතරක් තනිවෙලා"

ඔවු ලැබුනි මට පිලිතුරක්
කිසිදු අනුකම්පාවක් නැති
"උඹ තනිවිය යුතුයි කල වරදට දඬුවමක් ලෙස
විඳින්න එපා මේ ලෝකය
මේ ලොව අයිති නෑ ඔබ හට
පිලිතුරු දුන්නත් ඔබට
මාවත් අයිති නෑ ඔබ හට
මාව අර ඈත පෙනුනු තරු නෙතකත දුන් දවසේ
සිතුවෙ නැහැ නේද ඔබ තනිවෙයි කියා
මාවත් ඔබ ලග තියා නොගෙන දුන්නනම්
විඳවපන් දැන් ඉතින්
කදුල පමනයි ඉතිරි උඹ හට"

ඉතින් ඒ කඳුල පමනක් තුරුලු කර
ඒ තරුවේ මතකයත් රැගෙන
සමුගනිමි ලෝකයෙන්
මරනයේ උනුසුම සොයා

 

Monday, September 5, 2011

කදුල

අතෙක ලොව සියලු දේ ලද පෙම්වතෙක්
අතෙක ලොව සියලු දේ අහිමි වූ පෙම්වතෙක්
හරි මැද පෙමක් නොලද කුලුදුලේ සිහින මවන පෙම්වතෙක්

සියල්ල ලද කෙනා පතද්දී
"අහෝ කදුල නුඹ එන්නෙපා අප අතරට
කඳුලකට ඉඩ නෑ අප අතර
මේ තොල් පෙති අග තෙත් බවත්
දෙහදෙහි උණුසුමත්
හැමදාම ඇති අප හට
පොඩි එකෙක් එයි ලගදිම
අපේ උණුසුම විඳින්නට"

 
 

එය එසේ වෙද්දී
දෙලොවක අතරමන් වී මැද සිටින කෙනා සිතයි.....

"ගජමන් තතුනම් සත්‍යමැයි
පෙර නොවිඳි රසයක පහසනම් කඳුලැල්ලකත් හසරැල්ලකත් මුහුවයි
ජීවිතේ නම් හරිම සුන්දරයි එය මා වෙත තාම නොආවත්
කෙදිනක හෝ ආදරය ලද දිනෙක
රැකගනිමි එය දිවිහිමියෙන්
කැපවෙමි සියල්ල අභිබවා
විඳිමි එය මැනෙවින්"
ගොඩගසයි ඔහු සිහින මාලිග
ඉටු වුවහොත් නම් හොදයි
කුමක් වේවිද නොවුවහොත්????


 
සියලු කාරන එසේවද්දී
සියල්ල අහිමි වූවා සිතයි.....

"අනේ මට මුකුත්ම නෑ
මට හැමදේම අහිමි වෙලා
අනිත් හැමෝටම හිතක පහසක් ලැබෙනවා
ඒත් ඇයි මට විතරක් නැත්තෙ"
ඔහුට තම සිතද අහිමි වූවාසේය
විටෙක හේ සිතූවත්
මේ ඇසේ පිරී නලියන කඳුලුවත් ඔහුව හැරනොයාවි කියලා
හේ එතැන්හිද වැරදිය
නිරන්තරයෙන් දිවිය පුරා
කඳුලෙහි පහස අත්වින්දද
ඒ කඳුලු බිඳුත්
හනි හනිකට කම්මුල් දිගේ බැස ගමන් කරයි
ඔහු නොපෙනෙන ඉමක් වෙත
එහෙත් හේ සතු එකම උරුමයද කඳුලම පමනක් බව හේ දනී

 
 

අහෝ තිදෙනෙක් කඳුලක් දකින අයුර....................