කිඳුරු සේනාව
Monday, October 24, 2011
නමක් නොමැති හැඟීමක්
කිඳුරිය :-
ගං දෑල ඉකිබිඳින හඬ ඇසුනි දෝ
නැතිවද ඔබ අද මා සිහිනයේ
ඔබෙ මතකයේ සුවඳ තවරන්න ඒ සිහිනේ
සැනසෙන්න ඉඩදෙන්න විඳගනිමින් ඒ සුවඳ
සඳකිඳුරා :-
නෑ මගේ රත්තරං
සැනසෙන්නට නොදෙමි නුඹට මතකයේ සුවඳේ පමනක්
එන්න මගේ තුරුලට
අපි එකට එක්වී පියමන් කරමු
අපි අපේම වූ ඉසව්වක අපි අපේම වූ මොහොතකට
සනසවන්නම් ඔබව මා හොඳටම හති වැටෙන තුරු
හුස්ම ගන්න අමතක වෙලා කතා කරගන්න බැරිවෙන තුරු
සියොලඟම වෙවුලා පනනැති වෙනතුරු
අපි අපේම චූටියෙක්ගෙන් සැනසෙන තුරු
එතකොට අපේ මුලු ලෝකෙම වෙයි එයා
Subscribe to:
Post Comments (Atom)
ම්...... ලස්සනයි ඇත්තටම
ReplyDeleteබොහෝම ස්තූතියි නෙරංජි සොයුරිය.ආරාධනා කරනව හැමදාමත් කිඳුරු ඉසව්වෙන් පිහිනල යන්න එන්න කියලා.මං තාම මේ ලෝකෙට අලුත්.මට ඔයාල හැමෝගෙම ශක්තිය ඕනෙ :)
ReplyDeleteහැබෑවටම අපූරු සිතුවිල්ලක්...
ReplyDeleteබොහොම පිං දිනේෂ් සොයුරානෙනි.ඕගොල්ලො හැමෝම මට ලොකූ ශක්තියක්
ReplyDelete"සනසවන්නම් ඔබව මා හොඳටම හති වැටෙන තුරු
ReplyDeleteහුස්ම ගන්න අමතක වෙලා කතා කරගන්න බැරිවෙන තුරු
සියොලඟම වෙවුලා පනනැති වෙනතුරු"
අනේ මට නම් ලැජ්ජයි ඕයි...! :)
ලස්සන නිර්මාණයක් සහෝ. ජය!
:D ජීවිතේ ආසාව මත නොවී සෙනෙහස මත ආදරය ගොඩනගා ගන්නවුන්ට අතිශය සභ්‍යවූත් අමිලවූත් නිමේෂයක සටහනක් කසුන් සොයුර.බොහොම සාමාන්‍ය වුවත් සාපේක්ෂව තනාගත් ජීවිත රාමු තුල ප්‍රසිද්දියේ කතා නොකරන පොදු ධර්මතාවක්.හැමදාම එන්න කිඳුරු ඉසව්වට
ReplyDeleteහරිම ලස්සනයි..!!! අපූරුයි.. ;අස්සන බැක්ගර්වුන්ඩ් එකක්... ලස්සන බ්ලොග් එකක්.. ආයෙත් එන්නම් දිගටම.. අපූරුයි
ReplyDelete:))))) බොහෝම ස්තූතියි හිතුවක්කාරියේ.ආයාසයකින් තොරව බ්ලොග් දිවියකට උප්පත්තිය ලැබුවත් ලස්සනට හැඩවැඩ දාන්න මට කියාදුන් චතූමිතූටනම් පින්සිදු වෙන්නම ඕනෙ.දිගටම එන්න ඉඩකඩක් ලැබෙන හැම මොහොතෙම කිඳුරු ඉසව්වෙන් පීනල යන්න.දවස ගානෙම නම් පෝස්ට් නැතිවේවි.ඒත් කිඳුරු සිතක උපදින සිතිවිලි නැවුම් බවින් නම් පිරිල තියේවි :)
ReplyDelete