
ඕන්න ඉතින් අද කියන්න හිතුන ජීවිතේ අත්දකින්න ලැබුනු අමුතුම සිද්දියක රසවත් කතන්දරයක්.මේක ඉතින් වුනේ නම් ඉස්කෝලෙ යන කාලෙදිලු.
එදා කොහොමින් කොහොම හෝ වැඩිය උගන්වපු දවසක් නෙමේ.වැඩිමනක්ම තිබුනෙ ෆ්‍රී පීරියඩ්.එතකොට මම හිටියෙ සාමාන්‍ය පෙළ පන්තියේ.සමහරු සෙල්ලම් කරනවා, පොත් ගුල්ලො පාඩම් කරනව, වලි කාරයො වලි, ඒ අස්සෙ ඕන් මං තුමයි යාලුවො සෙට් එකයි කලේ අනංමනං ජල්බරි අත්දැකීම් විස්තර කරනගමන් කෑම කාපු එක :p
දන්නවනෙ ඉතින් ඒ කාලෙදි කෑම කන හැටි.බත් මුල මේසෙ උඩින් තියල අරින්න විතරයි ඕනි සටපටස් ගාල වාශ්ප වෙනවනෙ.මාලු කෑල්ල හරි මස් කෑල්ල හරි අහු උන එකාට නම් නියමයි.මැල්ලුම වගේ අතට අහු උනොත් ඉතින් ඉවරයි.ඒකටත් අත දාන්න පරක්කු උනොත් ඉතින් අරන් දුවන්න වෙන්නෙ බත් කොලේ හරි පත්තර කොලේ හරි තමයි :D
එදා ඉතින් වැඩිය කට්ටිය හිටපු නැති එකේ සෑහෙන කාලෙකට පස්සෙ දුගී දුප්පත් යාචකයො රැලක් වගේ බජව්වක් දාගෙන හෙමින් හෙමින් කෑම කන්න අපිට ලැබුන.

ඉතින් ඔහොම ඉන්න අතරෙ ඔන්න ඉතින් දැන් අපේ සෙට් එකේ දෙතුන් දෙනෙක්ම එදා ඇවිත් තිබුනෙ නෑ ඉස්කෝලෙ.ඒ අතරෙ කොහොම හරි අපේ එකම බොක්කක් හිටියෙත් නෑ පේන්න.අපි දැනට මෑන්ස්ට ප්‍රියාන් කියල කියමුකෝ.කොහොම හරි දහසකුත් කතා මැද්දෙ ඇයි අද ප්‍රියානය ඉස්කෝලෙ ඇවිත් නැත්තෙ කියන තැනට වෙනකල් කතාව ආව.ඒත් එක්කම පැනපු ගමන් එකෙක් කියපි............
මිනිහ මැච් එකකට ගිහින්.මැච් එකෙන් පස්සෙ පොඩි වලියක් ගිහින්.වලියෙදි කාපු පාරකට මුගෙ ඇට දෙක පුපුරල කියල.
අහපු ගමන් අපිට හිතාගන්න බැරි උනා මොකෝ උනේ.යකෝ එහෙනම් සැර පාරක් වැදිල ඇති කියල අපිට හිතුනෙ.මෙන්න මේ වගේ රූපයක් තමා හරියටම හිතේ මැවුනෙ

ඒ අස්සෙ කට්ටියගෙ කටවල් ඇරිල.බලාගත් අත බලං ඉන්නව සෙට් එකම දැන් මුකුත් හිතාගන්න බැරිව.ඒ අස්සෙ මට එහා පැත්තෙ හිටපු එකා හෝ ගාල කහිනව.බැලින්නම් ඌට කෑම හිරවෙලා

ඇහුන දේ හරිමද මන්ද කියල හිතුනු නිසා මං ආයෙත් ඇහුව " ආපහු කියපිය බලන්න " කියල.බැලින්නම් මූ කියල තියෙන්නෙ ඇට දෙකක් පුපුරල කියල.මූ බත් කටක් ගිලින ගමන් කියපු නිසා අන්තිම අල් කයන්න "ක්" ශබ්ද වෙලා නෑ.

පස්සෙ තමා මූ කීවෙ මැච් එක ඉවර වෙලා ගිය වලියෙන් බෙල්ලට වැදුනු පාරක් නිසා බෙල්ලෙ ඇට (අස්ථි) දෙකක් බිඳිල අරූව ඉස්පිරිතාලෙ නවත්තල කියල :p

කොහොමින් කොහොම හෝ අපිට අන්තිමේ වුනේ අර කෑම හිරවෙච්ච එකාව ඉස්පිරිතාලෙ අරං යන්න :D
තව පොඩ්ඩෙන් මේකාගේ ඇට දෙක පුපුරනවා!!!!
ReplyDeleteහික් හික් හික් :p
Deleteඇට දෙක පරිස්සම් කර ගනින් කිදුරො... පිපුරුවොත් සොරිම තමා..
ReplyDeleteඅලේ මං නෑ ඔය ඇට කැඩෙන වලි වලට :v :D :p
Deleteඅර කෑම හරිවෙච්ච එකාගේ මොනාද පිපිරුවේ?
ReplyDeleteමිනිහ අදටත් යහතින් :v :D
Deleteඅයියෝ ඇට දෙක හික්ස්
ReplyDelete:p
Deleteමෙයා කාලෙකින් ලියලා හිකිස්... ඉදලා ඉදලා ලියලා තියෙන්නෙත් කුප්ප කතාවක්මයි නේ හිකිස්....
ReplyDeleteහික් හික්.ඒකනෙ ඒකනෙ අක්කියො.කුප්ප වගේ පෙනුනට එහෙමමත් නෑ අන්තිමේ බලද්දි ;) :p
Deleteතව පොඩ්ඩෙන් ආරංචිය භාගෙට කියලා අහන් හිටපු උන්ට වෙන මොනා හරි වෙනවා..
ReplyDeleteකලින් එහෙම වෙච්චි එකෙක් දන්නැති නිසා හිතාගන්න බැරි උනා නෙව.ඒකයි එක පාරම කටවල් ඇරුනෙ හික් හික් හික් :p ඇත්තමයි පපුවෙ අමාරුව තියෙන එකෙක් හෙම හිටියනම් එතනමයි :D
Delete:) :)
ReplyDelete:)))))))))) :D
Deleteමේ පොඩි කෙල්ල මෙතන මොනවද කරන්නේ. දුවනවා ගෙදර දෙකක් දෙන්න කලින්.
Deleteඅලේ............ එහෙමෙයි.මං දන්න තරමින් නම් හිරුහිමා මට වෙන්නෙ අක්කණ්ඩි කෙනෙක්.හෑ ඒ කියන්නෙ ලියන මටත් මෙව්ව ඔට්ටු නැතිවද මන්දා o.O
Deleteහුක්කි හුක්කි හුහුහුහුහුහු වාවගන්න බැ අනි (හිනාව )
ReplyDeleteවාවගනිං වාවගනිං :p තව ඉස්සරහට තව හිනාවෙන්න තියෙනව :v :D
Deleteහික් හික්...බෙල්ලේ ඇට පිපිරුනාට කමක් නැද්ද එතකොට? :)
ReplyDeleteබෙල්ලෙ ඇටත් පිපිරුනාම සෑහෙන දරුණුයි තමා.ඒත් ඒව අපි දැකල තීනවනෙ අයියෝ.අපිට හිතුනෙ නොදැකපු අත්නොවිඳපු දෙයක් එදා වෙලා තියෙන්නෙ කියල එක පාරටම :p
Deleteඅපේ මිනිසුන්ගේ තියෙන කුප්ප කම තමයි. දැන් උවමනාවකටවත් ඇට දෙක, පොල් ලෙලි ගහනවා වගේ වචනයක් පාවිච්චි කලොත් හිතන්නේ කුණු හරුපයක් මයි. අර සෑමගේ බ්ලොග් එකේ තියෙන "කැත හිත් වලට කවි පොඩ්ඩක් බැලුව නම් හරි"
ReplyDeleteසිරාවටම. දැන් සමහර වචන කියද්දී මිනිස්සු අපේ දිහා බලන්නේ හරියට අපි මහා කුපාඩි වගේ.
Deleteඅලේ ඒකනම් සිරාම කේස් එක තමා සුදීක අයියෙ.කොයි තරම් සාපේක්ෂ රාමුවලින් තොරව නිදහස්ව අදහස් දකින්න උත්සහ කලත් බහුතරයක් හිත් වැලට බරයි නෙව හික් හික් හික් ;) :p
Deleteඔව් ඇලෙක්සැන්ඩර් සහෝ.ගූගල් දෙයිය සර්ච් එන්ජින් එකේ ප්‍රමුඛත්වය දෙන පිළිවෙළ මොක උනත් අපේ හිත් වල අසභ්‍යත්වයට පස්සෙ තමා ඉතින් සභ්‍යත්වය තියෙන්නෙ මට පේන්නෙ :v :D
Deleteඅප්පේ වෙච්ච දේයක්.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
හික් හික් හික් :p
Delete