මගේ සුදු පැටියෝ
හිතක් හරි සුන්දරයි
අදින් අපි වෙන් උනත්
මං තවම ආදරෙයි
හිතක් හරි සුන්දරයි
අදින් අපි වෙන් උනත්
මං තවම ආදරෙයි
සිතුම් හරි චන්චලයි
ගතත් මියැදී වගෙයි
පැතුම් අයැදී මගෙන්
තවත් ඔබ ඕනෙ යැයි
ආදරේ හැඳිනගති
ජීවිතේ පසක් වුනි
ඔබ ලඟින් නොමැතිමුත්
වෙන්න මට දිවුරුමක්
කිසිදාක රිදුනට
පැරදී නොහඬන්න
ගෙවෙන හැම මොහොතක්ම
සුන්දරම වෙන්නෙ නෑ
මැරෙන බව දැනගන්න
හැමදාම ඉන්නෙ නෑ
දැනන් විඳවන්නැතුව
ජීවිතය විඳින්න
දැනන් විඳවන්නැතුව
ජීවිතය විඳින්න
මා මලොත් යම් දිනෙක
එන්නෙපා බලන්නට
මතු භවෙත් මට බෑ
පැතුම් සිඳ බිඳගන්න
පෙර සිහින දැක් ලෙසම
කෙදින හෝ මතු දිනෙක
ලස්සනම චූටි පැටියෙක්ගෙ
ලස්සනම අම්මියෙක් වෙන්න
උන්නොත් එදින
පින් දෙන්නම් සසරටම
අනේ මට ඉඩ දෙන්න
මේ කඳුළු වාවන්න
අනේ මට ඉඩ දෙන්න
මේ කඳුළු වාවන්න
දෙයියනේ තවත් අඬන්න බෑ
දැන්නම් පැලෙයි මගෙ පපුව
ඇස් දෙකෙත් කඳුළු නෑ
වියැකිලා ඉදිමිලා
හිතේ දුක ගලලාම
ලේ නහර වියැකිලා
කියන්නට බොහෝ දේ
ඇතත් මගෙ හදවතේ
මේ එයට වර නොවෙයි
නික්ම යන මේ දිනේ
අදත් මට ඇතිනම්
පෙර වගේ ඔබ ලඟින්
උනුහුමට දැවටෙමින්
කෙලිකමින් කොඳුරන්න
ඔබේ නෙත් දෙස බලන්
හෙමින් කවි මුමුනන්න
උකුල මත හිස හොවන්
සනීපෙට හැන්ගෙන්න
පපුව මත උනුහුමට
හෙමින් දඟ පාන්නට
ලෝකයකට වහන් වී
එදා මෙන් තුරුල් වෙන්න
මගේ තොල් අතරින් සතපවා
ඔබේ තොල් පෙති උරා බොන්න
අනේ කෙල්ලෙ මටත් පිස්සු
මේ වෙන් වෙන මොහොතෙ දොඩවන්න
සතුටින් ඉන්න ඔහුත් එක්ක
මට ඒ ඇති
සසර පුරාවටම
ඉතින් මම වෙර දරමි
මව් කිරෙන් කුස පිරුනු පොඩි එකෙක් වගේ
හිනා වෙන බව පෙන්නන්න
මව් කිරෙන් කුස පිරුනු පොඩි එකෙක් වගේ
හිනා වෙන බව පෙන්නන්න
ලස්සන කවි පෙලක්...
ReplyDeleteමූනෙන් හිනාවෙනවා කියලා පෙන්නන් ඉන්න මිනිස්සු හදවතින් දසදහස් වතාවක් අඩනවා. ඒක තමයි ඇත්ත.
ReplyDelete@ දිනේෂ්
ReplyDeleteබොහොම ස්තූතියි දිනේෂ්.ඒත් මේක සිතුවිල්ලක්ම විතරක් නෙමෙයි............ :)
@ බට්ටි
ReplyDeleteඒක නම් ඇත්ත තමයි බට්ටියෙ.කාලයක් මේ සඳකිඳුරත් මුහුදක් තරමටම කඳුළු හැලුව ක්සිතිජයක ලස්සනටයි හැඟීම් වලටයි නතුවෙලා.ඒත් මන් දැන් හිනාවෙනව.මොකද මං ගාවින් ඉන්න මගේ අයට මං නිසා අඬන්න දෙන්න බැරි නිසා.මට මගේ ලෝකෙ ඉන්න හැමෝගෙම සතුට ඕනෙ..... :)
ලෝකෙට කවදාවත් ඔයාගේ දුක පෙන්නලා වැඩක් නෑ මල්ලියො,. ගොඩාක් අයට ඒක වැඩක් නෑ,. සමහරු ඒක එහෙම වෙනවට කැමතියි, එහෙම කථාවකුත් තියෙනවනේ,. . ඒ නිසා හැම වෙලාවකම හිනා වෙලා ඉන්න බලන්න,.ලියන එක තමයි දුක අඩු කරගන්න හොඳම මාර්ගය,.
ReplyDeleteප්‍රාර්ථනා - ඒක නම් ඇත්ත අක්කෙ.මං කොහොමත් ලියන්න නම් චුට්ටක් කම්මැලියා.ඒකයි ටිකක් අඩුවෙන් ලියන්නෙ.ගොඩක්ම කැමති කෙනෙක් එක්ක එක එල්ලේ කතාකරන්නයි :)))))
ReplyDeleteමේකත් කොපය් කරා අය්යේ.. පුදුම විදිහට එක ආදරනියයි
ReplyDeleteThilina.gtr - බොහෝම ස්තූතියි මලේ.... ඒත් කොහෙටැයි කොපි කලේ........ ?
ReplyDeleteලස්සනයි අදහස......
ReplyDeleteහැබැයි දුක වැඩිකමටද මන්දා සමහර තැන් වලදි හැඟීම්බර වැඩි වෙල ද මන්ද.....
මටත් දුක හිතෙනව අප්පේ...... මටත් බොහෝදුරට එමමයි නෙ....
දුක තමයි....
මේ තරුණ හිත හරි පුදුම දෙයක් පවනි.හැම හැඟීමක්ම නැති උනත් සමහර හැඟීම් ටිකක් වැඩි ප්‍රභලත්වයකින් දැනෙනව.දුකත් අයිති වෙන්නෙ ප්‍රභල ගොඩට :)
Deleteඑළ !
ReplyDeleteබොහොම ස්තූතියි සෑම් :)
Deleteඅදමයි මේ පැත්තේ ආවේ.මේ තමයි මං බලපු සඳ කිදුරගේ පළමුවෙනි Post 1.අම්මෝ ඇඩෙනවා.හුගාක් දුක හිතුනා.ආයෙත්නම් මේ වගේ දුකක් දැනෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම් මමත් මේක නම් ගොඩක්ම දුකින් ඉන්න වෙලාවක ලිව්වෙ.මේකනම් මගෙ ඇත්තම ජීවිත අත්දැකීමක්.ස්තූතියි කුමරියනි :))))
Delete