කිඳුරු සේනාව

Thursday, November 17, 2011

අදින් අපි වෙන් උනත් මං තවම ආදරෙයි



මගේ සුදු පැටියෝ
හිතක් හරි සුන්දරයි
අදින් අපි වෙන් උනත්
මං තවම ආදරෙයි

සිතුම් හරි චන්චලයි
ගතත් මියැදී වගෙයි
පැතුම් අයැදී මගෙන්
තවත් ඔබ ඕනෙ යැයි

ආදරේ හැඳිනගති
ජීවිතේ පසක් වුනි
ඔබ ලඟින් නොමැතිමුත්
වෙන්න මට දිවුරුමක්

කිසිදාක රිදුනට
පැරදී නොහඬන්න
ගෙවෙන හැම මොහොතක්ම
සුන්දරම වෙන්නෙ නෑ
 
මැරෙන බව දැනගන්න
හැමදාම ඉන්නෙ නෑ
දැනන් විඳවන්නැතුව
ජීවිතය විඳින්න

මා මලොත් යම් දිනෙක
එන්නෙපා බලන්නට
මතු භවෙත් මට බෑ
පැතුම් සිඳ බිඳගන්න

පෙර සිහින දැක් ලෙසම
කෙදින හෝ මතු දිනෙක
ලස්සනම චූටි පැටියෙක්ගෙ
ලස්සනම අම්මියෙක් වෙන්න

උන්නොත් එදින
පින් දෙන්නම් සසරටම
අනේ මට ඉඩ දෙන්න
මේ කඳුළු වාවන්න

දෙයියනේ තවත් අඬන්න බෑ
දැන්නම් පැලෙයි මගෙ පපුව
ඇස් දෙකෙත් කඳුළු නෑ
වියැකිලා ඉදිමිලා
හිතේ දුක ගලලාම
ලේ නහර වියැකිලා

කියන්නට බොහෝ දේ
ඇතත් මගෙ හදවතේ
මේ එයට වර නොවෙයි
නික්ම යන මේ දිනේ

අදත් මට ඇතිනම්
පෙර වගේ ඔබ ලඟින්

උනුහුමට දැවටෙමින්
කෙලිකමින් කොඳුරන්න

ඔබේ නෙත් දෙස බලන්
හෙමින් කවි මුමුනන්න

උකුල මත හිස හොවන්
සනීපෙට හැන්ගෙන්න

පපුව මත උනුහුමට
හෙමින් දඟ පාන්නට

ලෝකයකට වහන් වී
එදා මෙන් තුරුල් වෙන්න

මගේ තොල් අතරින් සතපවා
ඔබේ තොල් පෙති උරා බොන්න

අනේ කෙල්ලෙ මටත් පිස්සු
මේ වෙන් වෙන මොහොතෙ දොඩවන්න

සතුටින් ඉන්න ඔහුත් එක්ක
මට ඒ ඇති
සසර පුරාවටම

ඉතින් මම වෙර දරමි
මව් කිරෙන් කුස පිරුනු පොඩි එකෙක් වගේ
හිනා වෙන බව පෙන්නන්න



14 comments:

  1. ලස්සන කවි පෙලක්...

    ReplyDelete
  2. මූනෙන් හිනාවෙනවා කියලා පෙන්නන් ඉන්න මිනිස්සු හදවතින් දසදහස් වතාවක් අඩනවා. ඒක තමයි ඇත්ත.

    ReplyDelete
  3. @ දිනේෂ්
    බොහොම ස්තූතියි දිනේෂ්.ඒත් මේක සිතුවිල්ලක්ම විතරක් නෙමෙයි............ :)

    ReplyDelete
  4. @ බට්ටි
    ඒක නම් ඇත්ත තමයි බට්ටියෙ.කාලයක් මේ සඳකිඳුරත් මුහුදක් තරමටම කඳුළු හැලුව ක්සිතිජයක ලස්සනටයි හැඟීම් වලටයි නතුවෙලා.ඒත් මන් දැන් හිනාවෙනව.මොකද මං ගාවින් ඉන්න මගේ අයට මං නිසා අඬන්න දෙන්න බැරි නිසා.මට මගේ ලෝකෙ ඉන්න හැමෝගෙම සතුට ඕනෙ..... :)

    ReplyDelete
  5. ලෝකෙට කවදාවත් ඔයාගේ දුක පෙන්නලා වැඩක් නෑ මල්ලියො,. ගොඩාක් අයට ඒක වැඩක් නෑ,. සමහරු ඒක එහෙම වෙනවට කැමතියි, එහෙම කථාවකුත් තියෙනවනේ,. . ඒ නිසා හැම වෙලාවකම හිනා වෙලා ඉන්න බලන්න,.ලියන එක තමයි දුක අඩු කරගන්න හොඳම මාර්ගය,.

    ReplyDelete
  6. ප්‍රාර්ථනා - ඒක නම් ඇත්ත අක්කෙ.මං කොහොමත් ලියන්න නම් චුට්ටක් කම්මැලියා.ඒකයි ටිකක් අඩුවෙන් ලියන්නෙ.ගොඩක්ම කැමති කෙනෙක් එක්ක එක එල්ලේ කතාකරන්නයි :)))))

    ReplyDelete
  7. මේකත් කොපය් කරා අය්යේ.. පුදුම විදිහට එක ආදරනියයි

    ReplyDelete
  8. Thilina.gtr - බොහෝම ස්තූතියි මලේ.... ඒත් කොහෙටැයි කොපි කලේ........ ?

    ReplyDelete
  9. ලස්සනයි අදහස......
    හැබැයි දුක වැඩිකමටද මන්දා සමහර තැන් වලදි හැඟීම්බර වැඩි වෙල ද මන්ද.....

    මටත් දුක හිතෙනව අප්පේ...... මටත් බොහෝදුරට එමමයි නෙ....
    දුක තමයි....

    ReplyDelete
    Replies
    1. මේ තරුණ හිත හරි පුදුම දෙයක් පවනි.හැම හැඟීමක්ම නැති උනත් සමහර හැඟීම් ටිකක් වැඩි ප්‍රභලත්වයකින් දැනෙනව.දුකත් අයිති වෙන්නෙ ප්‍රභල ගොඩට :)

      Delete
  10. Replies
    1. බොහොම ස්තූතියි සෑම් :)

      Delete
  11. අදමයි මේ පැත්තේ ආවේ.මේ තමයි මං බලපු සඳ කිදුරගේ පළමුවෙනි Post 1.අම්මෝ ඇඩෙනවා.හුගාක් දුක හිතුනා.ආයෙත්නම් මේ වගේ දුකක් දැනෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් මමත් මේක නම් ගොඩක්ම දුකින් ඉන්න වෙලාවක ලිව්වෙ.මේකනම් මගෙ ඇත්තම ජීවිත අත්දැකීමක්.ස්තූතියි කුමරියනි :))))

      Delete