කිඳුරු සේනාව

Wednesday, November 9, 2011

ප්‍රාර්ථනාව

අනේ මගේ හිතටත්
එන්සයිමයක් වෙන්න ඇත්නම්
කොයිතරම් එහෙනම් මගේ හිත අවට
භාහිර ප්‍රතික්‍රියා චංචල වූවත්
ඒ හැම හිතක් එක්කම පෑහී
මට අදටත් ස්ථාවර ස්වරූපයටම
එලඹෙන්නට තිබුනා
එහෙත් එහෙම නොවූ නියාවෙන්
මගේ ඇස් වල කඳුළු අද
අනේ මටත් එන්සයිමයක් වෙන්න ඇත්නම්.........


ඊයෙ පෝස්ටුව ගැන හැමෝම මට සමාවෙන්න.මීට සඳකිඳුරා

4 comments:

  1. මනුස්ස ආත්මයක් ලබන එක එක්තරා විදියක දුකක් තමයි සහෝ,. ඒත් ඒ ජීවිතේ දුකක් වෙන්නේ අපිම කරන යම් යම් දේවල් නිසා,.

    ReplyDelete
  2. ප්‍රාර්ථනා - ඔව් අක්කෙ.ඒත් මං සතුටු වෙනව ජීවිතේ මේ අත්විඳින සතුට වගේම දුකටත්.මේ කිඳුරු හිත හරියට පොඩි එකෙක් වගේ.ඉක්මනට රිදෙනව.හරිම මුරන්ඩුයි.ජීවිතේ මේ තරම් හිත් සැරිසරන ලෝකයක මගේ හිත විතරක් මාත් එක්ක තනිවෙලා කියන එක දැනෙද්දි තමයි දරාගන්න අමාරු අක්කෙ.මට ආදරේ දැනුනු කෙනා මට හිමිවෙන එකක් නම් නෑ.එයා මාව දාල යන්නෙත් නෑ.මට යන්න කියල කියාගන්නත් බෑ.අනේ මං අසරණයි.......... :((((

    ReplyDelete
  3. හ්ම්ම්... මට තේරෙනවා මල්ලි, කොහොමද කියලා අහන්න එපා.. ඒත් මට තේරෙනවා,. එහෙම හැඟීමක් හරිම වේදනාකාරීයි තමයි,. ඒත් මොනවා කරන්නද? හිත ටිකෙන් ටික හදාගන්න බලන්න,..

    ReplyDelete
  4. ප්‍රාර්ථනා - හිත හදාගෙන ඉවරයි කියල දැනෙන හැම වෙලාවකම මොකක් හරි නිසා හිත පෑරෙනව.ඒත් මගෙ හොඳම දේ තමයි අනිත් අයට සාපේක්ෂව මට මගේ සිතුම් රටාවලට ඉක්මනට බලපෑම් එල්ල කරන්න පුළුවන් එක.මේ කඳුළු පෙරාගෙන ඇඬුවත් තවත් මොහොතින් හිනාවෙනව.ස්තූතියි අක්කෙ මගෙ ලඟින්ම ඉන්නවට :)))))

    ReplyDelete