කිඳුරු සේනාව

Sunday, April 29, 2012

මම සඳකිඳුරෙක් වුන හැටි




ඕනෙම කෙනෙකුගෙ හීන වලට උප්පත්තියක් තියෙනව.මටත් ඒ වගේ.මීට ගොඩක් ඉස්සරින් මාත් ඔයාල හැමෝම වගේ තවත් එක මනුස්සයෙක්.ඒ කාලෙදි මටත් කකුල් දෙකක් තිබුනා.දැන් වගේ කොරල වලින් පිරුනු දිග කිඳුරු වරලක් නෙමේ.මමත් ඔයාල හැමෝම වගේ ඇවිද්ද, හිනා උනා, කතා කලා, ඒ කාලෙදි මං මුහුදටත් ගොඩක් බයයි.


ඒත් කාලය ගෙවෙද්දි ගොඩක් දේවල් උනා.ඒ කාලය මෙතෙකයි කියල නම් මට මතක නෑ.
මොකටද නිකම් වයිවාරන අරුමෝසම් වචන.මං කෙලින්ම කියන්නම්කො කතාව.


එතකොට සඳකිඳුර සාමාන්‍ය පෙළ ලියල ගෙදර ඉන්න කාලෙ.අවුරුදු 11ක අධ්‍යාපන කාලෙකින් පස්සෙ හිස් බවක් දැනුනු, ජීවිතේ පාවෙනව කියල දැනුනු සමයක්.ගෙදරටම වෙලා ඉද්දිත් කම්මැලිනෙ.ඒත් ඉතින් ගෙදරින් ඒ කාලෙදි එලියට බැහැල එහෙ මෙහෙ යන්න ගියෙත් නෑ.එතකොට මං ඉන්ටනෙට් ගැන වැඩිය දන්නෙත් නෑ.පොතේම එල්ලිල හිටපු පොත් ගුල්ලෙක් මං ඒ කාලෙ දැන්නම් පොත් අහලින් වත් යන්නෙ නැටි උනාට.පොත් ගුල්ල කියුවෙ ඉතින් ඉගෙනගන්න පොත් කියවලම නෙමේ.අනංමනං පොත් කියවල.


ඔන්න ඔය කාලෙදි තමා සඳකිඳුරට ජීවිතේ පලවෙනිම ආදරේ [ තේරෙන කාලෙදි ඇතිවුනු පලවෙනි ආදරේ.නොතේරෙන කාලෙත් 2පාරක් ආදරේ කලා.පලවෙනිම එක මොන්ටිසෝරි ප්‍රේමයක්.දෙවෙනි එක 8 වසරෙදි.ඒ ආදරෙ මගෙ හිතේ ඉපදිලා හිතේදිම මැරුනු එකක්.හරියට වන් මෑන් ෂෝ එකක් වගේ ] හම්බවුනේ. සඳකිඳුර ඒ වෙද්දි පානදුරේ උන්නට එයා එතකොට හිටියෙ ජාඇළ.සතියකට පාරක් කොහොමින් කොහොම හරි ජාඇළත් ගිහින් ආව සඳකිඳුර ඉතින්.එයාව හම්බුනු හැටි සහ ප්‍රථම හා අවසන් ප්‍රේමයේ රස මුසු තැන් අවදි කරන්නම්කො ඊලඟ පෝස්ටුවෙන්.මේ කියන්නෙ මං සඳකිඳුරෙක් වුනු හැටිනෙ :)






කොහොමින් කොහොම හෝ හැලහැප්පීම් ගොඩක් මැද පලවෙනි බූට් පාර නම් කෑව.ඔය අතරෙදි හිත හදාගන්න බැරිම තැන ඒක අමතක වෙන්න වෙන වෙන දේවල් කරන්න පටන් ගත්ත.


දැන් සඳකිඳුරගෙ වෝටපෲෆ් ජංගම දුරකතනයෙ තියෙන්නෙ ඩයලොග් එකක් උනාට එතකොට නම් තිබුනෙ මොබිටෙල් එකක්.සල්ලි වලිනුත් ඒ හැටි අඩුවක් නොතිබුනු එකේ සල්ලි කාල හිත හදාගන්න හොඳම ක්‍රමේ වුනේ මොබිටෙල් චැට් සේවය


හප්පේ........... 500ක් එහෙම දැම්මම කොහේ යනවද කියල හොයන්නවත් බෑ යාලුවො ටිකක් චැට් එකට සෙට් වුනාම.පැය 2කින් විතර සල්ලි ඉවර වෙලා චැට් එකෙන් එලියට යන්නෙ ආපහු ඉතින් ඉකි නොගැහුනත් පට්ටම දුකෙන්.


ඒ කාලෙදි චැට් එකේ මගේ නම වුනේ "pure love" .;) බූට් කාපු අළුත නෙව.ජීවිතේ පලවෙනිම බූට් එක කෑවම කොහොමත් හරිම අමුතු අමුතු වෙනස් කම් වෙනව.කාපු එවුන් ඉතින් දන්නව ඇතිනෙ......


හිතේ දුක නිරායාසයෙන්ම මැකෙන්න යාලුවො කියපු කරපු දේවල් ඇත්තටම ගොඩක් උදව් උනා.ඒ කාලෙ  මට හම්බුනු හොඳම යාලුවො අතර "lavender beauti" , "tit-mouse" , "sinikate" වගේ නම් තාමත් මතකයි.අනේ ඒ අතර තවත් ගොඩක්ම කිට්ටු කෙනෙක් හිටිය.එයාගෙ නම මතකෙට එන්නෙම නෑ.


අපි පැය ගණන් චැට් කරන්න ඇති ඒ කාලෙ.ඉතින් කොහොමත් කාලෙ ගැන නිච්චියක් තිබ්බෙත් නෑනෙ පාඩම් වැඩකුත් ඒ හැටි නැති නිසා.


ඒ කාලෙ ඉඳන්ම ඉතින් මං ටිකක් පැණිය.දැන් නම් එහෙම නෑ ඉතින්.සමහර සමහර දේවල් ජීවිතේ තේරුම් යනවත් එක්කම පිටිපස්සෙන් යාමේ ආසාව අඩු වෙලා ගියා.ඊට වඩා දේවල් තියෙන බව තේරුනා
කොහොමින් කොහොම හෝ ඒ කාලෙදිත් මං නංගිලත් එක්ක වැඩියෙන් කියෙව්වෙ නෑ.මටත් නංගියෙක් ඉන්න නිසා නංගිලට පූර්වව විවෘත වෙන්න හිතුනෙ නෑ.ඒ කාලෙ ඉඳන්ම ඉතින් රුචිකත්වයෙ මුල් තැන හිමිවුනේ අක්කලට [ හැබැයි තේරෙන කාලෙදි මුලින්ම ආදරේ කලේ නම් නංගියෙක්ට.ඒක අනපේක්ෂිත දෙයක් ]. ඒ කාලෙදි මගේ ජීවිතේට එකතුවුනු අක්කල තාමත් මගෙ ජීවිතේ ඉන්න කොටස්කාරියො තමා. එයාල දැන් ඇත්තටම මගෙ සහෝදරියො වෙලා


ඔය කාලෙදි මට හම්බුනා මගේ නමේ උප්පත්තියට වගකීම් දරන ඒ අක්කව.අක්කෙක් කියල දැනගත්තට ඊට වඩා දෙයක් නම් දන්නෙ නෑ.ඒත් ඒ අක්ක මගෙ ජීවියේ සම්පූර්නයෙන්ම වෙනස් කලා


මුලින් මුලින් මහ පන්ඩිත අක්කෙක් කියල හිතුනත්, පස්සෙ පස්සෙ මං ගැන හිතන නිසානෙ මේ දේවල් කියන්නෙ කියල හිතුන.ජීවිතේ හිතුනු හිතුනු හැමම හැමදේම එයත් එක්ක බෙදාගන්න මං පසුබට උනේ නෑ.මොකද අපි පාවිච්චි කරන්නෙ හුදෙක්ම වචනම විතරක් නිසා.ඒ අතර සීමා මායිම් තිබුනෙ නෑ.මට ඒ කාලෙදි ඇතිවුනු හැම ප්‍රෂ්නෙකට එයා කොහොමින් හරි උත්තර දුන්න.ඒ අතර හරි දේවල්, වැරදි දේවල්, සහෝදරකම් වගේම සදාචාරයෙන් එහා ගිය දේවලුත් තිබුන.මං අදටත් දන්නෙ නෑ මං ඒ තරම් විවෘත උනු එක හරිද වැරදිද කියල.බූට් මානසිකත්වයෙන් තිබුනු මගේ හිත නම් සහමුලින්ම වෙනස් වුනා.ලෝකය ලස්සනට පේන්න පටන් ගත්ත.ජීවිතේ විඳින්න පටන් ගත්ත


මට හොඳටම විශ්වාසයි එතන ආදරයක් නොතිබුනත් එක කුස නූපන් එකියක වෙනුවෙන් සහෝදර කැක්කුමක් පපුවෙ ලේත් එක්ක කලවම් වුනු වග.ඒදේ අපි දෙන්නටම ගොඩක් දැනුන.ගොඩක්
නමින් මම "pure love" වෙද්දි එයගෙ නම වුනේ "sandakinduri"






ජීවිතේ අදටත් මගේම අම්මගෙ කුසෙන් බිහි නොවූවත්, මට මගේ කියල 100% ක්ම හිතෙන අක්කල දෙන්නෙක් ඉන්නව.වරද්දගන්නෙපා මේ කියන්නෙ ආදරේ ගැන නෙමේ.ජීවවිද්‍යාත්මකව නොවූ ඒත් හිතෙන් ඉඩ වෙන්වුනු හුදෙක්ම සහෝදර ප්‍රේමය ගැන.ඒ දෙන්නටත් අදටත් එහෙමයි.ඒ මගෙ නදීෂ අක්කයි, නිල්මිනී අක්කයි.මං සයිලන්ට් එකෙක් කියල සමහරු කියනව.මට මගේමයි කියල දැනෙනවනම් උඹලට මට වඩා විසේ තියෙන එකෙක් තවත් හොයාගන්න බැරිවෙයි බං.ජීවිතේ තවත් මගෙම කියල හිතෙන අක්කල 3 දෙනෙක් මේ බ්ලොග් අවකාශයෙනුත් මට හම්බුනා.ඒත් ඒ කාටවත් මං එහෙම සහෝදරත්වයක් හිතේ තියෙන බව තවමත් කියල නෑ.තුන් දෙනාව ඔන්න කියනව.මුකුත් කියනව එහෙම නෙමේ.නිව් රිලීස්........ වර්ණා අක්ක, චතුමිතූ අක්ක, ප්‍රාර්ථනා අක්ක


ජීවිතේ මූනට මුනගැහුනු සම්බන්ධතා රැකුනත් මෙතෙක් ජීවිතේ මට ගොඩක්ම සහෝදරත්වය ගැන කියාදීපු "sandakinduri" දැන් මගේ ජීවිතේ නෑ.ඒත් ඒ අක්ක මට හෙමි හෙමින් කියාදීපු සහෝදරකමේ ශක්තියට මං තාමත් ගොඩක් ආදරෙයි, ණයගැතියි.



ඒ සහෝදර කම වෙනුවෙනුයි එතෙක් නිකන්ම නිකන් එකෙක් වුනු මම සඳකිඳුරෙක් වුනේ.ඒකයි මම තවමත් මියැදෙන මොහොත දක්වාම මේ අවකාශයෙ එකම සඳකිඳුර වෙලා ඉන්න කැමති.


හුදෙක් හදවත් දෙකක් තුල ඇතිවන ආදරය ඕනෙම මොහොතක මිය යන්න පුලුවනි.ඒත් සහෝදරකම් මියැදෙන්නෙ නෑ


අයියල, මල්ලිල, නංගිල, අක්කල හැමෝටමයි මේ දේ කියන්නෙ.කිඳුරු හිතක ඇතිවුනු සහෝදරකම් කවදාවත් මියැදෙන්නෙ නෑ



ප.ලි :- මූනට මුන නොගැහුනු ලොකු ලොකු බ්ලොග් කරුවන්/කාරියන් ගැන නම් දන්නේ නැත.ඒත් මෙතෙක් මුනගැහුනු උඹල හැමෝටම මං ගොඩක් ආදරෙයි බං.මරණයෙන්වත් අවසන් නොවන සහෝදරත්වයන් වෙනුවෙන් එකට ජීවත් වෙමු.කවදහරි මං මැරුනු දවසක ජීවත් වෙන හැමෝම වරෙල්ල.අඩුම තරමින් තේ, මාරි නැති උනත් මිනියවත් තියේවි උඹලට බලල යන්න.එතෙක් ජීවිතේ හැමදේටම ලඟින් හිටහල්ල :)



42 comments:

  1. එකම උපදේශය : වර්චුවල් ලෝකයේ කිසිදු සමීප හිතවත්කම් ඇති කරගන්න එපා මල්ලී.. ඒවා සමහරවිට හෙනම කරදර ගොඩකින් ඉවර වෙන්නේ.. මම කියන්නේ උඩ නම් කියලා තියෙන අය ගැන නෙවෙයි.. ඒත් පරිස්සමින්..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ.ඒකත් ඇත්ත.එහෙමත් නොහිතුනා නෙමේ.ජීවිතේ අත්දැකීම් අඩු උනත් ප්‍රවේසම මුල් තැනට දන්න තරමින් හෝ තියලයි කටයුතු කරන්නෙ.යම් යම් තැන් වල අත්දැකීම් තියෙනව පියාඹන තොප්පි වැටිලත් :)

      Delete
  2. //මෙතෙක් මුනගැහුනු උඹල හැමෝටම මං ගොඩක් ආදරෙයි බං.මරණයෙන්වත් අවසන් නොවන සහෝදරත්වයන් වෙනුවෙන් එකට ජීවත් වෙමු.කවදහරි මං මැරුනු දවසක ජීවත් වෙන හැමෝම වරෙල්ල.අඩුම තරමින් තේ, මාරි නැති උනත් මිනියවත් තියේවි උඹලට බලල යන්න.එතෙක් ජීවිතේ හැමදේටම ලඟින් හිටහල්ල//

    හැමදාමත් හොද යාළුවෝ ළගින්ම ඉන්නවා මචං...

    ReplyDelete
  3. ඔයා කිඳුරෙක් වුනු හැටි නම් දැන්ගත්තු එක ශෝයි!!! හ්ම්ම්... වර්චුවල් ලෝකෙ හම්බෙන සමහරු අපේ ඇත්ත ජීවිතේ හම්බෙන යාලුවන්ටත් වඩා හොද වෙන්න පුලුවන්. මොකද මටත් එහෙම දැනිලා සහ, මගේ හොදම යාලුවො එහෙම වෙලා තියෙනවා..

    හැබැයි අර අභීත අයියා කිව්වා වගේ කරදරකරී වුනු අවස්ථාත් තිබුණා...

    ඔයාට ජය!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කණ්ඩි :)
      ඔව් මෙතෙක් කල් නොතිබුනත් දැන් දැන් සයිබර් යාලුවන් දවසින් දවසම කිට්ටු වෙනව අනිත් අයට වඩා.හැබැයි මං මේ සයිබර් අවකාශය තුල දකින මිතුදම වෙන යම්වූ තැන් වල නැති තරම් සමහර විටක.ප්‍රශ්නත් නැතුවම නෙමේ.දැනට නම් සතුටින්.ඉදිරියටත් මේ වගේ හැමෝගෙම සතුට දකින්න ආසයි :)

      Delete
  4. හ්හ්ම්ම්ම්ම්.......... වර්චුවල් ලෝකේ තුල අනවශ්‍ය පරිදි විවෘත වෙන එකනම් හොඳ වැඩක් නෙවෙයි.....
    ඒත් පුද්ගලයන් අදුරගෙන මුගැහිල කථා බහකරල තේරුම් ගත්තට පස්සෙ ශක්තිමත් බැඳීම් ඇති කරගත්තට කමක් කෑ

    ReplyDelete
    Replies
    1. විවෘතත්වය හැම තිස්සෙම සම්බන්ධයේ ශක්තිය මත රඳාපවතිනව.ඒත් මේ මිතුදම් හිතනවට වඩා ඉක්මනට ශක්තිමත් වෙනව :)

      Delete
  5. කිඳුරු අනාගතේට ජය....

    ReplyDelete
    Replies
    1. අලේ බොහොම ස්තූතියි රාජ් අයියෙ :))))

      Delete
  6. මේ බ්ලොග් නිසා මුණගැහුන යාළුවෝ අනිත් අයට වඩා හොදයි කියලා මටත් දැන් නම් හිතිලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සහෝ.හැමෝම නැති උනත් ජීවිතේ ඕනෙම දේකට බොක්කෙන්ම සපෝට් කරන එවුන් දැනටත් මේ අවකාශයෙන් ගොඩක් හම්බුනා.ඒ සමහරු ඒ විදිහටම ඇතැම් තැන් වලදි ලඟින් ඉඳලත් තියෙනව :)

      Delete
  7. ඊයේ පොස්ට් එකේ මුල ටික විතරයි කියෙව්වේ. අද තමයි ඔක්කොම කියෙව්වේ.
    සඳකිදුරා කියන්නේ ඇත්තම හොඳ මල්ලි කෙනෙක් කියලා මට දැනුනේ එදා ගාල්ලේ යන දවසේ පරක්කු වෙලා, කොටුවේදී මම කෝල් එකක් දුන්නු වෙලාවේ. එදා ඔයයි රාජ් අයියයි අපිව එක්කගෙන යන්න ආව වෙලාවේ සහ ආපහු අපිව රෑ උණු නිසා ගෙදරටම ඇරලවපු වෙලාවේ ඒ සහෝදරකම තවත් වැඩි උනා මල්ලි. එදා අවුරුදු උත්සවේදී hug එකක් දුන්නෙත් අන්න ඒ සහෝදරකම හදවතේ මගෙත් තිබුණු නිසා.
    බ්ලොග් ලෝකේ මට හම්බුනු යාළුවො හැබෑ ලෝකෙදි ඉන්න යාලුවොන්ට වඩා දාහකින් හොඳයි කියලා හිතුනු වාර ගණන අනන්තයි.
    මල්ලිගේ හැම කටයුත්තකදීම මේ සහෝදරියන්ව අමතක නොකරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය

    ReplyDelete
    Replies
    1. මාත් උඩ පැන පැන hug ඉල්ලුවට මොකෝ, ලැබුනෙ නම් අත්වල ඇඟිලි වලට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න ;) ඒ අතරෙ ඕන් මගෙ වර්ණ අක්කණ්ඩිත් ඉන්නව.අමතක නෑ අක්කෙ මුකුත් අදටත්.අමතක කරන්නෙත් නෑ.හම්බුනේ අවස්ථාවල් දෙකකදි උනත් ඒ අවස්ථා 2 තුල ගොඩක් කරුණු කාරනා තිබුන සහෝදරකමකට.ඒකයි මේ බ්ලොග් අවකාශෙදි මාත් එක්ක ගොඩක්ම සමීපම අතලොස්සෙ අක්කත් විශේෂම තැනක ඉන්නෙ.ඇත්තටම මේ ලෝකෙ වර්චුවල් උනත් ඉන්න රියල් යාලුවන්ට වඩා මුන් හැමෝම දැන් එන්න එන්න කිට්ටු වෙනව.ජීවිතේ වටිනාකියන හැම තැනකදිම මං අක්කව අමතක කරන්නෙ නෑ අක්කෙ.අක්කත් එහෙම නේ :)))) අලේ එහෙනම් උඩ පැනල දාන්න 5ක් ;)

      Delete
  8. අපිත් උඹට ආදරෙයි බං..
    ජයෙන් ජයම වේවා!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ........... මාත් උඹල හැමෝටම ආදරෙයි :)

      Delete
  9. විවිධාකාරයේ මිනිස්සු ආශ්‍රය කරලා ගන්න අත්දැකීම් සෑහෙන්න වටිනවා මල්ලි.

    ජයවේවා......!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...... අනිවාර්යයෙන්ම.අදටත් මේ විදිහට අපි ඉන්නෙ මෙතෙක් එකතු කරගත්තු අත්දැකීම් නිසා.ජය :)

      Delete
  10. අයියෝ මචන් ජීවිතේ කියන්නේ ඕකට තමා හැමදේම පිරෙන එක හොදයි මතකයට

    මේ උබද අර ටිකක් ලොකු එකා සයිබර් අවකාශෙට ඇවිත් හිටපු?

    ReplyDelete
    Replies
    1. :o [ලොකු.ඒ කියන්නෙ මූ මාව දැකලද????] අලේ නෑ නෑ මේ නෑ මේ මං තමා එතන හිටපු සුට්ටිම එකා ;)

      Delete
  11. අන්තිම ටික කියවද්දී මොකද්දෝ දැනුණා මල්ලි. සතුට, දුක, කලකිරීම වගේ හැඟීම් ගොඩක එකතුවක් වගේ......

    එක එක්කෙනා ව ඇසුරු කරලා අපි ලබන දේවල් අතරේ අත්දැකීමුත් ගොඩක් වැදගත්. ඒ හැමදේකින් ම අපේ ජීවිතේ තව තවත් අර්ථවත් වෙනවා..........

    ~~~**Daga Malla**~~~

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අක්කණ්ඩියෙ.මටත් තේරුම් ගන්න බැරි තරමේ හැඟීම් ගොන්නක් මෙතන ඇති සමහර විට.ඇත්තටම ජීවිතේ ඇතැම් තැන් වලදි වරින් වර උනු සිද්දි නිසා අත්දැකීම් නම් ජීවිතේට ගොඩක් එක්වෙන්න ඇති.සමහර දේවල් අදටත් රසවත්.ඒ වගේමයි සමහර දේවල් අදටත් නීරසයි.රස මොකක් උනත් ඒ හැමදේකටම ජීවිතය කියන සාපේක්ෂ රාමුව තුල අරථ ගන්වන්න නම් පුළුවන් උනා ඒ අත්දැකීම වැදගත් වෙන අවස්ථා වලදි.තවමත් එහෙමයි.ජීවිතේ මිනිසුන් අධ්‍යයනයත් නියම රසවත් දෙයක්.කෙටියෙන්ම කියන්ව නම් පට්ට සොමි ;)

      Delete
  12. අපි දනී කිඳුරගෙ දාංගලේ... හික් හික්... උඹෙ අර චයිනීස් පෝන් එක කොයි... වතුර ගිහින් විසි කොළාද? අපලාදෙ බං... ලව් යූ කිඳුරා... කස්ටිය හරහට හිතන්නෙපා ඔන්න හික්ස්

    ReplyDelete
    Replies
    1. තිබේ තිබේ ෆෝන් එක.හෑ...... කාගෙද බොල චයිනීස්.අපි ජෙනුයින් කිඳුරො හරිය.හික් හික් හික්.අලේ.......... අයි ලව් යූ ටූ ඕන්...... ;))))))))

      Delete
  13. යථාර්තයත් ඇත්ත ජීවිතයත් එක්ක හැප්පෙන්න..

    ජය පතමි..

    ReplyDelete
    Replies
    1. මෙතෙක් කල් අත්වින්ද ඇත්ත ලෝකය දැන් දැන් ෆේක් වෙලා ෆේක් ලෝකය ඇත්ත වෙනව වගේ.අබුද්දස්ස කාලෙ නෙව ;) ස්තූතියි කොල්ලො :)

      Delete
  14. නංගිලා විතරක් ඉන්න, අක්ක කෙනෙක් නැති කොල්ලෙක්ට ඒ අඩුව ගොඩක් දැනෙනවා. උඹේ කතාව කියවද්දී මට හිතුනේ මේ මගේ කතාව වත් ද කියලා. එක වෙනසක් තියෙනවා. උඹ පාවිච්චි කළේ මොබි චැට් එක.. මම පාවිච්චි කළේ බුකිය.. දල වශයෙන් කතා දෙක ම එක වගේ. (යන්තම් හිතුගෙන් ප්‍රර්ථනා අක්කා බේර ගත්තම උඹත් එනවා නේ බං එයාට අයිතිවාසිකම් කියන්න.. එපා වෙනෝ හොඳේ..)
    ජය!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සහෝ.මොන දේ නැති උනත් මගෙම කියල අක්කෙක් නැති අඩුව නම් දැනෙනව.ගොඩක්ම තදින් දැනෙනව.කියාගන්න බැරි තරමින්.අලේ අලේ ප්‍රාර්ථනා අක්කි මගෙ :p

      Delete
    2. මේ මේ. එව්වා හරි යන්නේ නෑ.. එයා මගේ... වර්ණා අක්කවයි, චතු මිතුවයි ඔයා තියා ගන්න.. හරි ය!!

      Delete
    3. අලේ බෑ........... බෑ බෑ බෑමයි.එහෙනම් අපි දෙන්නත් සහෝදර ගිවිසුමක් ගහමු.එතකොට එයා අපි දෙන්නගෙම ;) කොහොමෙයි මගෙ ටිකිරි මොලේ :p

      Delete
  15. 'හුදෙක් හදවත් දෙකක් තුල ඇතිවන ආදරය ඕනෙම මොහොතක මිය යන්න පුලුවනි.ඒත් සහෝදරකම් මියැදෙන්නෙ නෑ"

    ඇත්ත මල්ලියෝ.. අනේ ඉතින් මගේ නම කිව්වත් නොකිව්වත් මම ඔයා ගාවම තමා මගේ මල්ලියා.. ඔයා ඒක දන්නවනේ ඉතින්. හැමදාටමත් ‍රැ‍ඳෙන මේ සහෝදරකම් වලට තිතක් තියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාර්යයෙන්ම මයෙ අක්කණ්ඩි.ජීවිතේ හැමම හැම මොහොතක්ම මේ ආත්මෙදි මට නොලැබුනු මගෙම අක්කෙක්ගෙ ආදරය මං බලාපොරොත්තු වෙනව.Love you a lot :))))))

      Delete
  16. අත්දැකීම් ජීවිතයට අපූරු පාඩම් ගේනවා....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තම තමයි අක්කියෝ......... :)

      Delete
  17. මොන්ඩි සෝරි ප්‍රේමය... ?? මූ සඳ කිදුර නෙවෙයි කුපාඩි කිදූරා..

    ReplyDelete
    Replies
    1. අලේ අලේ ඒකට කියන්නෙ කුපාඩිකම නෙමේ.සිත් ගවේෂණය ;)

      Delete
  18. මගේ මලයාට අක්කලා වැහි වැහැලා නොවැ.... :)

    ___සිහින මදාරා____

    ReplyDelete
    Replies
    1. ඕන් ඒ අක්කණ්ඩිල ගොඩට අළුතින් මයෙ මදාර අක්කිවත් එකතු කරගන්නවලූ :p

      Delete
  19. දැන් නේ දැනගත්තේ සඳ කිඳුරා වුනේ මොකෝ කියලා....

    ReplyDelete