කිඳුරු සේනාව

Friday, April 27, 2012

කිරිකෝඩු හාදුව


ඔබේ උණුහුමින් පන ලද
හිතේ ඇඳුනු කෝඩු පැතුම
ඉබේ උඩට ඉපිලි ඉපිලි
එන බව දැනුනා

ඇඟේ දුවන රතු ලේ කඳ
හිතේ පිරුනු ආදරයට
වතේ ලපටි රතු පාටක් 
කාටත් පෙනුනා

වටේ සිටින දෙනෝ දහක්
හිතේ මහිමයෙන් මකලා
අපි අපේම ලෝකෙක බව
හිතටම කිව්වා

සදාතනික සුව පහසක
කුඩෙන් අඳුර පිරෙනා විට 
ඔබේ සිනිදු යටි තොල මම
හෙමිහිට ඉම්බා


26 comments:

  1. විනාසයි... ඒත් මරු.. :)

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්............ විනාසදත් අහනව.ඔතනින් තමා විනාසෙ පටන්ගත්තෙ :D

      Delete
  2. මරු කවි පොඩ්ඩ

    ReplyDelete
    Replies
    1. කවිය පොඩ්ඩ උනාට ඔය දේට මුහුන දෙද්දි නම් සෑහෙන වෙලා ගියා ;)

      Delete
  3. හෑ අපි නම් නැහැ ඕවාට

    ReplyDelete
    Replies
    1. හික් හික්......... නෑ කියන එව්වොලු වැඩිපුරම ;D

      Delete
  4. හපොයි, කිඳුර ට ගිය කළ! එන පොට නම් හොඳ නෑ වගේ........... :P

    ~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. හප්පේ.......... සඳකිඳුරා අහිංසකය.තවමත් හාදු දී ඇත්තේ එකම නාදළු යුවලකටය.කාලයේ අරුමය නම් එදා මං සිපගත් නාදළු යුවලම තව එකෙක් ඔරිජිනල් කියා අද සිපගනී ;) කොයි දේ කොහොම උනත් අත්දැකීම නම් සුන්දරයි දඟයෝ :)

      Delete
  5. ඒ මොන රහයිද බං...:P :P

    ReplyDelete
  6. :O :O :O :O කවිය මරු හොඳේ..

    ReplyDelete
    Replies
    1. :D මරු නොවී තියේවියැ මේ වගේ මරු හිතක් තියෙන කිඳුරෙක් ලියද්දි මයෙ අක්කණ්ඩි ;)

      Delete
  7. ඉක්කේයියා.. සික්

    ReplyDelete
  8. ලස්සනයි කවිය..

    ReplyDelete
    Replies
    1. කවිය වගේමයි අරුතත් ;) හා බොරුද :p

      Delete
  9. අනේ අනේ දැන් දැන් මෙකාට හිතෙන දේවල් :/

    ReplyDelete
    Replies
    1. හිතුන දේවල් නම් මදෑ........... මෙව්ව කොරපු දේවල් නෙව o.O :p

      Delete
  10. Replies
    1. තෑන්ක්ස් ආකර්.කොහොමත් ඉතින් මේ කිඳුරත් නියම කිඳුරෙක් තමා ;)

      Delete