කිඳුරු සේනාව

Monday, April 16, 2012

අපේ සයිබර් සිහිනය මෙන්න හැබෑ වෙනෝ.......... තව චුට්ටයි

ආදරණිය බ්ලොග් සහෘදයිනි,

ඔබ සියළු දෙනා දන්නා පරිදි 2012 සයිබර් සිහින උළෙළ සදහා ඇත්තේ තව හරියටම සතියක් පමණි. අවුරුදු උත්සවයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා බ්ලොග් අවකාශයේ අප හා අත්වැල් බදගෙන සිටින සියලුම හිත මිතුරන්ගේ නොමද සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමු. මෙවර බක් මහ උළෙල කේන්ද්‍ර කොට ගෙන සමරු කලාපයක් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති අතර ඒ සදහා අනුග්‍රහය දක්වන මෙන් ඔබ සියලුම දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු.
පහත දක්වා ඇති ආකාරයට මෙහි පිටුවල හිමිකාරිත්වය දැරිය හැකි අතර එහිදී ඔබගේ බ්ලොගය හෝ පෞද්ගලික ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් මෙහි දායකත්වය ලබා ගත හැක.

1. පසු පිටුව - රු 5000 ක්
2 එක පිටුවක් - රු 2000 ක්
3. පිටු භාගය - රු 1000 ක් 
4. පිටු 1/4 - රු 500 ක්.

මෙවර අවුරුදු උත්සව සමරු කලාපය සඳහා ඔබගේ බ්ලොග් අඩවියත් පල කර ගැනීමට අවශ්‍ය නම් මේ මස 16 වන දින (සදුදා) රාත්‍රී 10.00ට පෙර සයිබර් සිහින උළෙල නිල ඊමේල් ලිපිනයට ඹබගේ විස්තර හා සම්බන්ධ කරගතහැකි දුරකථන අංකයක් සහිතව ඊමේල් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

cybernewyearfestival2011@gmail.com 

ස්තුතියි




මේ සයිබර් සිහිනය අපේ විතරක් නෙමේ.අපි හැමෝගෙමයි.අපි හැමෝටම මේ සයිබර් පත්තිරු අතර කැටයම් වෙන ලස්සන ලස්සන හිත් එක්ක හිතේ හැටියට ආදරෙන් හිනාවෙන්න පුළුවන්, අළුත් හිත් වලට ලං වෙන්න පුළුවන්, අළුත් හිත් හැඳිනගන්න පුළුවන් අපිටම වෙන් වුනු අපේම සිහින දවස.හිතේ හැටියට තහනමක් නැතුව ඒ ආදරේ බෙදාගන්න ඔයාල හැමෝගෙම ශක්තිය අපිට ඕනි.අපේ ඒ ලස්සන අහිංසක හීනයෙ සතුට බෙදාගන්න ඕන් මේ සඳකිඳුරත් එදාට එනව ගොඩක් ආදරෙන් ඔයාල හැමෝම එක්ක සතුටින් හිනාවෙන්න.මාවත් මුනගැහිල hug එකක් එහෙම දෙන්න ඕන් අමතක එහෙම කරනව නෙමේ :p

දිනය :- 2012 අප්‍රේල් 22


වෙලාව :- පෙරවරු 9.00 සිට පස්වරු 4.00 වෙනකල්


තැන :- වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනය



මේන්න මේකට ගිහින් ලියාපදිංචි වෙලා, ඔළුව ගැනගන්න පොඩි සපෝට් එකක් දෙන්න එන හැමෝම :)


http://cyberfestival.blogspot.com/

අනිවාර්යයෙන්ම එන්නෝ........... මං බලන් ඉන්නවෝ.......... මතකම ඇතුව මට hug එකක් දෙන්නෝ......... :)



6 comments:

  1. මටත් ඕනා මගේ නම ගහගන්න :පි

    ReplyDelete
  2. එන්න උන්නේ දැංනම් එන්න බයෙත් බෑ කිදුරෙක් බදාගන්න බලාගනනේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. අලේ මේ කිඳුර අහිංසකයි..........බදාගත්තොත් අතහරින් එකක්ම නෑ :D

      Delete
  3. ආවත් උඹට නොපෙනී සිටීමට සිතා ගත්තෙමි.... :)

    ReplyDelete
    Replies
    1. අලේ............ නාකියව බදාගන්නෙ නැතුව කොහොමෙයි.හොයාගෙන හරි ඇවිත් බදාගන්න ඕනි ;p

      Delete