කිඳුරු සේනාව

Monday, April 16, 2012

පෙට්ටියේ රස රහස [18+ මල් වැස්ස]



මේ පුරන් වෙලා ඉරිතලා ගිය මල් වගේ වල් හිත් පොඩි ටික ඕන් මේ සඳකිඳුරට කලකට පස්සෙ මතක් උනා.ඉතින් කොහොමෙයි....... [අතිශය සීරියස් දැනුම්දීමයි ඕන්.ආපහු නොකීවය කියන්න එපා.කැත හිත් නැති මල් වගේ ලමයි එහෙම මෙව්ව කියවනව නෙමේ.ඩබල් මීනිං දන්නෙ නැත්තං බල්ටි ගහපල්ල.කොරන්න දෙයක් නෑ]


පෙට්ටි.......... මොනාද බොල මේ පෙට්ටි කියන්නෙ........ හප්පේ, ඔහොම කතාවක් අපේ එව්වන්ගෙන් එහෙම ඇහුවනම් උන් පැල් බැඳගෙන කියල දේවි පෙට්ටි ගැන.හික් හික් හික්..........


ලොව පෙට්ටි ජාති ගොඩක් තිබේ.සමහර එව්ව කාඩ්බෝඩ් පෙට්ටි.සමහර එව්ව යකඩ පෙට්ටි.ඇයි එතකොට හම් පෙට්ටි [වටිනා වටිනා හම් වර්ග වලින් හදන එව්ව ගැන මං කිව්වෙ.උඹල වෙන මුකුත් එහෙම හිතුනෙ නෑ නේද], තව එතකොට ලොකු පෙට්ටි, පොඩි පෙට්ටි, හිච්චි පෙට්ටි, කැඩුනු පෙට්ටි, අලුත් පෙට්ටි..............උඹල ඉතින් මොනා නැතත් පෙට්ටිය කැඩිලද නැද්ද කියල බලන්න නම් දන්නව.ඉතින් ඔය වගේ එකී මෙකී නොකී පෙට්ටි ජාති ගොඩක් ලෝකෙ තියෙනව.


ලමයි මේ තමයි කාඩ්බෝඩ් පෙට්ටිය



මෙන්න ලමයි කැඩුනු පෙට්ටියක්

මේකට කියන්නෙ යකඩ පෙට්ටිය කියල

මෙන්න දරුවනේ හිල් පෙට්ටිය.ඇතුලට බැහැල හුස්ම ගන්නත් පුළුවන්


















පෙට්ටි තියෙන්නෙ ඉතින් ඇතුලට මොනාහරි දාන්න නෙව.මොන වගේ එව්වද දාන්න පුලුවනි........... එහා ගෙදර නැන්ද කියනව ඇහුන "අවුරුද්ද එන්න කලියෙන් ඕන් ඔය පෙට්ටියට බඩු පුරවන්න" කියල.පෙට්ටියට බඩු පිරවීම බලන්න හොඳ නැති නිසා ඕන් මං බලන්න ගියේ නම් නෑ.එව්ව කැත වැඩ නෙව.ගියොත් ඉතින් අපිටත් හවුල් වෙන්න වේවිනෙ.අත් වන වනා බලන් ඉන්න බෑනෙ
සමහරු ඉතින් කියාවි අනිත් එවුන් බඩු පුරවනකල් අපිට අත වනවනා හිටිය හැකිනෙ කියල.අපේ එවුන්ගෙ අත් වැනුවොත් නොවැනිම තියේවි :D
සමහරු කැමති පෙට්ටි දිහා බලන්න විතරයි.සමහරුන්ට අල්ලන්නත් ඕනි.සමහරු ආසයි නියපොත්තෙන් තට්ටු කරල බලන්න.සමහරුන්ට නම් ඉතින් ඇඟිලි නොගහ ඉන්නම බෑ
කොහොම උනත් ලොකු පෙට්ටියකට පොඩි දෙයක් දානවට වඩා මං නම් හිතන්නෙ පොඩි පෙට්ටියකට හෙමි හෙමින් ලොකු දෙයක් පැක් කරන එක හරිම ඉන්ටරෙස්ටිං වැඩක්.
සමහර පෙට්ටි අළුතින් ගත්ත හරිම අමුතු සුවඳයි.ඉස්සර මට මතකයි අපෙ ගෙදරට අළුතින් පොත් එහෙම ගෙනාවම පිටුවෙන් පිටුවට පෙරලල මන් සුවඳ බලනව.අන්න ඒවගේ තමා සමහරුන්ට කුළුදුලේ පෙට්ටියක් හම්බුනාම.කෝඩුකාර විසේ නෙව.


කතාවෙන් කතාවෙන් උඹලගෙ බලාපොරොත්තු කඩල බිඳල සුන්නද්දූලි කොරන තැනටම ආව ඕන්.හරියට ඇඳුම් පැළඳුම් හදාගෙන අත මේසෙ උඩට අරගනිල්ල.
දැන් මං උඹලට මේ කියන්න යන පෙට්ටිය එකෙක්ටවත් අල්ලන්න, හොල්ලන්න, ලෙවකන්න, උස්සන්න, ඇඟිලිගහන්න වගේ අතවර වලට ලක් කරන්න තහනම්.මඩු වලිගෙකුත් ධීවර අයිය කෙනෙක්ට කියල හොයාගත්ත උඹලට තඩි බාන්නම.ඒ පෙට්ටිය තමා පෙට්ටියේ රහස [නොදන්නා උන්ගේ දැනගැනීම පිනිසයි.ඒක අවුරුදු ක්‍රිඩාවකි :D නැත්නම් උඹල බලයි පෙට්ටියක් දීල ඇතුලෙ තියෙන එව්ව කියන්න කියනවද කියල.හෙහ් හිහ් හිහ් ආසම ඇති ;)]
සඳකිඳුරත් ඕන් මලින් ඵලින් ආභරණින් සරසා පෙට්ටියක් අරන් එනව සයිබර් සිහිනෙට එද්දි.ඉහත නීති රීති වලට අනුගතව හැමෝටම පුළුවනි තරඟෙට සහභාගි වෙලා පෙට්ටිය ඇතුලෙ තියෙන දේ උපකල්පනය කරන්න.පට්ට තරඟයක් තියේවි.මොකද කියනව නම් තරඟේ සංවිධායක සඳකිඳුරවත් දන්නෙ නෑ මොකක්ද ඒකෙ තියෙන්නෙ කියල.ගෙවල් ගාව ඉන්න කිඳුරියක් මටත් හොරෙන් පෙට්ටියට බඩු දාල සීල් තියල :o


කට්ටිය යන එන ගමන මගේ ඉසව්වටත් ගොඩවෙලා උත්තර දෙන්නයි තියෙන්නෙ.ඇතෙක් බරට තෑගි ඕන්.ඇතෙක් බරට කිව්වම උඹල කරත්ත උස්සන් එන්නෙපා තෑගි ගෙනියන්න.සාක්කුවෙ දාන චූටි ඇතෙක්ගෙ බර ගැන කිව්වෙ o.O
නෝ චීටිං ලමායි.මඩු වලිගෙන් ගුටි තමා හොර කලොත් ;) [උඹල කාටවත් කියන්නෙපා.මුහුදෙ හිටියට මොකෝ.මාත් ගූගල් සර්ච් එකෙන් බැලුවෙ මඩු වලිගෙ මොකද්ද කියල]



එහෙනම්.......... හැමෝම ඒවි කියල බලාපොරොත්තු වෙනව අපිත් එක්ක 22 වෙනිදට අත්වැල් බැඳගන්න.මතකනෙ,
දිනය :- 2012 අප්‍රේල් 22
වෙලාව :- පෙරවරු 9.00 ඉඳන් පස්වරු 4.00 වෙනකල්
තැන :- වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනය

පෙට්ටියේ රහස ගැන බලනගමන් මං ගාවටත් ඇවිත් hug එකක් දෙන්න අමතක කරන්නෙපා :))))
එන්න............. සිහිනය සිහිනයක් ලෙසම සැබෑ වනහැටි දකින්නට :)

ප.ලි :- උඹල බලයි කෝ මූ 18+ මල් වැස්සක් කිව්වට ගොරවල වත් නෑනෙ කියල.හික් හික් හික් එහෙම තමා බං.උඹල වල් උනාට මං තාම මල් නෙව ;)

31 comments:

  1. ඔක්කොටම කලින් කුරේ පිට්ටනිය තියෙන තැනට ගාලු පාරෙන්, කො‍ටුවෙන්, 120 පාරෙන්, 138 පාරෙන් එන හැටි ගැන පැහැදිලිව විස්තර කරලා පෝස්ට් එකක් දාපන් මචන්ලා!

    ගූගල් මැප් එකෙන් නම් ලොවෙත් හොයාගන්න බෑ.

    බස් එකේ එන හැටි, වාහනේකින් එන හැටි එහෙමත් දාන්න.

    තියෙන තැන ගැන හරිහැටි දන්නෙ නැති නිසා ගොඩක් අය එන්නෙ නැති ප්‍රවණතාවයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම හෙට දිනය ඇතුලත මේ පිළිබඳව දැන්වීමට කටයුතු යොදනව.බොහෝ දෙනෙක් පාර ගැන විමසුවා

      Delete
    2. ඒක හොඳයි මටත් හොයාගන්න බැරිවුනා..

      Delete
    3. ප්‍රධාන බ්ලොග් පිටුව අප්ඩේට් කලා.සියලුම විස්තර එතන මචන් :)
      http://cyberfestival.blogspot.com/2012/04/blog-post_17.html

      Delete
  2. අවුරුදු උත්සවේ ගැන බ්ලොග් පෝස්ට් ලියැවෙනවා මදි. ඔය තියෙන තරඟ ඔක්කොම ගැන පැහැදිලි විස්තරයක් තියෙන බ්ලොග් පෝස්ට් එකකුත් දාන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන බ්ලොග් පිටුව හෙට අප්ඩේට් කරනවා

      Delete
  3. පෙට්ටි ගැන සෑහෙන්න දන්නව වගේ..හික්..!!!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් නැතුව නැතුව :D

      Delete
  4. අලේ අර ඇනෝල කියල තියනව වගේ එන හැටිත් දාන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. හෙට [17] අනිවා පලකරන්නම් :)

      Delete
  5. උබ මල් උනාට බලන ෆොටෝනම් මල් නෑ කියලා හිතෙන්නේ උඩ ෆොටෝව දැක්කහම

    ReplyDelete
    Replies
    1. :o නෑ නෑ මේ මේ නෑ මේ ඕක මං හොයාගත්තෙ වල් එකෙක්ට කියල :/ :p

      Delete
  6. මට කොටුවෙන් එන හැටි කියන්න හොඳේ.

    ReplyDelete
    Replies
    1. ඕන්න අපේ රෙප් මහත්තය පාර කියල :p

      Delete
  7. අනේ චුටි සද කිදුරා ඔයා චුටි බබා. :P

    බස් එකේ එන අය වැල්ලවත්තේ සැවෝයි හෝල් එක ලගින් බැහැලා ඔය පාරේ යන එන එක්කෙනෙක් ගෙන් අහගන එන්න අනේ. සැවෝයි එක පැත්තට නෙවෙයි ලෑන්ඩ් සයිඩ් එක පැත්තට තියෙන පාර. ටික දුරක් යන්න ඕනේ. මතක හැටියට ෆෙඩ්රිකා පාර වගේ නමක් තමයි තියෙන්නේ.

    පාට පාට ළමයින්ට නම් ඉතිං ට්‍රාන්ස්පෝට් හම්බවෙන්නේ නැතැයි :p

    ReplyDelete
    Replies
    1. :o රෙපා කොහොමෙයි දන්නෙ පාට පාට ලමයට ට්‍රාන්ස්පෝට් හම්බුවෙයි කියල :p

      Delete
    2. අනේ මට ට්‍රාන්ස්පෝර්ට් දෙන්න අනේ :)

      Delete
    3. ට්‍රාන්ස්පෝර්ට් නැහැ අනේ :(

      Delete
    4. කලින් දවසෙ මං ඇවිත් ග්‍රවුන්ඩ් එකේ නවතින්න ඉන්නෙ වර්ණ අක්කණ්ඩි 6ට එන හැටි බලන්න :D

      Delete
    5. අපිත් දන්නවනේ පාට පාට ළමයි ගාලු ආපු හැටි :P :P අපිත් කිරිටොපි කන්න බලා හිටපු මිනිස්සු .....

      Delete
    6. අලේ බැලුවම මේ කෙල්ල ගොඩක් එවුන්ගෙ බලාපොරොත්තු බිඳලනෙ කිරිටොපි බුල්ටො කරල :o

      Delete
  8. හමුවෙමු එහෙනම් !

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.hug එකකුත් ඕනි :p

      Delete
  9. ඔය කොරේ... හොල්ලන්න එපා වාහනේ

    ReplyDelete
    Replies
    1. මේ සැරේ උල තියල තියෙන්නෙ.සයිබර් සිහිනයෙ නිල වාහනය මගේ එකලු :o......... හැබැයි සංවිධායක කටයුතු වල විතරයි ;)

      Delete
  10. ශික්.. මේ වෙලාවට තමයි හිතෙන්නේ ලංකාවේ හිටියනම් කියලා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත.මේ අවස්ථාව නම් ආයෙ නොයේවි.......... බැරි වුනොත් එන පාරවත් අනිවා සෙට් වෙමු :)

      Delete
  11. හික්ස් මාත් මේ හනිකේ දුවන් ආව වල් කිව්වම.
    මං නම් හිතන්නේ පෙට්ටිය ඇතුලේ පොල්ලක් තියෙයි කියලා.මං මේ කිව්වේ වෙනිවැල් වගේ ඒවා ඈ.මොනා වුනත් කමක් නැහැ සැණකෙළිය ඉවර වුනාම ඒකෙ තිබ්බ එක මේකේ දාපන් ඈ.මොකද එන්න බැරි වුන එවුන්ටත් දැනගන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. චී වල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්.මෙයාල ඔක්කොම මහ වල්.මගේ හිතත් වල් වදීවිද දන්නෙ නෑ.. :p අනිවා අනිවා.චායාරූපත් එක්කම දාන්නම්කො

      Delete
  12. ඕකෙ තියෙන්නෙ නවගුණ වැලක්

    ReplyDelete
    Replies
    1. හෑ.........ඒ මොකක්ද බොල ඒ o.O

      Delete