කිඳුරු සේනාව

Monday, January 16, 2012

ගාලු පුවත කිඳුරු නෙතින්







හැමෝම පෝස්ටු දාද්දි මටත් හිතුන ඡායාරූප නැතුව උනත් මගේ මේ මංගල බ්ලොග් ගෙට්ටුව ගැන හිතට දැනුනු විදිහ ඔයාල හැමෝමත් එක්ක බෙදාගන්න.මගේ කැමරා පොඩිත්ත කැඩිල තිබුන නෙව ඒ වෙද්දි.ඕගොල්ලො දන්නව මං මේ වෙනකම් මගේ මේ කිඳුරු ඉසව්වෙන් බෙදාගත්තෙ මගේ හිතට එන නොඉඳුල් අදහස් කවි හෝ නිසඳස් වලින් පමනක් විත්තිය.ඒත් මං හිතුව මගේ ඒ නිදහස් අදහස් නිදහස් වචන වලින්ම කියන්නත් ආරම්භයක් ගන්න ඕනි කියල.මේ ඒ නිදහස් වාග් දහරාවෙ ආරම්භය පමනයි.ඉදිරියේදි තවත් කෙටි කතා, නව කතා, ආදර කතා, කින්ඩි කතා, වල් කතා, මල් කතා වගේ එකී මෙකී නොකී හැම කතාවක්ම බලාපොරොත්තු වන්න...............

7 වෙනිද ගෙට්ටුවෙන් පස්සෙ මේ දවස් ටිකේම කට්ටියගෙ මඩ පෝස්ටුවෙන් පෝස්ටුවට ඔළුව දම දමා ඇති තරම් හිනා උනා.රැල්ලට යෑමේදී මඩ වලට වැඩි තැනක් හිමිවෙන බව ඇත්ත.මං ඉතින් තාම බ්ලොග් කරලියට බ්‍රෑන්ඩ් නිව් (පැකිං කඩා වත් නොමැති ) පොඩි එකා නිසා මට හිතුන රැල්ලේ මඩ නෑම අපේ සයිබර් සිහින උළෙල දක්වා කල් දමන්න.ආරම්භයේදී මීය වගේ ඉන්න ඕනි.මීයන්ට අහුමුළු වලට රිංගන්න ලේසී කියනවනෙ.උඹල ඕන් දැන් මට කන්න මී පාසානම් එහෙම දෙනව නෙමේ.සිරාවටම මීය මලොත් :O..................

කතාවෙන් කතාවෙන් ට්‍රැක් පැන්න නොවැ.ඕන්න එහෙනම් සඳකිඳුර මායා පොත පෙරලුවා........

ඕන්න එකෝමත් එක කාලෙක හිම මිදෙනා තරම් සීතල උතුරු අත්ලාන්තික් සයුරු තෙර යට පුංචිම පුංචි අහිංසක හුරතල් කිඳුරු පැටියෙක් හිටිය.මෙයාගෙ නම තමා සඳකිඳුර.ඒ කිඳුරා හිටපු ලස්සනම ලස්සන ඉසව්ව තමා ඔයාල හැමෝම දන්න කිඳුරු ඉසව්ව.

දිනක් මේ සඳකිඳුර එයාගෙ වෝටර් ප්‍රෑෆ් ලැප්ටොප් එක අරගෙන සුපුරුදු පරිදි බ්ලොග් පුරා නෙත් යොමද්දි එයාගෙ නෙත ගැටුනලු "පොඩිමෑන්" කියල එකෙක් ලියාපු පෝස්ටුවක්.හරියටම ඒ 2011 උඳුවප් මාසෙ අග හරියෙ දවසක්ලු.විස්තරේ හැටියට නම් තිබ්බෙ ලංකාවෙ දසත පුරා විසිරී සිටින සිංහල බ්ලොග් ලියන ඇත්තන් හා ඇත්තියන් ගාලු පුරේට එක් වන බවයි.

මේක දැක්කම කිඳුරටත් යන්න හිතුනලු.ඒත් කොහොම යන්නද? කිඳුරො ඉන්නෙ මුහුදෙනෙ.......

ඒත් මේ කිඳුර ඉස්සර එහෙම උනාට දැන් මුහුදෙන් ගොඩ බිමට පන්නලලු තියෙන්නෙ මූ මහ අසික්කිත කිඳුරෙක් කියල.දවසින් දවසම මේ ආසාව වැඩිවෙලා අන්තිමේ මේක දොලදුකක් උනාලු.බැරිම තැන දැම්මලු ගෙදරට වචනෙ ඕනෙ *#@ කියල 7 වෙනිද තියෙන වැඩේට කොහොමින් හරි යන්න කියල හිතන්.

හිතුවෙ නම් උදැල්ල වැටෙයි කියලලු.ඒත් කියපු ක්ෂනිකයෙන් ගෙදරින් අහපු දේ නම් "හා එහෙනම් හෙටම උඹේ දඬුමොනරෙ හරියකට හදාගෙන ඉවර කොරගනින්.කීයක විතර තෙල් ඕනිද?" යනුවෙනි.කිඳුරා හට 33000V වැදී ඔටෝ චූන් වූවා වැනිය.

සඳකිඳුරාද එතැන් පටන් ගෙට්ටුවේ ඇඩ්වටයිසින් පටන් ගන්නා ලදී [කොහොමටත් කට්ටියට වැඩිපුරම මාව මතක තිබ්බෙ අර පවනි කෙල්ලගෙ වැඩෙනුයි මම අර "සත් සමුදුර තරණය කර ලෝකයේ ගැට්ටට යන්නාක් මෙන් ගාලු යන්න ඔබත් එක්වන්න" කියල දාපු පෝස්ටුවෙන් නොවැ.මාව හඳුන්වල දුන්නු ගමන් හැමෝගෙම පළවෙනි ප්‍රශ්නෙ උනේ "අඩේ තෝ කාර් එකෙන්දෑ ආවෙ.කෝ කාර් එක" කියලයි.මාද ඉතින් හොඳින් කටහැර "නෑ" යයි කීමි ;).......]

කොහොමින් කොහොම හරි ගෙට්ටුවේ දිනය කප්පරක් බලාපොරොත්තු එක්ක උදාවිය.මට ඕනෙ උනේ එන හැම බ්ලොගර් කෙනෙක්වම අඳුනගන්න.[ඔක්කොම නැති උනත් ගොඩක් අයව අඳුනගත්ත o.O මුන් මං හිතුවට වඩා වෙනස්නෙ බොල.ඕන්න සඳකිඳුර නම් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම තූතිම තූති කිඳුරු පැටියෙක් ඕන්.හා බොරුද??????

කෙසේ උනත් අපේ හිතුවක්කාර කෙල්ලවයි දඟමල්ලවයි අරන් යන්න දුන්නු මෙහෙයුම නම් අසාර්ථක උනා.[කෝ ඉතින් දැන් ඒ ලමයි චුට්ටක් J වෙන්න බලන්න :)] බලෙන්ම අරන් යන්න හැදුවෙ කලින් දැන හැඳුනුම් කම් තිබිල නම් නෙමේ.හැමෝමවම අඳුනගන්න ආස හිතුනු නිසයි.

අලේ....... කෙසේ හෝ සෑහෙන ජල්බරි කේස් මැද 6 වෙනිදා අවරින් බැස ගිය හිරු 7 වෙනිදා නැගෙනහිර පැහැදිලි අහසින් එබිකම් කරන්නටත් කලියෙන් සඳකිඳුරා දියබුං ගසා අවසාන වී ලැහැස්ති වී පාන්දර 6 පසුවනවාත් සමගම කුකුළාද [මම නෙමේ අර උදේට කෑගහන එකා] කරපින්නාගෙන මගෙ බ්ලොග් ගුරා වන "චතූමිතූ" නොහොත් චතුරිකා අක්ක [ඔව් ඔව් අර ටැග් පිටින් කලිසම ඇඳපු කෙනා තමයි] මාගේ දඬුමොනරයට නංවා අර පවනි කෙලීව [පස්සෙනෙ දැනගත්තෙ උගෙ ලිංගික විපර්යාසෙ] හා මට කිරිටොපි කැවීමට පොරොන්දු වූත් වීර කාන්තාවක බව පවසා උදේම එන බව අන් දැරිවියන්ට දන්වා සිටියාවූත් කිරිටොපි අක්කා යන නමින් ප්‍රචලිත අපේ වර්ණා අක්කවද බැලීමේ අටියෙන් මා ලෑල්ලටම පාගා කොට්ටාව බලා පිටත් විය.

වැඩිවෙලා නොගොස් අපි කොට්ටාවට ගොස් කට්ටිය උන් තැනට එන්ටෑර් විය.[තව පොඩ්ඩෙන් පොලිස් මාමෙක් අතේ තිබුනු පිච්චියටත් කෙලිනව පොලීසියේ ගේට්ටුව ඉස්සරහම මගේ දඬුමොනරය නවත්තල ආපු නිසා].එතනදි අපේ හසී අක්කවයි, කසුන්වයි, සුලැඟිල්ලවයි, සංකල්පනා මලයවයි, නාකි ඉලඳාරියවයි, දේව අයියවයි, ෂයංගවයි, චතුරංගවයි, අභීත අයියවයි, රාජ් අයියවයි,........ අලේ නම් මතකත් නෑ බොල.අනිත් උන් තරහ වෙන්න නම් එපා නම නෑ කියල ඕන්.අලේ තව ලස්සන සුදු කෙල්ලෙකුත් හිටිය නෙව [පසුව ඒ අපේ සංවිධායක මංඩලයේ උන් පොඩ්ඩාගේ වයිපරේ බව දැනගන්නා ලදී :O.......]

සියල්ල එසේ වද්දී හැමෝම ඇවිල්ල තියෙද්දිත් ඇයි තවම යන්නෙ නැත්තෙ කියල හොයද්දි තමා දැනගත්තෙ හත්දෙයියනේ අපේ කිරිටොපියක් බඳු පාට පාට අක්ක තාම මග විත්තිය.ඒ අතරේ හීනියට නාද වී සඳකිඳුරාගේ ජංගම දුරකතනයට එස්.එම්.එස් එකක් පැමිනේ.අලේ එය අපේ වර්ණා අක්කගෙනි.ඉලක්කම් 10ක නොම්බරයක් දී හදිස්සියක් බවත් කතා කරනා ලෙසත් කියා තිබුනි.බොක්කෙන්ම මතුවූ කිරිටොපි කෑමේ ආසාව ඉහවහා ගිය කල දඩිබිඩි ගා කෝල් එකක් ගතිමි [හිතුවෙ කිරිටොපි ගේන්න උදව්වට බස් හෝල්ට් එකට එන්න කියනව කියල.බැලුවම කොටුවෙලු :O..........]

වැඩේ හරි නොයන නිසා රාජ් අයියවත් කරපින්නගෙන සඳකිඳුර දඬුමොනරෙට ගොඩ වෙලා හරියට මුහුදෙ ගස් ගල් අතරින් කිඳුරියක් පස්සෙ පීනං යනව වගේ වේගයෙන් වාහන මැදින් කොළඹ බලා පිටත් උනා.එච්චර එව්ව අස්සෙ යන පාරෙන්ම රාජ් අයියගෙ ඔෆිස් එකටත් ගොඩවෙලා බොංගො එකක් දාගන්නත් අමතක කලේ නෑ.

අලේ මාර සීන් කෝන් එක කියන්නෙ කිරිටොපි අක්ක ඉන්න තැනට ආවත් මංවත් රාජ් අයියවත් දැනන් උන්නෙ නෑ අක්කගෙ මූන.අක්ක අපිව දන්නෙත් නෑ.අන්තිමේ කලු වීදුරු තියන කාර් එකකින් ඇවිත් ලස්සන කෙල්ලො දෙන්නෙක් දාගෙන ගියා කිව්වොත් හෙම.............

අඩේ කෙල්ලො දෙන්නෙක් නම් සිටී.කෝකටත් කියල ශිෂ්ට සම්පන්න විදිහට වීදුරුව පල්ලෙහාට දාල අහල බැලින්නම් මේ අපේ වර්ණා & sha <ස්පේස්> ni අක්ක නොවැ.දෙන්නවම කුදලගෙන පුලුවන් තරම් වේගෙන් කොට්ටාවට ගියා විතරයි අපේ අම්මගෙන් නිකමටවත් අහන්න බැරි උනා කීපාරක් කිඹුහුම් ගියාද කියලවත්.

වෙලාව 10.30ට විතර ඇති.නමෝවිත්තියෙන් කියල බස් එක ගාලු යන්න පිටත් උනා හැමෝගෙම සතුටු හිනා මැද.මැලවෙලා ඉන්න එවුන් ටික නැගිට්ටවල ගමු මල්ලි කියල රාජ් අයියත් බස් එක අද්දල 10M යන්නටත් කලියෙන් බොංගො එකත් අරන් වැඩ ඇල්ලුව.

කට්ටියම ඕන් සිංදු කියනව.වයසක නාකි උන්දෙක් තමාය ඕන් සිංදු නඩේ මුලසුන හෙබයෙව්වෙ.ඉන්ටැන්ට් නූඩ්ල්ස් වගේ කොළඹ ගමන නිසා මහන්සි අරිමින් මේ සඳකිඳුරත් අත්පුඩියක් දෙකක් ගහමින් හුලඟෙ පහස විඳගෙන ගියා ඕන්.

විනාඩි 5ක් යාමටත් මත්තෙන් අපි අධිවේගී පිවිසුමට ආව.කට්ටියම ඉතින් අධිවේගී එකේ බෙලි එලියට දාන්න බැරි නිසා ඇති පදං බෙලි එලියට දාගෙන පිවිසුමේ සිරි නැරඹුව.සමහරු photo නුත් ගත්ත.

කට්ටියම යටි ගිරියෙන් සිංදු මරනව දැන් ඕන්.බස් එකත් හිටු කියල මහ සද්දෙන් වයිබ්‍රෙට් වෙවී යනව.සමහර වෙලාවට අපි කියන ඒව අපිටම අහෙන්නෙ නැති තරම් සද්දෙ.ඒත් ඉතින් හිනා මූනු මැදින් පුලුවන් සද්දෙන් සිංදු මරාගෙන ගියා අපි.

වෙලාව 11.10ට විතර ඇති ඒ වෙද්දි.හිටපු ගමන් බස් එකේ වේගයත් සද්දෙත් අඩු වීගන යන්න පටන් ගත්ත.අඩේ ඉස්සරහ බැලුවම ඩ්‍රයිවර් අයිය හිටපු තැනින් හීනියට දුමක් එනව.හෑ....... මූ අපිට නොදී විටමින් කූරුවත් ගහනවද? අපි හිතුවෙ බස් එකේ පිටිපස්සෙ ගිය එවුන් විතරයි විටමින් ගත්තෙ කියල [කෝ බස් එකේ පිටිපස්සෙ උන්නු එවුන් අත් උඩට........]

කෝකටත් කියල ඩ්‍රයිවර් අයිය උන්නු පැත්තට ඔලුව දාල බැලුව.අලේ බැලින්නම් හැමෝටම හොරෙන් දුමක් දාල තියෙන්නෙ බස් එක නොවැ.බලද්දිත් එහෙන් මෙහෙන් දුම් පනිනව.බස් එක බොයිල් වෙලා එන්ජිම නැවතිලා.

දැන් මක්ක කොරන්නෙයි.ගිනි කශ්ටකේට අව්ව.අපි දුම් දාන බස් එකේ හයි වේ එකේ අයිනක.පට්ට සොමි............

අපිට පිටුපසින් පේනතෙක් මානයේ පොලිස් කාරයක් තිබූ නිසා කට්ටියත් අධිවේගී එකේ වැලී නොපාගා හිත් හික්මවාගෙන හිටිය ටිකක්.පොලිස් කාර් එකේ දොර්වල් 4ම ඇරල්.ටොපි කොලයක් දැම්මමත් අල්ලනවයි කියන අපේ මේ පොලිස් මාමල මේ තරම් තඩි වයිකිං බස් එකක් දකින්න විනාඩි 5කටත් වඩා ගියා.ටොපි කොල දැම්මම මුන් අල්ලන්නෙ අහවල් එකද දන්නෙ නෑ [වැඩිය බනින්න හොඳ නෑ.මේ සඳකිඳුරවත් සුදු සබ්මැරීන් එකකින් දාගෙන ගියෝතින් එහෙම :O......] විනාඩි 5කින් විතර එයා හොරා වගේ ස්ටාට් කරන් සද්ද නැතිව හොරා වගේ එන්න පටන් ගත්ත.අලේ.......... එයා හිතන්න ඇති අපි තේ බීල දොයි කියල.අපිත් බලන් උන්නෙ එයා හොරා වගේ එන හැටි :D.............

එයත් ඇවිත් කොකා වගේ බෙල්ල දාල කියනව වතුර තියේ නම් දැම්මනම් හරි කියල.අලේ ඉතින් ඒක ඕනෙ ගොං මෝඩ හරකෙකුට තේරෙනව නෙව.හොඳ වතුර කෙසේ වෙතත් බීපු වතුර පිටකරගන්න නම් ගොඩක් එවුන්ට උවමනාව තිබ්බ.කට්ටියගෙ පින්තූර එහෙම දකින්න ඇතිනෙ.කට්ටියම ඉතින් තියෙන වතුර [හොඳ ඒව] එන්ජිමට දැම්ම.අන්තිමේ ඉතින් වැඩේ හරි ගියේ නෑ.ආපදා රථේකට කතා කරන්නම උනා.

ඒ අස්සෙ සමහර උන් බිත්තර වගේ එව්ව හොයනව අර එන්ජිමේ නටන වතුරට දාල තම්බගන්න කියල.ඒ අස්සෙ අර අපේ කිරිටොපි අක්කයි sha <ස්පේස්> ni අක්කයි ආව බස් එකේ පිටිපස්සට.ඒ අස්සෙ විටමින් මදි කට්ටිය විටමින් ගන්න අමතක කලෙත් නෑ.කට්ටියම ඉතින් වෙන වැඩක් කරන්නත් නැති එකේ හැමෝගෙම දායකත්වයෙන් කෝප්ප හෝදන්න පටන් ගත්ත.අන්න ඒ මොහොත තමයි අපිට උදව් උනේ හිටපු හැම කෙනාවම වගේ හොඳින් හඳුනන් කතා බහට සෙට් වෙන්න.....

අලේ මට මතක නෑ නොවැ අර ඩබලව අර සුදු මෙව්ව වලින් [බොඩි ලෝෂන් වලින්.නැත්නම් මුන් වැරදියට හිතුවොත් :/ ] නෑව්වෙ කොයි වෙලාවෙද කියල.මතක එකෙක් ඉන්නවනම් කමෙන්ටුවකින් දන්න ඒ ගැනත් හරිය.

හිටපු කට්ටියගෙන් කොහොමහරි සයිලන්ට්ම හිටියෙ පොඩ්ඩගෙ වයිපරේ තමා.කට්ටිය ඒ අක්කන්ඩිවත් හෙමින් හෙමින් කතාවට අල්ලගත්ත ඕන්.

ඔය අතරෙදි නඩේම ගාලු ගමන නම් අතහැරපු බලාපොරොත්තු ගොන්නට දාල හිටිය මුත් විහිලු තහලු කතාබහ මැද ගොඩක් සතුටින් හිටියෙ.ගාලු යන්න බැරි උනොත් රූමස්සල කියල හිත හදන් නගින්න අපි අවටින් කන්දකුත් තෝරන් උන්නෙ.වෙලාව දවල් 12ට විතර ඇති.ආපදා රථෙත් ආව.නඩේම ඉතින් මතක සටහන් හැටියට වටේම ෆොටෝ ගහල බස් එකට ගොඩ උනා.

ආපදා අථෙන් බස් එකට කොක්ක ගහන යන්න පටන් ගත්ත පැයට කිලෝමීටරයක විතර වේගෙන්.පට්ට අත්දැකීම.කව්ද ගොහින් තියෙන්නෙ හයි වේ එකේ ඇදන් යන වාහනේක? ඕන් අපි නම් ගියා :D..........

ටික ටික ස්පීඩ් එක වැඩි කලා.අලේ...... මේක ෂෝයි වැඩක් නොවැ.කිසි සද්දයක් බද්දයක් නෑ, වයිබ්‍රේට් නෑ.ටිකෙන් ටික පැයට කිලෝමීටර් 40ක විතර වේගෙට වැඩි කලා.හිත හදන් හුලං වැදි වැදි යන්න ගත්ත විතරයි කියල හිතද්දිම ඉස්සරහින් දඩ බඩස් ගෑව.අලේ බස් එක මග දමා ආපදා රථය යයි.වැඩේ අත් හලේ නෑ.ආපහු ඇදගෙන ටික දුරක් යද්දිම කොහොමින් කොහොම හෝ බස් එක ස්ටාර්ට් උනි.ඒත් ඉතින් ෂුවර් නැති නිසා ඊලඟ එක්සිට් එකෙන්ම එලියට දැම්ම බස් එක.

ඒ වෙද්දිත් අභීත අයියල ගිය බස් එක ආපහු එතනට එවල තිබ්බෙ අපිට ගාලු එන්න.අලේ ටොප් බස් පොඩ්ඩ.වන්දනාවෙ යද්දි අහන සිංදුවකුත් අහගෙනම නඩේ ගාලු ගියා.

තව පොඩ්ඩෙන් අමතක වෙනව නෙව.බට්ටි වගේ උන්නට අපේ හසී අක්කත් හෙනම ලොකුයි කතාවට සෙට් උනාම.හරියට පුංචි කතා පෙට්ටියක් වගේ හික් හික් හික්.........

ආපු බස් එක ඔන්න මහ හිච්චි මුත් රළු පාරක් දිගේ ගොහින් නැවැත්තුව.එතකොටනම් වෙලාව 2ට විතර ඇති.යකෙකුත් තවත් භාගයක් පමන කෑ හැකි තරම් බඩගින්නෙ හිටියෙ.කට්ටියම කැලේ මැදින් වැටී තිබූ පොඩි අඩිපාරක් දිගේ බැහැගෙන බැහැගෙන යන්න උනා.වෙලාවෙ ගැටලු නිසා රූමස්සල නොගිහින් අපි කෙලින්ම ගාලු වෙරලට ඇවිත් උන්නෙ.හරිම ලස්සන තැන.හරියට නිදන් දූපතක වෙරලක් වගෙ :)..............

වැල්ලත් පෑගුව.බැලුව වට පිට කෝ කියල අපේ කට්ටිය.අලේ....... අපේ එවුන් කෙසේ වෙතත් ආහාර රුචිය වඩවන තරමේ ඇඳුම් ටිකක් ඇඳගෙන පිටරටින් ආපු සුදු අක්කන්ඩිල ටිකක් නම් උන්න.සිංහල තේරෙන්නැතිවෙයි කියල මං කතා කොලේ නෑ :p........

ඊට ටිකක් එහායින් ගස් වලින් හෙවන වූ හරියක හිටියෙ නැතෑ අපේ බ්ලොග් සේනාව.60ක් 70ක් විතර හිටිය මතක විදිහට.පැනපු ගමන් කරට අත දැම්මෙ අභීත අයිය.මෙන්න ඒ දෙබස,

අභීත අයියා - මල්ලි ෂොට් දානවද?

සඳකිඳුරා - [අහිංසකයෙකු සේ] හා

අභීත අයියා - හා එහෙනම් මල්ලි කෙලින්ම අතනට යන්න.එතන තමයි බඩු

හික් හික් හික්..... මල් පැනි ටිකක් තොල ගෑ මම හෙමින් සැරේ විටමින් කූරක් පත්තු කිරීමට සැරසුනි.එතකොටම අයියෙක් මැද්දට පැන "ආ මචන්, මම තමයි චාමික.ඔයා කවුද මචන්?" කියා ඇසුවේය.අයියෙ මං තමයි සඳකිඳුර කියල මාත් ඉතින් හඳුන්වල දුන්න.

ඒ ගමන්ම එහෙට මෙහෙට පැනල විනී අයියව, මාතලන් අයියව, මගේ මරනය අයියව, සෝඩ ගුනේ අයියව, ගෝල්ඩ් ෆිෂ්ව, සිහිනයව, බනියව, රංග අයියව, පැනි දොඩම් අයියව, හිම හංසි නංගිව, බලන්න ගොඩක් ආසාවෙන් හිටපු අපේ මංතරකාරිව ඇතුළු ගොඩක් අයව අඳුනගත්ත.පොඩ්ඩටත් ලගටම ගොහින් අතදීල කතාකොලා.මොනා උනත් පොඩ්ඩ අඩෝ උඹ නම් එල කොල්ලෙක්නෙ කියද්දි නම් පට්ට ගටක් එනව ලියන්න.ඇත්තටම කියනව නම් පොඩ්ඩගෙ බ්ලොග් නිසා තමයි මං බ්ලොග් කියවන්න ආස උනේ.කොහොමින් කොහොම හෝ මගේ බ්ලොග් ගුරත් ටැග් පිටින් ඡායාරූප වලට වැඩිය නෑ චුට්ටක් විතර පෙනී හිටිය ඕන්.සුමිත් අයිය ලස්සනට මගෙ පින්තූරෙකුත් ඇඳල තිබුන.

අහිංසකයා සේ බනියා වෙත දෑතම දිගු කොට බත් එකක් අරන් කට්ටිය එක්ක ගල් උඩ [බිම තියෙන එව්ව බොල.මොකැයි කැත හිතින්ම බලන්නෙ :/........] එලාගෙන බත් කෑව.

හැමෝවම නැති උනත් ගොඩක් අයව අඳුනගත්ත.ඇත්තටම ගොඩක් සතුටු ලස්සනම දවසක් ඒක මේ සඳකිඳුරට නම්.ගොඩක් විස්තර කතාබහ කලා [එව්වත් කියන්න බෑ බං.උඹල දැනුත් මට අමු තිත්ත කුනුහරුපෙන් බනිනව ඇති මූ ඔක්කොම ලියන්න ගිහින් පෝස්ටුවෙ රස මරල කියල.දැනටමත් මාගල් 10ක් 15ක් තරම් දික් වෙලානෙ].සතුටු සිනා මැද අන්තිමේ පොඩ්ඩගෙ සහ මංතරකාරිගෙ ඒ සතුටින් ගෙවුනු මොහොතත් එක්කම හවස 4 වෙද්දි ආපහු පිටත් වෙන්න කියල දුක් සිතින් වුනත් හැමෝටම සමුදෙන්න පටන් ගත්ත.

අර බැහන් ආපු කන්ද නගිද්දි නම් හිතුන අඩේ අපි මෙච්චර කන්දක් බැහැගෙන ආවද කියලත්.කන්ද නැගපු ගමන් පොඩි මෑන්ගේ සාදර අනුග්‍රහයෙන් තැඹිලි සංග්‍රහයක් ලැබුන හැමෝටම.හම්මේ මහන්සියට ඒක බිව්වම හරියට නිවන් ගියා වගේ දැනුනෙ.ඊට පස්සෙ හෙමින් හෙමින් සැරේ වර්ණ අක්කයි, ශානි අක්කයි, කුමාරය අයියයි පොඩි චැට් එකක් දාගෙන ඇවිත් බස් එකට ගොඩ උනේ නම් පාන් කියගන්න බැරිවයි.

උදේ කැඩුනු බස් එකම ආපහු හදන් ඇවිත් තිබුන.බස් එකේ ආපහු යද්දිනම් විශේෂම සිද්දිය නම් අපේ නාකියගෙ කතා සහ සිංදු තමයි ඉතින්.කට්ටියගෙ උගුරවල් එහෙම නෑල්ලු කොට්ටාවට එද්දි.

මමයි, සුළැඟිල්ලයි, ශානි අක්කයි, වර්ණ අක්කයි, කුමාරය අයියයි, පොඩ්ඩගෙ වයිපරෙයි කොට්ටාවට ටිකක් විතර මෙහායින් බැස්ස.දරුණු වැස්සෙ උනත් කට්ටියම ගොහින් පොඩ්ඩගෙ වයිපරේව බස් එකට නැග්ගුව පරිස්සමින්.

ඉතුරු අපි එකෙක් ගාවවත් කුඩයක් කියල එකක් නම් තිබුනෙ නෑ.බද්ද වැස්ස.බවලත් උදවිය තෙමීම හොඳ මදිය කියා සිතූ මම අමු වැස්සෙම එහෙට මෙහෙට පනිමින් 3 රෝද රථයක් නැවතීමට අත්පුඩි ගසමින් සැර ගේමක් දුන්නෙමි.පාරෙ ගිය එවුන් බලන්න ඇති මූට මයියොක්කද කියල මේ වැස්සෙ හරියට නිකන් අව්වෙ වගේ පැන පැන අත්පුඩි ගහන්න.

කට්ටියම පැය භාගෙකින් විතර, ඒ කියන්නෙ 8.30ට විතර 3 වීල් එකක් අල්ලගෙන අභීත අයියලගෙ ගෙදර ගියා.එහෙ තමයි සඳකිඳුරගෙ දඬුමොනරෙ නවත්තල තිබුනෙ.අන්තිමට කාර් එකට ගොඩවෙද්දි කස්ටියම නිකන් තෙමිච්ච කුකුලො වගේ.මගෙ නම් අහවල් එකත් තෙමිල උන්නෙ වැස්සට :O..............

ඊට පස්සෙ කියව කියව යන අතරතුර කුමාරය අයියව අතුරුගිරියෙන් දැම්ම.වර්ණ අක්කවයි ශානි අක්කවයි දාන්න කඩුවෙලත් පාස් කරන් කිරිබත්ගොඩ පැත්තට ගියා.අලේ කැලෑ පාරක් පෙන්නල යමු කිව්ව.මාත් යන්නෙ කොහෙදැයි කියල වත් නොදැන ගියේ.ගෙයි ගේට්ටුව ගාවින්ම දාල කොච්චර එපා කිව්වත් හීනියට හෝන් පාරකුත් ගහලමයි සුළැඟිල්ල මල්ලිව දන්න කිරිබත්ගොඩ ටවුමට ගියේ.

දැං ඕන් සඳකිඳුර විතරයි ඉතුරු.තනියම ඉඳල මේ චූටි කොලු පැටියට කවුරුහරි ලිංගික අතවරයක් වත් කලොත් කියල ඉක්මනට ලෑල්ලටම [ලෑල්ලටම කිවුවට මයෙ හිතේ 130ට 140ට විතර.වැඩිය නෑ එක 3 වීල් කාරයෙක්ට විතරමයි වෙට්ටුවක් දැම්මෙ] පාගල කඩුවෙල හරහා බෝමිරියෙ මගෙ පුංචි ගේ පොඩිත්තට ආව.එද්දි නම් රෑ 10ට විතර ඇති.

රසබර සුන්දර මතක ගොඩක් මැදින් ගෙවුනු ඒ දවස නම් ඇත්තටම ලස්සනම ලස්සන දවසක් උනා.කවදාවත් මතකෙන් නොගිලිහෙන තරමින්............ සයිබර් සිහින උළෙල වෙනකම් ගොඩක් ආසාවෙන් ආදරයෙන් බලන් ඉන්නව.මේ බ්ලොග් අවකාශයට ගොඩක් ආදරේ මම.......... සඳකිඳුරා

************

පසු සටහන් 1 - දඟමල්ල හොඳ වෙලාවට වීර කාන්තාවයි මායි එක්ක යන්න නොආවෙ.නැත්නම් දඟමල්ල ගෙදරින් සම්බෝල වේ.වැඩි විස්තර කිරිටොපි අක්කා නොහොත් වර්ණ අක්කගෙන්

පසු සටහන් 2 - අලේ සමාවෙන්න මේ තරම් දිගට ලිව්වට.ඊලඟට ලියන ඒව පුළුවන් තරම් කෙටි කරන්න බලන්නම්

පසු සටහන් 3 - සුදු පැංචි බැලීමට ආසාවෙන් හිටියෙ.අනේ සුදු පැංචි මේක දැක්කොතින් සයිබර් සිහින උළෙලටවත් අනිවාර්යයෙන් එන්න හොඳේ :)

24 comments:

  1. ඒ දවස නම් ඇත්තටම ලස්සනම ලස්සන දවසක් උනා.කවදාවත් මතකෙන් නොගිලිහෙන තරමින්.........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම් ඔව් අක්කෙ අනිවාර්යයෙන්ම.මගේ පළවෙනි ගෙට්ටුගෙදරදි කවුරු මොනා කිව්වත් ජීවිතේට අත්විඳින්න බැරි දේවල් ගොඩක් ලැබුන.ඒ දවස නම් ඇත්තටම හීනයක් නම් මං කවදාවත් ඒ හීනෙන් නැගිටින්නෙ නෑ :)

      Delete
  2. අම්මපා අර තැඹිලි සංග්‍රහය කාගෙන්ද??? බිව්වා මතකයි..ගෙව්වා කියලා මතකයක් නෑ නේ.. :D

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හිහ් එහෙම තමා ඕන් හැදෙන ලමයි උනාම.කාල බීල දවස් දෙක තුනක් ගියාටත් පස්සෙ සිහිවෙන්නෙ බිල ගෙවල නෑ කියල :)))))) මාත් දැනගත්තෙ බිව්වට පස්සෙ ඕන් මේක සංග්‍රහයක් කියල :D

      Delete
  3. නියමායි........

    ReplyDelete
    Replies
    1. එල එල රාජ් අයියා.සයිබර් සිහින උළලෙදි ලොකු දෙයක් කරමු :)

      Delete
  4. අළුත් එකක් වගේ පොඩ්ඩක් කැරකිලා බලමු.. සිරා වගේ

    ජය ශ්‍රී !

    ReplyDelete
    Replies
    1. අලේ බොහොම ස්තූතියි ඕන් සෑම් අයියෙ.බොහොම ලොකු ගමනක් මේ බ්ලොග් අවකාශයේ යන්න බලාපොරොත්තු වෙනව.සප් එකක් ඕනි අනිවාර්යයෙන්ම :)

      Delete
  5. අනේ ඕයී...විභාගෙත් කෙල වෙලා ඉන්න වෙලාවේ මේ වගේ සුන්දර සිද්ධි කියන්න එපා ඕයි....(ඇ‍ඬෙනවා....ගෙට්ටුව මිස් කරේ විභාගේ හින්දා...අන්තිමට ඒකත් නෑ මේකත් නෑ.... )

    ReplyDelete
    Replies
    1. අලේ ඕන් සයිබර් සිහින උළෙලනම් මිස්කොරගන්නෙපා.ඇත්තටම පට්ට පටපට දවසක් ;)

      Delete
  6. කියලා වැඩක් නෑ ඉතින්..

    ReplyDelete
  7. හම්මා.. මම ගැනත් තියෙන්නෙ ;) ස්තූතියි මාව ගෙනියන්න ට්‍රය් කොලාට.. ආවෙ නෑනෙ ඒත් මම..:( දැන් ජේ ජේ ජේ ඩබල් නෙවෙයි ත්‍රිබල් ජේ...:'(

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නියමම දවසක්.ලස්සන මතක කෝටියයි :)........... සයිබර් සිහින උළෙල වෙනකම් බලන් ඉන්නව නොදැකපු හැමෝමවම දකින්න :)

      Delete
  8. මොකද්ද බං අර ටැග් සීන් එක.... ?? :D :D

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හිහ් එක්කෙනෙක් ටැග් එක පිටින් කලිසම ඇඳල තිබුනනෙ ඕන්.අපේ චතූමිතූ කෙලී.කස්ටිය වටකොරන් ෆොටෝ එහෙමත් ගත්ත :D

      Delete
  9. අනේ අම්මපා මුන්ට මාව මතක් නොකර ඉන්නම බැරි හැටියක්..
    දගමල්ලව ගෙන්න මමනේ යන්න හිටියේ 7 ට... කොයිද ඉතින් මම එද්දිම 10.30 නෙ. එකයි මේ කිදුරමල්ල කියලා තියෙන්නේ..
    මේකා ඕක එදා රෑ අර තෙමි තෙමි ත්‍රීවීල් හොයද්දීත් කියෙව්ව‍ා.
    ඔක්කොම හරි, රෑ එද්දී කිදුරගේ පච අහාගෙන ආපු එකතමි හොදම හරිය හැක හැක හැක :D

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්............. අලේ............... කෝමෙයි අප්පා අපේ පවනි කියනවත් වගේ ඔය සුදු මූන අමතක කොරල ඉන්නෙ.කිරිටොපියක් වගේ ලස්සනයි නෙව.කිව්වත් වගේ දඟමල්ල ආවනම් එහෙම මල්ලකට බැහැල තමා ඉන්න වෙන්නෙ ඕන්.හෑ......... කව්දෑ බං අක්කෙ පච හැලුවෙ.ඒඩ්ස් අයිඩියා එක විතරනෙ ඕන් මම දුන්නෙ.අලේ මුං දැන් හිතයිද දන්නෙ නෑ මට ඒඩ්ස්ද කියල එහෙම කිව්වම.අලේ ඒක අයිඩියා එකක් විතරයි ඈ........... මට ඒඩ්ස් තියා උන හෙම්බිරිස්සාව වත් නෑ ඕන්.තෙමි තෙමි කියෙව්ව එව්වත් මතකයි නේ එහෙනම්.එහෙම කිව්වම සිංදුවකුත් මතක් උනා "මතකද හැන්දෑවේ අපි දෙන්නා, මන්දාරම් අඳුරේ, දවසක් දා මල් වැස්සේ තෙමුනා............." හික් හික් හික් :)

      Delete
    2. හේ හේ තෙමෙමු තෙමෙමු කොල්ලෝ අපි පින පින නාමුකෝ ලදේ හේ හේ

      Delete
    3. අලේ නාමු නාමු 22 දා හික් හික් හික් :))))

      Delete
  10. මළ සේක....
    විපර්යාස... :ඩී

    මුල්ම බොඩිලෝස්න් ක්‍රීම් සත්කාරය අධිවේගී මාර්ගයේ ගමන් කළ වයිකිං රථය තුළදී සිදු වූ අතර දෙවන බොඩිලෝසන් ක්‍රීම් සත්කාරය අභීත අයියා කුරුඳුගහහැතැක්මට එවා තිබූ බස් රථය තුළදී කාටදෝ මන්දා සිදු විය.
    තවද මාගේ නමය කියා ගනිමින් කොල්ලෙකු මේ ගමනට සහභාගී වී තිබූ බවක් ද පසුව දැනගන්නට ලැබුණි.
    :ඩී

    හිත හොඳ සඳ කිඳුරෝ අපි නැවතත් සයිබර් සිහින උළේලේදී හමු වෙමු........

    ReplyDelete
    Replies
    1. අලේ බොහොම ස්තූතියි පවනියො ලෝෂන් ප්‍රහාර ගැන විස්තර දැම්මට.ඔයාගෙ නමින් ආපු ඇට්ටරයව නම් සයිබර් සිහින උළලෙදි බෙල්ලෙන්ම අල්ලගන්න ඕනි.කස්ටිය හිතන් ඉන්නෙ ඌව දඬුකදේ ගහන්න කියල :D.......... අනිවාර්යයෙන්ම පවනි.අනිවාර්යයෙන්ම හමුවෙමු.ඒ මොහොත එනකම් මේ මුළු බ්ලොග් අවකාශයම බලන් ඉන්නව ඕන් :)

      Delete
  11. අලේ මන්දා.. මම නම් බයේ හිටියේ කිදුරට මුහුද දැකපු ගමන් මෝල් වෙයි කියලා.ඒත් කියන්න ලැජ්ජයි ..උඹට හැදුනෙ කලන්තෙ නේ.. අපි නොදන්න අලගෙඩි කිදුරා.. ලොල් නෙමේ ලොලි පොප්...

    විහිළුවක් මලේ.. 22 හම්බවෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා..
    එදාට උඹෙ ඔය අට මගලෙ පිරිමි අපිටත් තැනක් තියපන්. නැත්තන් ඉතින් ඕකෙ යන්න ගවුමක් වෙන්න එපැයි නේ...

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්...... මූද දැක්කම කොහේ මෝල තදවෙන්නෙයි එතන උන්නු අපෙ සහෝදර රටවල් වලින් ආපු අක්කල ටික දැක්කම.හෑ....... අලේ අනිවා 22 සෙට් වෙමු.ගවුම් පුරස්නෙ ගැනනම් සලකා බලන්න ඕනි ඕන් :D....... වයසක උන්දෙක් නිසා ගරු කොරල දෙන්නම්කො ඉඩක් නේ.ඒත් ඉතින් ඔය වයසට වේගෙන් යන්න හොඳදෑ මන්ද ;)

      Delete