කිඳුරු සේනාව

Friday, September 9, 2011

සමුගනිමි සදහටම


මේ නිසල රෑ සද එලියත් පාලුවත් තුරුලු කර
බැලිමි අහසේ දඟකරන තරු දිහා
බලාපොරොත්තුවක් සොයන්නට
ඒත් කවුරුන්හෝ කියාදෙන්න මට
මෙතරම් තරු තිබුනත් අහසේ
ඇයි මම විතරක් තනිවෙලා

ඒ වුනත් ඇසීමට කිසිවෙක් හමුනොවූ නියාවෙන්
ඇහුවා මන් හෙමීට මගේම හදවතින්
"ඇයි මම විතරක් තනිවෙලා"

ඔවු ලැබුනි මට පිලිතුරක්
කිසිදු අනුකම්පාවක් නැති
"උඹ තනිවිය යුතුයි කල වරදට දඬුවමක් ලෙස
විඳින්න එපා මේ ලෝකය
මේ ලොව අයිති නෑ ඔබ හට
පිලිතුරු දුන්නත් ඔබට
මාවත් අයිති නෑ ඔබ හට
මාව අර ඈත පෙනුනු තරු නෙතකත දුන් දවසේ
සිතුවෙ නැහැ නේද ඔබ තනිවෙයි කියා
මාවත් ඔබ ලග තියා නොගෙන දුන්නනම්
විඳවපන් දැන් ඉතින්
කදුල පමනයි ඉතිරි උඹ හට"

ඉතින් ඒ කඳුල පමනක් තුරුලු කර
ඒ තරුවේ මතකයත් රැගෙන
සමුගනිමි ලෝකයෙන්
මරනයේ උනුසුම සොයා

 

10 comments:

  1. බොහොම පින් රෙඩ් රයිඩින් හුඩ්

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මහීමා :)

    ReplyDelete
  3. ලස්සන නිර්මාණයක් යාළුවා...

    ReplyDelete
  4. තැන්කූ වේවා දිනේෂ් යාලු

    ReplyDelete
  5. කිඳුරෝ කොහොමද එල්ලෙන්නේ ?......

    ReplyDelete
  6. සද ඇති රැයෙක වෙරලත සිපගත්තහොත් ටිකකින් වරල් අතුරුදහන් වෙලා කකුල් මතුවේවි පුරාවෘත්ත ඉතිහාසයට අනුව Tharinduhw122 .ආදරේ නාමයෙන් මියයන මේ කිදුරු හිතත් සදාතනික කිදුරු ආදර පුරානයේ නොමැකෙන සන්දිස්ථානයක් මo වගේ හැම කිදුරු හිතකම මොහොතකට පමනක් හරි සනිටුවහන් කරාවි............ :)

    ReplyDelete
  7. මුහුදෙ ඉදන් ගොඩට ආවේ කව දද?

    ReplyDelete
  8. සොඳුරු සිත ............ මුහුද නැතුව ජීවත් වෙන්න සොභාදහමට අනුව බැරිවුනත් මන් වගේම කිදුරු හිත් අමතන්න ඕනෙ නිසාම ගොඩට ආව.චේතනාව පිරිසිදු නිසාම මැරෙන එකක් නෑ............. :)

    ReplyDelete