කිඳුරු සේනාව

Monday, September 5, 2011

කදුල

අතෙක ලොව සියලු දේ ලද පෙම්වතෙක්
අතෙක ලොව සියලු දේ අහිමි වූ පෙම්වතෙක්
හරි මැද පෙමක් නොලද කුලුදුලේ සිහින මවන පෙම්වතෙක්

සියල්ල ලද කෙනා පතද්දී
"අහෝ කදුල නුඹ එන්නෙපා අප අතරට
කඳුලකට ඉඩ නෑ අප අතර
මේ තොල් පෙති අග තෙත් බවත්
දෙහදෙහි උණුසුමත්
හැමදාම ඇති අප හට
පොඩි එකෙක් එයි ලගදිම
අපේ උණුසුම විඳින්නට"

 
 

එය එසේ වෙද්දී
දෙලොවක අතරමන් වී මැද සිටින කෙනා සිතයි.....

"ගජමන් තතුනම් සත්‍යමැයි
පෙර නොවිඳි රසයක පහසනම් කඳුලැල්ලකත් හසරැල්ලකත් මුහුවයි
ජීවිතේ නම් හරිම සුන්දරයි එය මා වෙත තාම නොආවත්
කෙදිනක හෝ ආදරය ලද දිනෙක
රැකගනිමි එය දිවිහිමියෙන්
කැපවෙමි සියල්ල අභිබවා
විඳිමි එය මැනෙවින්"
ගොඩගසයි ඔහු සිහින මාලිග
ඉටු වුවහොත් නම් හොදයි
කුමක් වේවිද නොවුවහොත්????


 
සියලු කාරන එසේවද්දී
සියල්ල අහිමි වූවා සිතයි.....

"අනේ මට මුකුත්ම නෑ
මට හැමදේම අහිමි වෙලා
අනිත් හැමෝටම හිතක පහසක් ලැබෙනවා
ඒත් ඇයි මට විතරක් නැත්තෙ"
ඔහුට තම සිතද අහිමි වූවාසේය
විටෙක හේ සිතූවත්
මේ ඇසේ පිරී නලියන කඳුලුවත් ඔහුව හැරනොයාවි කියලා
හේ එතැන්හිද වැරදිය
නිරන්තරයෙන් දිවිය පුරා
කඳුලෙහි පහස අත්වින්දද
ඒ කඳුලු බිඳුත්
හනි හනිකට කම්මුල් දිගේ බැස ගමන් කරයි
ඔහු නොපෙනෙන ඉමක් වෙත
එහෙත් හේ සතු එකම උරුමයද කඳුලම පමනක් බව හේ දනී

 
 

අහෝ තිදෙනෙක් කඳුලක් දකින අයුර....................

7 comments:

  1. adoo uba siraawatama liyanawa ne kollo
    digatama liyapan api innawa kiyawanna

    ReplyDelete
  2. අළුතෙන්ම පටන් ගත්ත බ්ලොග් එකක්.. දිගටම ලියන්න.. අපි ඉන්නවා..

    ReplyDelete
  3. ලස්සන අදහසක් සහෝ. දිගටම ලියන්න. ජය!

    ReplyDelete
  4. හිතක පහස අහිමි උනාට ඔයාට කදුළු ඇර ජිවිතේ තව කොච්චර දේවල් ඉතුරු වෙලා තියනවද? කදුළු අතරින් හිනාව හොයාගන යමු. ලියමු දිගටම



    අනේ කිදුරෝ මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කොලා නම් නේද හොද? කමෙන්ටු දාන්න ලේසියි එතකොට

    ReplyDelete
  5. හිතුනෙනම් කිසිම හිතකින් මේ කිදුරු හිතට සවියක් නොලැබේවි කියලා.ඒත් දැන්නම් ගොඩක් සතුටුයි.ඔයාල හැමෝටම ගොඩක් පින්.කිදුරු ලෝකෙට සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා........ ඕන්න වර්ඩ් වෙරිෆිකේෂන් නුත් අයින් කලෝ.නිදහසේ සවිය දෙන්න :D

    ReplyDelete
  6. oyage adahas nam marai mallo.....
    good luck !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කණ්ඩි :)

      Delete