කිඳුරු සේනාව

Tuesday, April 16, 2013

නැගපු හැටි (ටිකක් විතර 18+)


මේ අවුරුදු කාලෙ ඉතින් නිදහස් විවේකී වෙලාවල් වැඩිනෙ. එහෙම වෙලාවක ඉස්සර වුනු සුන්දර මතකයන් මතක් කරද්දි මීට ටික කාලෙකට ඉස්සර වුනු ලස්සන සිද්ධියක් මතක් වුනා. මුලින් දෙබස් ටික කියවල ඉන්නකො. පස්සෙ කතාව කියන්නම්.

එයා :- මොකක්ද ඔය නැවිල බලන්නෙ
මම :- නගිනවද කියල
එයා :- කෝ ඉතින් නගිනවද
මම :- තාම නම් නෑ
එයා :- නගින්නෙ නෑ වගේ නේද
මම :- යන්තම් හෙල්ලෙනව. ටික ටික නගිනව වගේ
එයා :- ඕක ඉතින් මහලොකු දෙයක් යෑ
මම :- හැමදාම ෆුල් නගින්නෙත් නෑනෙ. බලන්න ආසයි ෆුල් නගින හැටි
එයා :- ෆුල් නැග්ගම මොකෝ වෙන්නෙ
මම :- හිතට ගොඩාක් ලොකු අමුතු හැඟීමක් දැනෙනව. ඒක වෙලාවකට හරි පිරුනු හැඟීමක්. වෙලාවකට ලොකු සතුටක්


.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මොනාද හිතුනෙ :D ඇත්තටම මෙන්න මේකයි ඕන් සිද්ධිය. මම දවසක් වාහනේ එළවගෙන ගෙදර එද්දි කාර් එකේ තව දන්න කියන ගෑණු ළමයෙකුත් හිටිය මගෙ පන්තියෙම හිටපු. ඊට පහුවෙනිදට දුර ගමනක් යන්න යෙදිල තිබුන. ඒ හින්ද එදා උදේම ගෙදරින් එද්දි ගෙදරින් ප්‍රතිපාදන ලැබුන ෆුල් ටෑන්ක් කාර් එකට ඩීසල් ගහන්න. ඉතින් ඒ වෙලාවෙ ගෙදර එන ගමන්ම ෂෙඩ් එකකට වාහනේ ඩීසල් ගහන්න නැවැත්තුව. ඒ වෙලාවෙදිම තව අක්ක කෙනෙක්ගෙන් කෝල් එකක් ආව. ෂෙඩ් වල ඉන්න සමහරු එවුන් හොරටත් තෙල් ගහනවනෙ. ඉතින් කෝකටත් කියල අර අක්කට "පොඩ්ඩක් ලයින් එකේම ඉන්න" කියල තෙල් ගහද්දි ඩීසල් මීටරේ දිහා බලන් ඉද්දියි අර ඉස්සෙල්ල කියපු දෙබස් ටික කාර් එකේ උන්නු ගෑණු ළමයයි මායි අතර ඇතිවුනේ. කොහොමින් කොහොමහරි අර අක්කට ඒ ටික ඇහිල එයා හිතල තියෙන්නෙ වෙනම විදිහකට. මං ආපහු ෆෝන් එක අරන් "හෙලෝ" කියපු ගමන් "නෑ කමක් නෑ මල්ලි හදිස්සියකට නෙමේ ගත්තෙ මං පස්සෙ වෙලාවක ගන්නම්කො" කියල ෆෝන් එක තිබ්බ. ඊට පහුවෙනිද කලින්ද කතාකල අක්කට කෝල් එකක් දීල කතා කරද්දි මෙන්න මට කියපි "සොරි ඔය දෙන්නට ඊයෙ ඩිස්ටර්බ් කලාට" කියල. මාව නිකන් කරකවල අතෑරිය වගේ. මං ඉතින් "තේරුනේ නෑ" කියල කිව්වම කියපි "නෑ ඊයෙ රෑ ඔයාල දෙන්න කතාකරපු දේවල් කෝල් කරල ලයින් එකේ ඉද්දි මට ඇහුන ඒකයි මම පස්සෙ ගන්නම් කියල තිබ්බෙ" කියල. ඒත් මට මඤ්ඤං. මීටර් නැති හින්දම මම ඇහුව "මොනාද ඉතින් ඇහුනෙ?" කියල. එතකොට ඉතින් දන්න දන්න වචන එහෙන් මෙහෙන් දාල නොකියා කිව්ව අරක අරෙහෙම වෙන්නෙ නැතිව නේද එහෙම කිව්වෙ කියල. සැහ්........... එතකොටයි බොල තේරුනේ එයාගෙ කුජීත මීටරේට මීටර් වෙලා තිබුනු දේ. ඒ වෙලාවෙ ආපු හිනාවෙ හැටියට සෑහෙන ගේමක් දීල නහර පුපුරවගන්නෙ නැතුව හිනාව වාවගත්තෙ. ඒ කාලෙ මේ කාලෙ කියල වෙනසක් නෑ. තාමත් මතක් වෙද්දි හිනාව වාවගන්නෙ පට්ටම ගේමක් දීල.


අනිවා සෙට් වෙමු එහෙනම් සයිබර් සිහිනයෙදි. අපි වගේ තව දසත විසිරුනු බ්ලොග් ලියන කියවන හැමෝගෙම ලස්සන පුංචි අවුරුදු උත්සවේ. මතකනෙ. හරියටම 2013 අප්‍රේල් 21 වෙනිද උදේ 9 ඉඳන් හවස 4 වෙනකල් මහරගම තරුණ සේවා සභා පිටියෙදි. ඒ ලස්සන දවසෙදි එහෙනම් හම්බුවෙමු. වැඩි විස්තර මෙතැනින්.

19 comments:

  1. ඉඳපන් අම්මට කියන්න මීට පස්සේ ෆුල් ටෑන්ක් ගහන්න සල්ලි දෙන්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. :o හුටා.......... ෆුල් ටෑන්ක් නොගහ ෆුල් නග්ගන්නෙ කොහොමෙයි :/ ;)

      Delete
  2. පැත්තට ඇල වුනාම බලන් ඉද්දි නගිනවා.. ට්‍රයි කරල බලපං.. අත්දැකිමෙන් කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. හෑ................. මයෙ ඉස්සරහට ඇල උනාම නගිනව :/ පස්සට ඇල උනාම බහිනව :/

      Delete
  3. හරි සෝක් වැඩේ පවු අප්පා..

    ReplyDelete
  4. බොට කෝල් කරන අක්කලත් බොලා වගේම වල් :P

    ReplyDelete
  5. හ්ම්ම් හ්ම්ම්.. ඇත්ත කියපන්... ;)

    ReplyDelete
    Replies
    1. :v ඇත්ත තමා බොල. ඇයි උඹ හිතුවෙ ඔය කරුණු 2 මාරු වෙන්න ඕනි කියලැයි :p

      Delete
  6. pull naginawa dakhama hitata mara gatiyak dananawa. (meter eka).
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. අනිවා :p හැමදාම බැහැල තියෙන එක නැගලම බලන්න ඕනි ඉතින් ලැබෙන ආතල් එක :p

      Delete
  7. තනිකරම වෑරද්ද උබෙ උබ මොකටද මෙ නගිනව කියන කුනුහරුපය භාවිත කලේ

    ReplyDelete
    Replies
    1. ඉතින් බං මීටරේ කටුව නගින්නෙ නැතිව ඉස්සෙනව කියන්න යෑ :p

      Delete
  8. dannam nagina hati balanna wenne kannadiyakin thamai habai

    ReplyDelete
  9. ගොන්ට් කලර් වෙනස් කරපං බං.
    කියවන්න අමාරුයි රෙද්ද

    ReplyDelete