කිඳුරු සේනාව

Saturday, March 1, 2014

ජීවිතය කුලියට දෙනු ලැබේ [අයිතිකරුට නඩත්තුවට හිත් නැත]


වෙලාවකට හිතෙනව ජීවිතෙත් හරියට ගෙවල් දොරවල්, ඉඩකඩම්, බඩු බාහිරාදිය වගේ කුලියට හරි බද්දට හරි දෙන්න ඇත්නම් කියල. ජීවිතේ ජීවත් වුනා වැඩි නිසාවත්, අතහරින්න හිතිලවත් නෙමේ. එතකොට හොඳට හෝ නරකට කවුරුහරි කෙනෙක් ඒක ටික කලක් බලාගෙන පාවිච්චි කරල දේවිනෙ. ඒකීයව කැරකෙන දින අස්සෙ නඩත්තු කරල බලා කියාගන්න හිත් නැතිවෙලා. කිසිම දෙයක් ජීවිතේ තුල නැතිව හිස් ගන්ධබ්බ අවධියක් තියේ නම් හිතේ හැටියට අගක් මුලක් හොයාගන්න තිබුන. ජීවිතේ දවසින් දවසම කාර්යබහුල වෙලා. සල්ලි නම් අතේ කැරකෙන බව ඇත්ත. ඒත් ජීවිතේ අරමුණු වෙනස් වෙලා. ගමන් මං වෙනස් වෙලා. සමාජෙට සාපේක්ෂව තනාගත්තු පුංචි පුංචි නැවතුම්හල් වල තාවකාලික ලල් එකකින් අවශ්‍යතා වුවමනා සපයගන්නව. 

මේකද ජීවිතේ?.... 
මේ යන විදිහ හරිද?.... 
තව කොච්චර කලක් මෙහෙම යන්නද?.... 
කෝ අරමුණු?.... 
සල්ලිමද ජීවිතේ?.... 
ඔව් නම් තව කොච්චරක් කිට්ටුද එතනට?.... 
නැතිනම් හරි පාර මොකක්ද?.... 
මං අතරමං වෙලාද?.... 
මැරෙද්දි මොනව ඉතුරු වේවිද?.... 
එහෙනම් ජීවිතේ කියන්නෙ හරියටම මොකක්ද?.... 

මං තාම හොයනව. මේ හැම එකක්ම තවමත් මට උත්තර නැති ප්‍රශ්න.

පින්තූර අයිතිය : curious_eyes_by_youngdraws
පසු ලියමන :- මේක වැදගත් සටහනක් නම් නෙමේ. හිතේ කකියන අදහසක් කුරුටු ගෑවෙ ආපහු ඒ අදහස් සයිබර් බ්ලොග් පත්තිරු මත කැටයම් කරන්න හිතාගෙන පුරා වසරකට පසු ගන්නා පුංචි ආරම්භයක් විදිහට.උඹලට වද දෙන්න මං ආපහු ලියන්න ගන්නව :)

10 comments:

  1. මේකලට වේක් අප් කෝල් එකක් දෙන්නම ඕනනේ ලියන්න.. හා හා ලියහංකෝ.. අපිටනම් වදයක් නෑ..

    ReplyDelete
    Replies
    1. අනිවා හික් හික් හික් ;)

      Delete
  2. අනේ ලියපන් මයේ පුතේ ලියපන්

    ReplyDelete
  3. බලාගෙන යද්දි මේවාට උත්තර නැහැ තමයි..............

    ReplyDelete
    Replies
    1. කවදාවත් හම්බුවෙන එකකුත් නෑ :/

      Delete
  4. ආයෙමත් ලියන එක කොච්චර දෙයක්ද...දිගටම ලියපං කිදුරො....ඔය ඇග හරි අඩුවෙයි එතකොට....

    ReplyDelete
  5. මගේ බ්ලොග් එකට දාපු කමෙන්ටුවක පාර දිගේ තමා ඔබව හොයාගෙන ආවෙ. ගොඩක් ආකර්ෂණීය බ්ලොග් එකක්. ගොඩක් ස්තූතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතියි සහෝ ඇවිත් ගියාට මේ ඉසව්වට :)

      Delete