කිඳුරු සේනාව

Thursday, June 7, 2012

කෙල්ලෙක් ඉදිරියේ සඳකිඳුරා ජීවිතේ පළමු වරට නිරුවත් වීම (18+ බව දැඩිව සලකන්න)

පූර්විකාව :-


මේ දේට සඳකිඳුර මූන දුන්නෙ ඕන් හරියටම කියනවනම් සාමාන්‍ය පෙළ ලියල ගෙදර ඉන්න කාලෙ.ඒ කාලෙදි ඇඟ හිරිවැටෙන තරමෙ ලැජ්ජාවක් මේ සිද්දිය මතක් වෙද්දිත් දැනුනට දැන් දැන් නම් ඒ කාලෙ වුනු ගොන් වැඩ මතකෙට එද්දි තනියම ඇති තරමක් හිනා වුනහැකි.ඇත්තටම ජීවිතේ හැල හැප්පීම් තිබුනට සඳකිඳුරට ගොඩක් දැනෙන දෙයක් තමා මේ ජීවිතේ කියන්නෙ පට්ටම පට්ට ලස්සන දෙයක්.තමාට ජීවිතේ නීරස නම් ඒකට එකම හේතුව තමා ජීවිතය කියල හිතාගෙන ඉන්න රාමුවෙ වරදක් විනා ජීවිතයෙ වරදක් නෙමේ.මොහොතකට හදවතයි ඇහැයි ඒ රාමුවෙන් පිටට දාල බලන්න.ජීවිතේ හැමතිස්සෙම අපිට අඬන්න හේතුවක් දෙද්දි හිනා වෙන්න හේතු දෙකක්වත් අඩුම තරමින් දෙනව.මොහොතක් හිතන්න.


අඬන හිත් වලට ජීවිතේ රහ කියල දෙන්නම්කො පස්සෙ හෙමින් සැරේ.ඉතින් මේ කියන්න ලෑස්ති වුනේ මං කෙල්ලෙක් ඉදිරියේ මුල්ම වරට නිරුවත් වුනු හැටිනෙ.හ්ම්.......... 


මේකට මුල් වුනු එකම කේස් එක තමා සරම.සරම් කිව්වම එක එක ජාතියෙන් තියෙනව නෙව.අතීතයෙ ඉඳන්ම හෙල මුතුන්මිත්තන්ගෙ බොහොම උජාරු ඇඳුමක් තමා ඕන් සරම කියන්නෙ.ගොඩක් අය දැනුත් සරම් අඳිනව ඒක ඇඳන් ඉන්න හරිම පහසු වගේම සැහැල්ලු නිසා.ඒ වගේමයි හැම දේකටම වගේ ගෝලීයකරණයේ බලපෑම් මත සරමත් දැන් මෝස්තර ආභරණයක් ගානට වැටිල ඇතැම් තැන් වලදි.මේ බලන්නකො,





සමහරු හිතනව සරම කියල කිව්වම අයියෝ ඕක පිරිමි ඇඳුමක්නෙ, ගෑනු සරම් එක්ක අදාලත්වයක් නෑනෙ කියල.අපෝ මොන පිස්සුද.සරම කියන්නෙ පිරිමි වගේම ගෑනුත් ඉස්සර ඇඳපු අඳුමක් දැන් කාලෙ ඉන්න ලමිස්සියො දන්නෙ නැති වුනාට.දැනටත් ඔය ලමයි හම්බුවෙන්න ඉන්න අම්මල එහෙමත් පහසුව නිසා සමහර වෙලාවට සරම් අඳිනව.හැබැයි පිරිමි අය වගේ ඉනෙන් නෙමේ, පපුවට උඩින්.ගෙදර වැඩ කරන වෙලාවට එහෙමත් සමහර විටක සරම අඳින්න පුළුවන්.


දැන් අපේ ගෑනු පාර්ෂවේ ඕන් බීච් කවර් ස්කර්ට්ස් කිය කිය ලස්සනට වැඩ දාපු ඉන වටේ ඔතන ඇඳුම් ඇන්දට ඒකත් සරම කියන ඇඳුම ගෝලීයකරණයත් සමගම මුසු වීමේ ප්‍රභේදයක් තමයි.මේන් බලමුකො ඒකෙත් හැඩ :)






කොහොමින් කොහොම හෝ අදටත් වැඩි දෙනෙක් කැමතී සරමක් වගේ පහසු ඇඳුමකින් ඉන්න ඇත්නම් ගෙදර ඉද්දි.හැබැයි ඉතින් ඕක හැමෝටම හරියන්නෙ නෑ.ඒ මොකද කියනව නම් සමහරුන්ට සරම් ඇඳගෙන ඉන්න තේරෙන්නෙ නෑ.මටත් ඔය මගුල ඇඳගෙන ඉන්න තේරෙන්නෙ නෑ නෙව.කොහොමහරි දවල්ට කඩන් නොවැටි ඇඳගෙන හිටියය කියමුකො.රෑට නිදාගෙන උදේ නැගිටිද්දි තමා ඇහැරවන්න එන එකාට තොවිල් නටවල නූල් බඳින්න වෙන්නෙ.මොකෝ ඉතින් ඇහැරෙද්දි සරම පැත්තක, ඇඳන් හිටපු එකා තව පැත්තකනෙ.අපේ ගෙදර ඉතින් ඔය නස්පැත්තියට කාලයක් මූන දුන්නෙ අපේ අම්ම.පස්සෙ පස්සෙ ඉතින් අපේ අම්මගෙ බයිට් ඉවසන්න බැරිම තැන මම සරම කියන වචනෙත් මගේ ඩික්ෂනරියෙන් අයින් කලා.ඉතින් ඔන්න දැනුයි මගෙ කතාව පටන් ගන්නෙ............ ;)


මගේ කතාව : සරමක් කරපු නස්පැත්තිය :/

ඒ දවස් ඉතින් සාමාන්‍ය පෙළ ලියල ගෙදර හිටපු කාලෙනෙ.හරිම අමාරුයි ගෙදර ඉන්න.පනුගාය වගේ හැම තැනම දුවනව.එලියට බැහැල යාලුවොත් එක්ක පිස්සුවක් නටන්න ඇත්නම් ඊට වඩා දෙයක් නෑ.

දවසක් ඉතින් ඕන් සඳකිඳුරට ඉස්කෝලෙ හොඳම යාලුවෙක්ගෙන් ආරාධනාවක් ආව " වරෙන් මචෝ ගෙදර.කාල බීල ගේමක් එහෙම ගහල ෆන් එකක් දාමු " කියල.අලේ ඉතින් මටත් ඉස්පාසුවක් නෑ මිටින් හල කුරුල්ල වගේ ක්ෂණිකව නාල කිටක් දාගෙන බස් එකේ නැගල පිටත් වුනා.

යාලුවගෙ ගෙදර ගියාමත් ඉතින් කම්පියුටරේ නිසා කන්න බොන්න වත් සිහියක් නෑ ගිය වෙලාවෙ ඉඳ ගේම් ගේම් ගේම් ඉවරයක් නෑ.යද්දි යාලුවයි එයාගෙ අම්මයි විතරයි ගෙදර හිටියෙ.අක්ක ඔෆිස් ගිහින්.

ගේම් ම ගැහුව කිව්වට ඉතින් කාල බීල බන්ඩිය පුරෝගන්නත් අමතක කලේ හෙම නෑ.හවස් වෙන්න කිට්ටු වෙලා චුට්ටක් එලියට බැහැල ටවුම් පැත්තෙ හෙම වටයක් දාල ඇවිත් ආපහු ගේම් ගහන්න පටන් ගත්ත.කොහොමින් හරි දන්නෙම නැතුව රෑ වුනා.කාමරේ ජනෙල් දොරවල් වහගෙන කන පැලෙන්න සද්දෙ දාගෙන ගේම් ගහද්දි ඉතින් මොන සිහියක්ද.කොහොමහරි ආපහු පියවි සිහියට එද්දි රෑ 9ත් පහු.දඩබඩ ගාල එන්න කියල හදද්දි යාලුවගෙ ගෙදරින් අපේ ගෙදරට කතා කරල කිව්ව දැන් ගොඩක් රෑ නිසා පුතාව උදේ වෙලා එවන්නම් කියල.අපේ අම්මත් හා කිව්ව.ආපහු එන්න බලන් ගිය නිසා මං නවතින්න කියල මුකුත්ම අරන් ගියේ නෑ.

වොෂ් එකකුත් දාගෙන ආව.දැන් ඉතින් අඳින්න ඇඳුමක් නෑ.මගෙ යාලුවත් අඳින්නෙ සරම් ගෙදරට.සැක්........ කරන්න කිසිම දෙයක් නෑ.යාලුවගෙ ගෙදර එවුන්ට කියන්නත් බෑනෙ ඇහැරෙද්දි සරම පැත්තක මම පැත්තක කියල.යාලුවත් එහෙම තමා.ඒත් ඉතින් ඌ ගෙදර එකානෙ.

ඕනෙ එකක් වෙච්චදෙන් කියල නාල සරමට බැහැල රෑ කෑමත් ගත්ත.ඊට පස්සෙ ඉතින් නිදිමත එනකල් ආපහු ගේමක් ගහල යාලුවගෙ අක්කත් එක්ක ඉගෙනගන්න වැඩ ගැන පොඩි චැට් එකකට බැහැල උන්නෙ.හොඳ වෙලාවට ගෙදර හිස් කාමරයක් තිබුන.ඉතින් ඕන් සඳකිඳුර යාලුවට අනිත් එවුන්ට කලින් ඇහැරවන්න වරෙන් කියල සැනසිල්ලෙ නිදාගන්න ගියා.කොහොමහරි සැපටත් නින්ද ගියා


ඒ දවස් ඉතින් සීතල දවස් නෙව.සැපට ගුලිවෙලා හීන දැක දැක නිදාගත්ත.උඹල දන්නවනෙ මේ මිනිස් ඇඟ තාප සමායෝජන ගුණයෙන් යුක්තයි කියල.ඒ කියන්නෙ ශරීරයෙ තාපයෙ නිශ්චිත අගයක පවත්වා ගැනීම උදෙසා ශරීරයේ යම් යම් අනුවර්ථනය වීම් හා ක්ෂණික වෙනස් කම් ඇති වෙනව.ඒ වගේ වෙන එක දෙයක් තමා සීතල වෙලාවට හිරිගඩි පිපිල ඇඟේ මවිල් කෙලින් වෙන එක.එහෙම වුනාම ඒ මවිල් අතර වාතය තුනී ලෙස රැඳෙනව.වාතය කියන්නෙ දුර්වල තාප සන්නායකයක්.එතකොට ශරීරයේ තාපය පිටතට හානි වෙන්නෙ නෑ.

ඉතින් ඒ සඳහා ශරීරය විසින් සමේ මතුපිටට ආසන්න රුධිර ධමනි පවතින මට්ටමට වඩා තරමක් දුරට විස්ථාරණය කරල ශිරා තරමක් දුරට සංකෝචනය කරනව.එතකොට ඇඟේ සම මතුපිටට කිට්ටුවෙන් වඩා හොඳ රුධිර සැපයුමක් ඇතිවීම මගින් මස්පිඩු වලට සීතල දරාගැනීමට ඕනෙ කරන ශක්තිය ලබා දෙනව.වැඩේ කියන්නෙ ඉතින් ඕක ඇඟේ අත පය වලට විතරක් බල පැවැත්වෙන දෙයක් නෙමේ නෙ.ඕක වෙන්නෙ මුළු ඇඟටමයි.එතකොට ඉතින් ඕනෙ මස්පිඩු වගේම ඕනෙ නැති ඒවත් දරදඬු වෙනව.සැහ් මේව හුනුහරුප නෙමේ බං.උඹලට සීතල දවස් වලට වෙන සීන්කෝන් එක මේක තමයි.

වැඩේ කියන්නෙ ඉතින් එතකොට හරියට අර කූඩාරම ගැහුව වගේ තමයි :D


වැඩේ කියන්නෙ ඉතින් සරම ඇඳන්  නිදාගත්තම සරම පැත්තක මම තවත් පැත්තකනෙ.එතකොට ඉතින් කූඩාරමත් නෑ.සැක් මට ඒක අර්ථ දක්වන්න තේරෙන්නෙ නෑ බං.හරියට මෙන්න මේ වගේ


මක්ක කොරන්නෙයි ඉතින්.මං දන්නවද.හොඳ සැපට නිදි මං.වැඩේ කියන්නෙ යාලුවත් මං වගේම හෙන ගැහුවත් ඇහැරෙන එකෙක් නම් නෙමේ.වෙන කියන්නම එකෙක් නැති නිසා උට කිව්වෙ අනිත් එවුන්ට කලින් මාව ඇවිත් නැගිට්ටවපං කියල.ආන්ටියි අන්කලුයි හිටියෙ පල්ලෙහා තට්ටුවෙ.එයාල උඩට එන්නෙම නැති තරම්.උඩ තට්ටුවෙ කාමර ලඟ ලඟ කාමර 3ක තමා මමයි, යාලුවයි, යාලුවගෙ අක්කයි හිටියෙ.

කොහොමහරි ඉතින් යාලුවගෙ අක්ක තමයි යාලුවවත් හැමදාම නැගිට්ටවන්නෙ.සුපුරුදු පරිදි ඉතින් අක්ක ගිහින් ඌව නැගිට්ටවල.මිනිහටත් මං තාම නිදි කියල මීටර් වෙලා නෑ.මිනිහ ඉතින් තුවායත් අරන් බාත් රූම් එකට රිංගල.අරූ බාත් රූම් ගිය නිසා මාව නැගිට්ටවන්නෙයි කියල අක්ක ඇවිත් කාමරේට.මල ගිනි විජ්ජුම්බර ජංජාලයයි


කොහොමින් හෝ අක්ක මාව නැගිට්ටුව.ඇහැරෙද්දි කවදාවත් නැතුව මං නිදාගත්දි පෙරවගත්තු රෙද්ද මගේ මුලු ඇඟම වැහෙන්නයි තිබුනෙ.පොඩ්ඩක්වත් රැලි ගැහිල තිබුනෙ නෑ.හැබැයි සරම නම් කකුලෙ මායිමෙන් යන්තමට වගේ අහු උනා.සට පට ගාල අත් දෙකින් කූඩාරම බාගෙන ඇඳේ පැත්තට හැරුන මම.සැහ්.......... එතකොටත් පරක්කු වැඩී.කතාකරනවට වඩා අක්ක හිනා වුනු එකෙන් මං දැනගත්ත වැඩේ චාටර් වෙලා ඉවරයි කියල.

අක්ක කාමරෙන් එලියට යනකම් ඉඳල සටපට ගාල පෙරවන රෙද්ද ඇතුලට බැහැල සරම හෙව්ව.



ඇඟත් ලැජ්ජාවෙන් හිරිවැටිල.ඇඳෙන් බැහැල ගිහින් ආපහු මූන බලන්නෙ කොහොමද.හිතාගන්න බෑ.

සරම ඇඳගත්තු ගමන් පාප මිත්‍රයව හොයාගෙන ගියේ.ඒත් මගක් දුර යද්දි හිතුන ඌ ඉස්සරහත් ආපහු චාටර් වෙනවට වඩා අක්ක ගාවට ගිහින් මේක කාටවත් කියන්නෙපා කියල නාහෙන් අඬන එක හොඳයි කියල.පස්සෙ හැරෙන තැපෑලෙන් අක්ක ගාවට ගිහින් කිව්ව කාටවත් කියන්නෙපා වුනු දේ කියල.අක්ක ආපහු හිනා වෙලා හා කිව්ව.

කෑවෙත් නෑ බිව්වෙත් නෑ සටපටාර් ගාල ලෑස්ති වෙලා ආපහු ගෙදර ආව.කොහොමහරි අක්ක පස්සෙ කියපු විදිහට නම් අක්ක මාව ඇහැරවන්න කාමරේට එද්දි මගෙ ඇඟේ සරමවත් පෙරවපු රෙද්ද වත් තිබිල නෑ.සරම කකුලට යටවෙලා තිබුනු නිසා ගත්දි ඇහැරුනොත් කියලලු පොරවන රෙද්දෙන් පෙරවල ඇහැරුවෙ.එදායින් පස්සෙ නම් ආයිත් මලාට සරමක් ඇන්දෙ නෑ.

අවුරුදු 4ක් විතර ගිය නිසා දැන් නම් ඒ ගැන එච්චර හිතට අවුලක් නෑ.ඒත් යාලුවගෙ අක්ක නම් තාමත් දකිද්දි මහ කින්ඩි චාටර් හිනාවක් දානව.


සැහ්........ එතකොට තමයි පැස්බරා වගේ වත් ඔලුව හංග ගන්න හිතෙන්නෙ :/











66 comments:

  1. පැහැරගැනීම හෝ හොරකම් කිරීමකට ලක් නොවීම ගැන සතුටු වන්න! :D

    ReplyDelete
    Replies
    1. o.O එහෙම එව්ව වුනාද දල්ලෙ ලෑ.මං දොයිනෙ හලේ :o

      Delete
  2. වෙලාවට අක්කා කූඩාරම අකුලලා නෑ..
    සීතලට මචන් අග්ගලාත් ගල් වෙනවලු....
    මේක බලහන්.. :)
    http://harshana-bc.blogspot.com/2012/06/16.html

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අලේ බොහොම ස්තූතී රජෝ.බොටත් වැඩි වැඩියෙන්ම රාජ සම්පත් ලැබෙන්න ඕනි.අක්ක අකුලන්න ට්‍රයියක් දුන්න නම් කොහොමෙයි :p කූඩාරම් ගහද්දි අග්ගල බැලුවෙ නෑ බං ;)

      Delete
  3. පව් අර හිංසක අක්කා.... ( මෙව්ව්ට කොමෙන්ට් දාන්න බැ බොලව් )

    ReplyDelete
  4. හික් හික්...... මල්ලි යා අපේ රටේ ජාතික ඇඳුමේ යට කෑල්ල අඳින්න බැරි අය ගොඩක් ඉන්නවා... ඒ අතරේ උඹත් මාත් ඊට ඇතුළත් දෙන්නෙක්
    http://hindisng.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අලේ එහෙනම් දාන්න 5ක්.අපි දෙන්න විතරක් නෙමේ.ගොඩක් එවුන්ට ඔය ආනිසංසෙම තමා :p

      Delete
    2. දෙයියන්ගෙ පිහිටෙන් මටනම් ඕකෙ අනිත් පැත්ත. සරමක් ඇන්දෙ නැත්නම් නින්ද යන්නෑ වගේ...

      Delete
    3. සරම ඇන්දම අපිටත් හොඳට නින්ද යනව බං.ඒත් ඇහැරෙද්දි ඇයි නිදාගත්තෙ කියල හිතෙනව :p

      Delete
  5. උඹේ වෙලාව හොඳයි වගේ මලයො. ඇති ඔයිං ගියා........

    ReplyDelete
    Replies
    1. හික් හික් සැහ් ඒ වුනාට තව මොනාහරි වුනානම් හොඳයි කියල දැන් නම් හිතෙනව ;)

      Delete
  6. මේවට ඉතින් හිතෙන දේවල් කියන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි හයියෝ ඇනෝ කමෙන්ට් තියෙන්නෙ ;)

      Delete
    2. අක්ක පෙලෝ ලෙලි ගහන්න ඇති..

      Delete
    3. ඔය වගේ එව්ව මතක් වෙද්දි දැනුත් කූඩාරම් ගැහෙනව වගේ :o

      Delete
  7. uba oka mathak kara kara passe anam manam karaa neda..ahh kiyapan atta :P :P eka thama hodama hariya uba liyala nati unata

    ReplyDelete
    Replies
    1. හා හා හා කෑ කෑ කෑගන්නෙපා.එව්ව ඉතින් ලෝක ධර්මයනෙ.සූ සූ සද්ද නැතුව හිටු

      Delete
  8. හූ ඈ උබටත් වෙන වැඩ :D

    අර වලා රජා ලිව්වා වගේ
    නංගි අපේ අග්ගලා-සීතලේට ඇකිලිලා :P

    ඒත් උබ විතරක් මොකද කූඩාරම් ගැහුවේ? :D

    ReplyDelete
    Replies
    1. නින්දෙන්නෙ බං.අග්ගල අකුලං මදිවට කූඩාරනුත් ගහන් ඉඳල තියෙන්නෙ.සැහ්............. පැද්දි පැද්දිත් තිබිලද දන්නෙ නෑ :(

      Delete
  9. හයියෝ හුහුහුහුහුහුහුහු.........................

    ___සිහින මදාරා___

    ReplyDelete
    Replies
    1. හික් හික් ලෝකයක් වටින චාටර් මතකය :p

      Delete
  10. ඕව නොලැබෙන චෑන්ස් මලයා.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් :D චාන්ස් එක ලැබුනු කාලෙ මට අස්පට් වුනාට මොකෝ දැන් නම් නැති බැරි වෙලාවටත් චාන්ස් එකේ මතකෙ ගොඩක් පිහිට වෙනව :p

      Delete
  11. ඔච්චරට සරම ඇන්දාම ෂුවර් නැත්නම් බෙල්ට් එකක් දාන්න තිබුණේ :D

    ReplyDelete
    Replies
    1. හෑ........ බෙල්ටුත් දාගෙන නිදාගන්න පුලුවන්ද බොල :p ;p

      Delete
  12. මටත් හිතට ආපු දේවල් කියන බෑ මචන් :D

    ReplyDelete
    Replies
    1. අලේ....... ඇනෝවක් කෙලල ඇරහන් :p

      Delete
  13. උඹ පිනක් කොරගත්තා කියල සතුටු වෙයං හිකිස්

    ReplyDelete
    Replies
    1. දැන් නම් අක්කණ්ඩිට පින් දිදී තමා වැඩ අරඹන්නෙ :p

      Delete
  14. මලා උදේ පාන්දර යාළුවගේ අක්කට මතුරන්න එහෙමඋනේ නැතේයි
    උඹ එදා බීලා නේද නිදා ගත්තේ
    ඒකනේ ගෙවල් ඇතුලේ කූඩාරමි ගහන්න ගිහින් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හෑ........ අලේ ඔව් ඔව් ජින්ජියො මං වතුර කෝප්පයක්ම බීල නිදාගත්තෙ.ගේ ඇතුලෙ කෙසේ වෙතත් කූඩාරම නම් ගැහුවෙ සරම ඇතුලෙ :p

      Delete
  15. මට ඕක කිව්වම මතක් උනේ අර රිටි පන්න රිටක්.....
    හඃ හඃ හඃ ..... පොඩිකාලෙම කිදුරගේ පතිවත කෙලෙසිලාද?

    (අනිවා වැඩිහිටියන්ට පමණයි පොස්ට් එකක් තිබ්බොත් අර වල් රජා එකේ ඉහලින්ම කොමෙන්ට් කරලා )

    ReplyDelete
    Replies
    1. නින්දේදී පතිවත කෙලෙසුනු සඳකිඳුරා.සැහ්......... අහෝ දුකකි ඉරකි තිතකි.හපෝයි ඔව්.ඕක මහ වල් රජා නෙව හික් හික් හික් :p

      Delete
  16. අපොයි..කිඳුරෝ...

    ReplyDelete
  17. අෆ්ෆා.. මම යාලුවෙක්ගෙ ගෙදර ගිහින් සරම ඇඳන් නිදාගෙන, අන්තිමට නින්දක් නෑ. ඇයි ඉතින් උන්ගේ අම්ම හරි නංගි හරි ආවනම් නැගිට්ටවන්න කියල. විලි ලැජ්ජාවේ සන්තෝසේ අර සරම දෑතින් බදාගෙන හිටියා එලි වෙනකම්ම..අදමයි මෙහෙ ආවේ. දිගටම දැන් එනෝ..

    ReplyDelete
    Replies
    1. සැහ්............ මටනම් සැපට නින්ද ගියා.ඇහැරෙද්දියි සැප දෙපිටින් ගියේ :D

      Delete
  18. මමත් නිදාගන්නකොට සරම අදින්නේ නැහැ බං .. මගේ කාමරේ දොරක් නැහැනේ .. සරමක් ඇදගෙන නිදාගත්තම උබට වෙන සීන් එකම තමයි මට වෙන්නෙත් ..

    ReplyDelete
  19. මටත් ඉස්සර ඔය සීන් එක ම වෙනෝ. පහු වෙද්දි සරම ඉනට තියලා ගැට දෙකක් ගහලා නිදා ගත්තා. දැන් නම් යන්තම් ශේප්.!!

    ReplyDelete
    Replies
    1. මොන දහන්ගැටේ දාල හිරකලත් දැන් නම් බයේ බෑ බං :D

      Delete
  20. සරමෙ කතාව මරු

    ReplyDelete
    Replies
    1. මරුම තමා :D හික් හික් හික් :p

      Delete
  21. කාලෙකට පස්සේ හොඳටම හිනා වුනා අප්පා හයියෝ.... ඒක නෙමේ කොනකපාල සීන් එකක් තිබිලා දැක්කනම් හුටා තමයි නේද... හික් මට කියන්න දේ ගොඩක් ඇත හම්මෝ දැන් බැරියෝ....

    මාත් ඔය සරම හන්දා කෙලවිලා තියෙනවා අන්තිමේ මම සරම ඇඳලා බීඩි ඔතනවා වගේ අයිටම් එකක් කරලා රෝල් කරගන්න පුරුදු වුනා දැන් මලත් සරමේ දහයක් එල්ලුනත් බිමට නම් වැටෙන්නැ

    මගේ සරම වික්‍රම බලන්න මෙතනින් එන්ඩෝ...

    සමාවෙයන් මෙහෙම ඇඩ් දානවට කතාව සමාන නිසායි දැම්මේ

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් අලේ කමක් නෑ ගමයෝ.හෑ.......... උඹටම කිව්වට මොකෝ කොනකපාල තත්වයටත් 8 වසරෙදි මුහුන දුන්න ඇබැද්දියක් නිසා.ඒ වෙද්දි ඒක නිසා ෆුල් නිදහස්.සැහ්.......... උක් දණ්ඩෙ ගහපු ස්ට්‍රෝබෙරි වගේ තියෙන්නැති.හපෝයි :o

      Delete
    2. මම දනිමි සහෝ..... සිද්ධිය හොඳාකාරවම දනිමි.ඔබට වීෂම නිවුන් තත්වයේ සහෝදරයෙක් ඇතිනම් ඒ සිද්ධිය මා දන්නා සිද්ධියමයිය...

      කැඩෙටිං කෑම්ප් එකකදි සිද්ධිය දෙසා වදාරණ ලද්දේයැයි දැනගැනීමට ලැබුණි

      Delete
    3. අප්පටසිරි ඈ.ඔක්කොම හරි.උඹ මාව හොඳටම දන්න එකෙක්නෙ බං බැලුවම.සිරාවටම උඹ කව්ද බං ඈ :p :D

      Delete
    4. මුලින්ම දැක්කේ අවුරුදු උත්සවේදි තමයි... හැබැයි ඉතින් මීට අවුරුදු 3ක් 4ක් තිස්සේම මුළු කොළඹ දිස්ත්‍රික්කෙම ඔය සීන් එක දන්නවා ඇති... ඒ කාලේ ඒක හෙනම ප්‍රසිද්ධ කතාවක්නේ.....

      අධ්‍යාපනික වටිනාකමකින් යුත් කතාවක්නේ :D :D

      Delete
    5. නෑ නෑ එහෙම නෙමේ බං.මට විෂම නිවුන් සහෝදරයෙක් ඉන්න බවයි ඒ විස්තරය මම කැඩෙට් කෑම්ප් එකකදි ඔක්කොම විස්තරේ කිව්ව බවයි දන්නේ කොහොමෙයි.මේ තරම් හොඳට මං ගැන දන්නෙ බොහොම ටික දෙනයි.ඒකයි.ඒ හැමදේම ඇත්ත.ඒ මේ තරම් දන්නෙ කොහොමද.ගොඩ කාලෙකින් ඒ විස්තර මං කා එක්කවත් කියලත් නෑ :p

      Delete
    6. අදාල පුද්ගලයා මට මේ කතාව කිව්වේ මම 9වසරේ ඉද්දි වගෙයි මතක.කැඩෙට් කෑම්ප් එකේ නාද්දි තමයිලු විස්තරේ අතෑරියේ....

      ඔය කතාව ඇහුවාම අපේ යාළුවෝ සෑහෙන්න පරිස්සම් වුනා.කොහොමෙන් කොහොම හරි අවුරුදු උත්සවේ මම දාපු පොටෝවක් නිසා මේ කතාව මට කියපු හාදයා මගෙන් ඇහුවා කිඳුරව අඳුරනවද කියලා.මම ඔව් කිව්වා.ඊට පස්සේ තමා ඒ හාදයා කිව්වේ මේං මේකට තමා අර වැඩේ උනේ කියලා....

      ඉතිං ඔහොමයිලු වුනේ.මම උඹලෑ ඉස්කෝලේ නෙමේ හොඳේ.අදාල පුද්ගලයා මට ජීවිත තර්ජනයක් කරා කියන්න එපා කියලා...

      :P ගනන් ගන්න එපා සහෝ දැන් ඉන්න ඕන පොඩි එකෙක් ඔය සීන් එක දන්නවා

      Delete
    7. සිකේ........... නවනිංගිරාවයි ඈ......... කොහොමින් කොහොම හෝ මාත් මොනාටහරි ප්‍රසිද්ධයි ඈ එහෙනම්.සිකේ ඕක කියපු නරියව නම් අල්ලගන්න ඕනි හික් හික් හික් :p

      Delete
  22. ඒ කාලෙ හොඳ වෙලාවට පුරාවස්තු හොරකං තිබිලා නැත්තෙ

    ReplyDelete
    Replies
    1. හෑ.......... අලේ ඕන් බලන්නකො ඉතින් මයෙ සුට්ටිකම.ඒක නම් ඕන් සිරාවටම තේරුනේ නෑ :/

      Delete
  23. කිඳුරාටත් වෙන වැඩ.. චාටර්ද මන්දා.... හික්ස්... :D

    ReplyDelete
    Replies
    1. හෑ............ හලේ හයියෝ.......... ඕම කියද්දි තාමත් නිකන් කිචි කිචි වගේ අලේ :o :p

      Delete
  24. kiduroo,

    Akka kochara wela wak room eake hitiyada dan ne naha neda?

    ReplyDelete
    Replies
    1. හප්පටසිලි ඈ......... අලේ ඒක මටත් මීටර් වුනේ නෑනෙ.කියපු විදිහට නම් වැඩි වෙලාවක් නෑ.අයියෝ............ දැන් නම් මටත් මගේ පිරිසිදු භාවය ගැන සැකයි :o

      Delete
  25. හූ ඈ ,.,.,අම්මේ,., මගෙ බඩ

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් හෑ මේ........ ඒ මොකෑ ඒ මහත්තයො o.O

      Delete
  26. maxa kathawa kollo

    ReplyDelete
  27. කියපු ඒක ෙහාදයි ෙමාකද මමත් සරමක් ගන්න හිටිෙය්

    ReplyDelete
    Replies
    1. උඹත් දැන් ආසාවටම ගනීවිද දන්නෙ නෑ :p

      Delete
  28. //පොඩ්ඩක්වත් රැලි ගැහිල තිබුනෙ නෑ.හැබැයි සරම නම් කකුලෙ මායිමෙන් යන්තමට වගේ අහු උනා.සට පට ගාල අත් දෙකින් කූඩාරම බාගෙන ඇඳේ පැත්තට හැරුන මම.සැහ්.......... //

    මොනිටරේ කෙල :D :D :D :D

    ReplyDelete
  29. he hee...oya වගේ වැඩ නොවෙන්නෙ කාට ද?

    ReplyDelete