ඕනෙම කෙනෙකුගෙ හීන වලට උප්පත්තියක් තියෙනව.මටත් ඒ වගේ.මීට ගොඩක් ඉස්සරින් මාත් ඔයාල හැමෝම වගේ තවත් එක මනුස්සයෙක්.ඒ කාලෙදි මටත් කකුල් දෙකක් තිබුනා.දැන් වගේ කොරල වලින් පිරුනු දිග කිඳුරු වරලක් නෙමේ.මමත් ඔයාල හැමෝම වගේ ඇවිද්ද, හිනා උනා, කතා කලා, ඒ කාලෙදි මං මුහුදටත් ගොඩක් බයයි.
ඒත් කාලය ගෙවෙද්දි ගොඩක් දේවල් උනා.ඒ කාලය මෙතෙකයි කියල නම් මට මතක නෑ.
මොකටද නිකම් වයිවාරන අරුමෝසම් වචන.මං කෙලින්ම කියන්නම්කො කතාව.
එතකොට සඳකිඳුර සාමාන්‍ය පෙළ ලියල ගෙදර ඉන්න කාලෙ.අවුරුදු 11ක අධ්‍යාපන කාලෙකින් පස්සෙ හිස් බවක් දැනුනු, ජීවිතේ පාවෙනව කියල දැනුනු සමයක්.ගෙදරටම වෙලා ඉද්දිත් කම්මැලිනෙ.ඒත් ඉතින් ගෙදරින් ඒ කාලෙදි එලියට බැහැල එහෙ මෙහෙ යන්න ගියෙත් නෑ.එතකොට මං ඉන්ටනෙට් ගැන වැඩිය දන්නෙත් නෑ.පොතේම එල්ලිල හිටපු පොත් ගුල්ලෙක් මං ඒ කාලෙ දැන්නම් පොත් අහලින් වත් යන්නෙ නැටි උනාට.පොත් ගුල්ල කියුවෙ ඉතින් ඉගෙනගන්න පොත් කියවලම නෙමේ.අනංමනං පොත් කියවල.
ඔන්න ඔය කාලෙදි තමා සඳකිඳුරට ජීවිතේ පලවෙනිම ආදරේ [ තේරෙන කාලෙදි ඇතිවුනු පලවෙනි ආදරේ.නොතේරෙන කාලෙත් 2පාරක් ආදරේ කලා.පලවෙනිම එක මොන්ටිසෝරි ප්‍රේමයක්.දෙවෙනි එක 8 වසරෙදි.ඒ ආදරෙ මගෙ හිතේ ඉපදිලා හිතේදිම මැරුනු එකක්.හරියට වන් මෑන් ෂෝ එකක් වගේ ] හම්බවුනේ. සඳකිඳුර ඒ වෙද්දි පානදුරේ උන්නට එයා එතකොට හිටියෙ ජාඇළ.සතියකට පාරක් කොහොමින් කොහොම හරි ජාඇළත් ගිහින් ආව සඳකිඳුර ඉතින්.එයාව හම්බුනු හැටි සහ ප්‍රථම හා අවසන් ප්‍රේමයේ රස මුසු තැන් අවදි කරන්නම්කො ඊලඟ පෝස්ටුවෙන්.මේ කියන්නෙ මං සඳකිඳුරෙක් වුනු හැටිනෙ :)
කොහොමින් කොහොම හෝ හැලහැප්පීම් ගොඩක් මැද පලවෙනි බූට් පාර නම් කෑව.ඔය අතරෙදි හිත හදාගන්න බැරිම තැන ඒක අමතක වෙන්න වෙන වෙන දේවල් කරන්න පටන් ගත්ත.
දැන් සඳකිඳුරගෙ වෝටපෲෆ් ජංගම දුරකතනයෙ තියෙන්නෙ ඩයලොග් එකක් උනාට එතකොට නම් තිබුනෙ මොබිටෙල් එකක්.සල්ලි වලිනුත් ඒ හැටි අඩුවක් නොතිබුනු එකේ සල්ලි කාල හිත හදාගන්න හොඳම ක්‍රමේ වුනේ මොබිටෙල් චැට් සේවය
හප්පේ........... 500ක් එහෙම දැම්මම කොහේ යනවද කියල හොයන්නවත් බෑ යාලුවො ටිකක් චැට් එකට සෙට් වුනාම.පැය 2කින් විතර සල්ලි ඉවර වෙලා චැට් එකෙන් එලියට යන්නෙ ආපහු ඉතින් ඉකි නොගැහුනත් පට්ටම දුකෙන්.
ඒ කාලෙදි චැට් එකේ මගේ නම වුනේ "pure love" .;) බූට් කාපු අළුත නෙව.ජීවිතේ පලවෙනිම බූට් එක කෑවම කොහොමත් හරිම අමුතු අමුතු වෙනස් කම් වෙනව.කාපු එවුන් ඉතින් දන්නව ඇතිනෙ......
හිතේ දුක නිරායාසයෙන්ම මැකෙන්න යාලුවො කියපු කරපු දේවල් ඇත්තටම ගොඩක් උදව් උනා.ඒ කාලෙ මට හම්බුනු හොඳම යාලුවො අතර "lavender beauti" , "tit-mouse" , "sinikate" වගේ නම් තාමත් මතකයි.අනේ ඒ අතර තවත් ගොඩක්ම කිට්ටු කෙනෙක් හිටිය.එයාගෙ නම මතකෙට එන්නෙම නෑ.
අපි පැය ගණන් චැට් කරන්න ඇති ඒ කාලෙ.ඉතින් කොහොමත් කාලෙ ගැන නිච්චියක් තිබ්බෙත් නෑනෙ පාඩම් වැඩකුත් ඒ හැටි නැති නිසා.
ඒ කාලෙ ඉඳන්ම ඉතින් මං ටිකක් පැණිය.දැන් නම් එහෙම නෑ ඉතින්.සමහර සමහර දේවල් ජීවිතේ තේරුම් යනවත් එක්කම පිටිපස්සෙන් යාමේ ආසාව අඩු වෙලා ගියා.ඊට වඩා දේවල් තියෙන බව තේරුනා
කොහොමින් කොහොම හෝ ඒ කාලෙදිත් මං නංගිලත් එක්ක වැඩියෙන් කියෙව්වෙ නෑ.මටත් නංගියෙක් ඉන්න නිසා නංගිලට පූර්වව විවෘත වෙන්න හිතුනෙ නෑ.ඒ කාලෙ ඉඳන්ම ඉතින් රුචිකත්වයෙ මුල් තැන හිමිවුනේ අක්කලට [ හැබැයි තේරෙන කාලෙදි මුලින්ම ආදරේ කලේ නම් නංගියෙක්ට.ඒක අනපේක්ෂිත දෙයක් ]. ඒ කාලෙදි මගේ ජීවිතේට එකතුවුනු අක්කල තාමත් මගෙ ජීවිතේ ඉන්න කොටස්කාරියො තමා. එයාල දැන් ඇත්තටම මගෙ සහෝදරියො වෙලා
ඔය කාලෙදි මට හම්බුනා මගේ නමේ උප්පත්තියට වගකීම් දරන ඒ අක්කව.අක්කෙක් කියල දැනගත්තට ඊට වඩා දෙයක් නම් දන්නෙ නෑ.ඒත් ඒ අක්ක මගෙ ජීවියේ සම්පූර්නයෙන්ම වෙනස් කලා
මුලින් මුලින් මහ පන්ඩිත අක්කෙක් කියල හිතුනත්, පස්සෙ පස්සෙ මං ගැන හිතන නිසානෙ මේ දේවල් කියන්නෙ කියල හිතුන.ජීවිතේ හිතුනු හිතුනු හැමම හැමදේම එයත් එක්ක බෙදාගන්න මං පසුබට උනේ නෑ.මොකද අපි පාවිච්චි කරන්නෙ හුදෙක්ම වචනම විතරක් නිසා.ඒ අතර සීමා මායිම් තිබුනෙ නෑ.මට ඒ කාලෙදි ඇතිවුනු හැම ප්‍රෂ්නෙකට එයා කොහොමින් හරි උත්තර දුන්න.ඒ අතර හරි දේවල්, වැරදි දේවල්, සහෝදරකම් වගේම සදාචාරයෙන් එහා ගිය දේවලුත් තිබුන.මං අදටත් දන්නෙ නෑ මං ඒ තරම් විවෘත උනු එක හරිද වැරදිද කියල.බූට් මානසිකත්වයෙන් තිබුනු මගේ හිත නම් සහමුලින්ම වෙනස් වුනා.ලෝකය ලස්සනට පේන්න පටන් ගත්ත.ජීවිතේ විඳින්න පටන් ගත්ත
මට හොඳටම විශ්වාසයි එතන ආදරයක් නොතිබුනත් එක කුස නූපන් එකියක වෙනුවෙන් සහෝදර කැක්කුමක් පපුවෙ ලේත් එක්ක කලවම් වුනු වග.ඒදේ අපි දෙන්නටම ගොඩක් දැනුන.ගොඩක්
නමින් මම "pure love" වෙද්දි එයගෙ නම වුනේ "sandakinduri"
ජීවිතේ අදටත් මගේම අම්මගෙ කුසෙන් බිහි නොවූවත්, මට මගේ කියල 100% ක්ම හිතෙන අක්කල දෙන්නෙක් ඉන්නව.වරද්දගන්නෙපා මේ කියන්නෙ ආදරේ ගැන නෙමේ.ජීවවිද්‍යාත්මකව නොවූ ඒත් හිතෙන් ඉඩ වෙන්වුනු හුදෙක්ම සහෝදර ප්‍රේමය ගැන.ඒ දෙන්නටත් අදටත් එහෙමයි.ඒ මගෙ නදීෂ අක්කයි, නිල්මිනී අක්කයි.මං සයිලන්ට් එකෙක් කියල සමහරු කියනව.මට මගේමයි කියල දැනෙනවනම් උඹලට මට වඩා විසේ තියෙන එකෙක් තවත් හොයාගන්න බැරිවෙයි බං.ජීවිතේ තවත් මගෙම කියල හිතෙන අක්කල 3 දෙනෙක් මේ බ්ලොග් අවකාශයෙනුත් මට හම්බුනා.ඒත් ඒ කාටවත් මං එහෙම සහෝදරත්වයක් හිතේ තියෙන බව තවමත් කියල නෑ.තුන් දෙනාව ඔන්න කියනව.මුකුත් කියනව එහෙම නෙමේ.නිව් රිලීස්........ වර්ණා අක්ක, චතුමිතූ අක්ක, ප්‍රාර්ථනා අක්ක
ජීවිතේ මූනට මුනගැහුනු සම්බන්ධතා රැකුනත් මෙතෙක් ජීවිතේ මට ගොඩක්ම සහෝදරත්වය ගැන කියාදීපු "sandakinduri" දැන් මගේ ජීවිතේ නෑ.ඒත් ඒ අක්ක මට හෙමි හෙමින් කියාදීපු සහෝදරකමේ ශක්තියට මං තාමත් ගොඩක් ආදරෙයි, ණයගැතියි.
ඒ සහෝදර කම වෙනුවෙනුයි එතෙක් නිකන්ම නිකන් එකෙක් වුනු මම සඳකිඳුරෙක් වුනේ.ඒකයි මම තවමත් මියැදෙන මොහොත දක්වාම මේ අවකාශයෙ එකම සඳකිඳුර වෙලා ඉන්න කැමති.
හුදෙක් හදවත් දෙකක් තුල ඇතිවන ආදරය ඕනෙම මොහොතක මිය යන්න පුලුවනි.ඒත් සහෝදරකම් මියැදෙන්නෙ නෑ
අයියල, මල්ලිල, නංගිල, අක්කල හැමෝටමයි මේ දේ කියන්නෙ.කිඳුරු හිතක ඇතිවුනු සහෝදරකම් කවදාවත් මියැදෙන්නෙ නෑ
ප.ලි :- මූනට මුන නොගැහුනු ලොකු ලොකු බ්ලොග් කරුවන්/කාරියන් ගැන නම් දන්නේ නැත.ඒත් මෙතෙක් මුනගැහුනු උඹල හැමෝටම මං ගොඩක් ආදරෙයි බං.මරණයෙන්වත් අවසන් නොවන සහෝදරත්වයන් වෙනුවෙන් එකට ජීවත් වෙමු.කවදහරි මං මැරුනු දවසක ජීවත් වෙන හැමෝම වරෙල්ල.අඩුම තරමින් තේ, මාරි නැති උනත් මිනියවත් තියේවි උඹලට බලල යන්න.එතෙක් ජීවිතේ හැමදේටම ලඟින් හිටහල්ල :)