කිඳුරු සේනාව

Saturday, April 13, 2013

වාජීකරණය ගැන ඔබ නොදත් රහස් 4ක් ( 18+ලු ඈ )

ගොඩක් දවසකට පස්සෙ ඔන්න අද හිතුන අලුතින් කරුණු කාරණා ටිකක් ඔයාලට කියන්න. දැන් ඉතින් සෑහෙන කාලෙකින් ලියන්න වුනෙත් නෑනෙ. ඉඳල ඉඳල ලියන්න ගත්තු පෝස්ටුව අපි හැමෝටම ටිකක් වැදගත් ඒත් වැඩිය කතා නොකරන මාතෘකාවක් ගැන ලිව්වොත් හොඳයි කියල හිතුන.

වාජීකරනය...... වහෙන් ඔරෝ කියනව නම් ලිංගික ශක්තිය නැතහොත් ලිංගික සරුබව වර්ධනය කිරීමේ වේදය පුරාතනයේ ඉඳන් ආයුර්වේදයේ පැවතගෙන එන්නක්.ලොකු ලොකුවට ආයුර්වේදය ගැන දන්නෙ නැති වුනත් මේ සමහර පොඩි පොඩි දේවල් නොදැනුවත්වම සාමාන්‍ය ජීවිතේදි දැනගත්තොත් ඒක බොහෝ විට අපිටම වැදගත් වෙනව. ගොඩක් ලොකුවට හිතන්නෙ නැතුව අපිට අපේ අවට තියෙන සාමාන්‍ය දේවලිනුත් ජීවිතේට උදව් ගන්න පුලුවන්.

දරු ඵල කියන්නෙ ගොඩක් අයගෙ ලොකු බලාපොරොත්තුවක් වගේම ජීවිතේ සෑහෙන කාලෙක ඉඳල දකින හීනයක්.ඊට වුවමනා මේ ලිංගික සරු බව විවිධ සාමාජීය තත්ත්ව අනුව වෙලාවක මීට සෞභාග්‍යමත් පිරිසිදු බවක් ආරූඩ වෙනව වගේම විටෙක මේක වනචර වුනු කුනුහරුපයක්.

එදි නෙදා කේවල වැඩකිඩ හා හොර වැඩකිඩ පැත්තකින් තිබ්බොත් අපිට මේ වචනය ආපහු වැදගත් වෙන්නෙ කසාදය කියන මාතෘකාවත් එක්ක. කෙටියෙන්ම කියනවනම් මෙන්න මේකයි සිද්ධිය.


දැන් බොලා බලන්නෙපා ඇයි මේ පොල්ලක් අල්ලගෙන නටන ගෑනු දැරිවියක් පෙන්නුවෙ කියල. ඕක පෙන්නල කියන්න ඕනි වුනේ පොල්ල හයිය නම් තමා නැටිල්ල කියල. පණ නැති පොල්ලක තව කොහේ එල්ලෙන්නද :p

වැඩි කතා ඕනෙ නෑ. කෙලින්ම ගුරු මුෂ්ඨි නැතුවම උඹලට කියන්නම්කො මේ පොඩි රහස් 4. බොලාට වැඩේ රහ වැටෙන්නත් එක්කම පුංචි කතා 4කින්ම කියන්නම්.


1. කිරි බීවොත් කිරි උතුරයි

ඔන්න දවසක් සිංහල පිරිමි ළමයෙක් හින්දු ගෑණු ළමයෙක් එක්ක පෙමින් බැඳිල කොහොමහරි මේක කසාදෙ වෙනකල්ම ආශිර්වාද මැදින් සිද්ධි කාරණා වුනාලු. චාරිත්‍ර වාරිත්‍ර මැද වුනු මේ කසාදෙන් පස්සෙ චාරිත්‍ර පරිද්දෙන්ම මංගල රැය, ඒ කියන්නෙ හනිමූන් එක දෙන්නට ගතකරන්න වුනේ මනාලියගෙ ගෙදරලු. මේ පිරිමි ළමය සාමාන්‍යයෙන් එළකිරි (එළදෙනුන්ගෙන් ලබාගන්නා කිරී) බොන කෙනෙක් නෙමේලු.ඒත් දෙන්න රෑ කාමරේට යන්න කලියෙන් මනාලියගෙ අම්ම, ඒ කියන්නෙ කොල්ලගෙ නැන්දම්ම කටකපල ලොකු එළකිරි වීදුරුවක් ගෙනල්ල තිබ්බලු කොල්ලට බොන්න කියල. කොල්ල බොන්න බෑ කියන හැම වෙලාවකදිම කෙල්ල ඉල්ලල හිටියෙ ඒක කොහොමහරි බොන්න කියලලු. කොල්ල ඒ ඇයි කියල අහද්දි තමයි දැනගෙන තියෙන්නෙ පලවෙනි මංගල රෑ නිදාගන්න කලින් කිරි වීදුරුවක් බොන එක ලිංගික ශක්තිය වැඩි කරන්න උදව් වෙනව වගේම ඒක හින්දු චාරිත්‍රයක් කියලත්. කිරි වල වාජීකරණ ගුණයක් තියෙන බව හැබෑව. ඒත් ඒ බොන කිරි ස්වභාවික කිරි වර්ගයක් වෙන්න ඕනි. (මනාලිගෙන් කිරි ඉල්ලල ගුටිකන්න හෙම යන්නෙප :D). ඒ වගේමයි කිරිත් එක්ක කෑමට දෙන තවත් බෙහෙත් වර්ග වලින් අවුරුදු ගනන් තිබුනු සමහර ලිංගික ආබාදත් හොඳ කරන්න පුලුවන් ක්‍රම තියෙනව ආයුර්වේදයේ.


2. බැඳල ගිහින් හති වැටෙද්දි කෝලිකුට්ටු
ඔන්න සල්ලිකාර පවුලක එකම පුතා වෙච්චි පුන්සිරි (එහෙම කියල හිතමුකො උගෙ නම) වෙඩින් හෝල් එකෙන් යාලුවොන්ගෙ සතුටු ජයඝෝෂා මැද්දෙ මධුසමයට යන්න මංගල රථයට ගොඩ වුනාලු. ජෝඩුව නැගල දෙයියනේ කියල ඉන්න එවුන්ට ටටා බායි කියල වැදගත් වැඩේට පිටත් වෙද්දිම බාගෙට ඇරල තිබුනු ජනේලෙන් කෝලිකුට්ටු ඇවරියක් දැම්මලු යාලුවෙක් කොල කෑල්ලක ලියපු පණිවිඩේකුත් එක්කම. ලියල තිබුනෙ "මධුසමයට ජවය" කියලලු. තරුණ කමට කෙලිලොල් කමට හුදෙක් විහිලුවක් විදිහට මේක කලත් ඇත්තටම කෝලිකුට්ටු ප්‍රෝටීන් බහුල කෑමක්. ඒ වගේමයි හොඳ ශක්තිජනක කෑමක්. වාජීකරණ ගුණයක් තියෙනව කියල ආයුර්වේදයෙ සඳහන් වෙනව.ඒක හින්ද ඕන් ගෑණු ළමයි තමුන්ගෙ පිරිමි ළමය බලන්න ගෙදර යද්දි චොකලට් එකක් අරන් යනවට වඩා ඕන් හොඳට ඉදුනු කෝලිකුට්ටු ඇවරියක් අරන් ගියානම් හොඳයි ;)


3. ඇඳ පොල්ලයි අලු කෙසෙලුයි
ඔන්න ජෝඩුවක් කසාද බැන්දලු. එයාල පදිංචියට ගියේ ඒ ගෑණු ළමයගෙ ගෙදරලු. ජෝඩුව ඉන්න ගෙදර තියෙන ටීවී එකට අමතරව තවත් ටීවී එකක් ගෙනාවලු දෙන්නට කාමරේ ඉඳන් නිවීසැනසිල්ලෙ බලන්න. එතකොට ඉතින් කාටවත් කරදරයකුත් නෑනෙ. හිටපු පුංචි කාමරේ ඉඩ අඩු හින්ද ඇඳේ වාඩිවෙලා තමා බැලුවෙ ටීවී එක.අම්මල දන්නෙ නෑනෙ දෙන්න කාමරේ සද්දෙට ටීවී එක දාගෙන දොර වහගත්තම මොකෝ වෙන්නෙ කියල. කොහොම හරි දවසක් දෙන්න ටීවී බල බල ඉද්දි දෙන්නගෙ බරට ඇඳේ පොල්ලක් කඩාගෙන වැටුනලු මහ හයියෙන්. මේක කොහොමහරි අම්මට ඇහිල. පහුවෙනිද අර කොල්ල ඔෆිස් ගිහින් බත් එක දිගහැරල බලද්දි වෙනවද වැඩිය දකින්න නොලැබෙන විදිහට අලුකෙසෙල් වැඩිපුර ගොඩක් බෙදල තිබුනලු. එතකොට තමයි අරූට මීටර් වෙලා තියෙන්නෙ ඇඳපොල්ල වැටුනු සිද්ධිය අම්ම වැරදියට තේරුම් අරන් කියල. අම්ම හිතල තියෙන්නෙ විසේට දඟලල ඇඳපොලුත් පෙරලිලා කියල : . ඇත්තටම ඒත් අලුකෙසෙල් වලින් අන්තර් ලිංගිකව ඇතිවෙන විසේ, දැඟලිල්ල නවත්තන්න බෑ. ඒක බොරුවක්. අලුකෙසෙලුත් ශක්තිජනක කෑමක් බව ඇත්ත. වැඩියෙන් ඔසප් රුධිරය පිටවෙන ගෑණු උදවියට අලුකෙසෙල් ගොඩක් හොඳ කෑමක්. ආයුර්වේදයේ දියවැඩියා රෝගීන්ටත් අලුකෙසෙල් යොදාගත්තු බෙහෙත් වර්ග භාවිතා කරනව. ඒ නිසා අලුකෙසෙල් වලින් පිරිමින්ගෙ ලිංගික ශක්තිය අඩු වෙන්නෙ නෑ. බය නැතුව කාහල්ල :p


4.වැල් පෙනෙල ශාකා - ගිතෙලින් මලවලා කා
   අඹු නොතකන එකා - අඹුන් දහසක් වුවද සලකා
දවසක් ඔන්න මල්සිරි කියල එකෙක් හිටියලු. මිනිහට තිබුනලු ලිංගික අප්‍රාණිකත්වය තරමක් දුරට. වැඩේට ලෑස්ති වෙන්නෙ සෑහෙන ආයාසයකින්ලු. මිනිහ පොලේ යන හැම පාරකම කොළ පලා විකුණන තැනට ගිහින් එතනින් ගන්න කොළ මිටියක් කවුරුත් දකින්නත් කලින් වෙනම මල්ලකට තැලෙන්නෙ පොඩිවෙන්නෙ නැතිවෙන්න අඩුක් කරගන්නවලු. දවසක් ඉතින් මේක ටික කාලයක් තිස්සෙ බලන් හිටපු කොල්ලො රැලක් මේ මොනාද හංගගෙන දුවන්නෙ කියල බලන්නත් එක්කම වැරදීමකින් වගේ අරූගෙ ඇඟේ හැප්පුනාලු අර බඩුටිකත් එක්කම පෙරලගෙන. බැලින්නම් හැමදාම මේ හොරෙන් හොරෙන් අරන් ගිහින් තියෙන්නෙ වැල්පෙනෙල මිටියක්. ඇත්තටම වැල්පෙනෙල ගොඩක් වටින වාජීකරණ ඔසුවක්. කැලෑවල වැවෙන මේ වැල් ජාතියෙ පිරිමින්ගෙ ලිංගික ශක්තිය වගේම සරුබව වැඩවීමටත් පුදුම තරමේ ගුණයක් තියෙනව කියල ආයුර්වේදයෙ සඳහන් වෙනව. වැල්පෙනෙල ගිතෙල් වලින් මලවල කන්න පුලුවන් නම් තවත් ගොඩක් ගුණයෙන් වැඩී. කොයි විදිහෙන් හරි කෑමට වැල්පෙනෙල් එකතු කරගන්න පුලුවන් නම් ඒක පිරිමින්ට නම් ගොඩක් වැදගත් වේවි. කැලවල් ගානෙ රිංගන්න ඕනිමත් නෑ ඉතින්. හොයාගන්නම බැරිනම් දැන්කාලෙ තාක්ෂනෙත් දියුනුයි නෙව ;)
ලඟදිම දවසකදි ආපහු එකතු වෙමුකො අලුත් වටින දේවල් ගොඩක් එක්ක :) එතකල් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

එහෙනම් 2013 අප්‍රේල් 21 වෙනිදට මහරගම තරුණ සේවා සභා පිටියෙදි හම්බුවෙමු. සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම වටා රොද බඳිමු. වැඩි විස්තර මෙතනින්.

....................

18 comments:

  1. එල එල... කස්ටිය අලුත් අවුරුද්දෙ වැඩ අල්ලයි වගේ.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හික් අනිවා :p

      Delete
  2. මේකාත් මාර දේවල්නේ යකෝ දන්නේ! දැන් ඉතිං කෝලිකුට්ටු එහෙම ගණන් යයි!!

    ReplyDelete
    Replies
    1. කාපල්ල දැන්ම ඉඳල :p මේ විස්තරේ අපේ රජ මාම දකිනකල් විතරයි බොලාට අඩුවට හම්බුවෙන්නෙ :D

      Delete
  3. //..1. කිරි බීවොත් කිරි උතුරයි...//

    හුඟක් හින්දි ෆිල්ම්වල මඟුල් රෑ කිරි පොවන්නේ එහෙනම් ඒක තමා :D

    //...2. බැඳල ගිහින් හති වැටෙද්දි කෝලිකුට්ටු...//

    අපේ එවුන් රෙස්ලිං මැච්වලට යද්දිත් අරන් යන්නේ ඕවා තමා :P

    //...ඒ නිසා අලුකෙසෙල් වලින් පිරිමින්ගෙ ලිංගික ශක්තිය අඩු වෙන්නෙ නෑ. බය නැතුව කාහල්ල :p...//

    අපේ එකෙකුත් ඕකම කිව්වා. උන්ගේ තාත්තගේ කැමතිම කෑමලු. උන්ගේ පවුලෙම ළමයි 6 ක් :D

    ReplyDelete
    Replies
    1. මෙව්ව මේ ගවේෂණය කොරල හොයාගත්තුව නෙව ;) :p බොලත් ඔව්ව ටික ටික අනුගමනය කොරහල්ල ;)

      Delete
  4. අපිට ආරංචි හැටියට උඹ මේ දවස් වල කිරි වැඩියෙන් බීලා කෝලිකුට්ටු වැඩියෙන් කනවා කියන්නේ ඇත්තද බං..

    ReplyDelete
    Replies
    1. සැහ් :/ හොරෙන් හොරෙන් කරපු එව්ව මාට්ටු වගේ එහෙනම් ;) :p

      Delete
  5. අවුරුද්දට කෝලි කුට්ටු.. :)

    ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
    Replies
    1. එසේම වේවා සෑමො. අලේ ඔව් ඔව් වැඩි වැඩියෙන් කාහන් ;)

      Delete
  6. සුබ අලුත් අවුරුද්දක් මචෝ

    මේවා අපිට පහුකාලිනවා ප්‍රයෝජනවත් වෙයි :)

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා :D එසේම වේවා මචන්

      Delete
  7. ගොන් පාට් ලියන උඹ ගොන් රජෙක්. අනේ උඹ දන්නා වාජීකරණ උපදෙස්. යකෝ මේවා ගුණ වගේම අගුණ අයත් ඉන්නවා. නොදන්නා පුකවල් නොකියා හිටු.

    ReplyDelete
    Replies
    1. කිරියි කෙසෙලුයි වැල්පෙනෙලයි අගුණ එකෙක් පෙන්නල එහෙම කිව්වනම් හොඳා නේද?? මේව සිංහල වෛද්‍ය වේදය ගැන බොහොම දැනුම් තේරුම් ඇතුව ලියපු දේවල් විනා සමහරක් ඇනෝලා මෙන් ආතල් දෙන්න නොලී බවද දැනුම් දෙන්නෙ බොහොම කැමැත්තෙන්.වැරදි දෙයක් වේ නම් අභියෝග කර ඔප්පු කර පෙන්වන්න. ඔබට ජය :)

      Delete
  8. එහෙනම් මගෙ ගානෙ මෙන්න ලන්කවෙ ගන්න තියෙන ප්‍රබලම වජිකරන බෙහෙතක්

    …හස්ති ශක්ති රසායනය (කොට්යාකුබුරෙ වෙද පරම් පරාවෙ රහස් වට්ටෝරුවකින් මෙක හදන්නෙ දැනට වෙලද පොලේ rs 300 කට ගන්න පුලුවන් ආයුර්වෙද බෙහෙත් බඩු කඩ වල තියෙනවා)
    …මෙක ගැන මම දන්නෙ මගෙ යලුවෙක් හිටිය මිනිහට ඔන කමක් තිබුන මහත් වෙන්න මුගෙ වදෙන් බෙරෙන්න බැරි තෙන අපෙ යලුවො සෙට් වෙල බෙහෙත් හෙව්ව ඒ හොයන අතරෙ අපට මෙ බෙහෙත හම්බුන මමත් ගෙනල්ල පාවිච්චි කරා ඇගනම් මහත් උනේ නැ,වෙන එකක්නම් මහත් උනා,යම් ලින්ගික දුබලතවක් තියෙනවනම් මෙකෙන් අක මග හැර ගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. නොලීවට මොකෝ මගෙත් යාලුවො කීපදෙනෙක්ම ඔය බෙහෙත නම් කලක් පාවිච්චි කලා නිකමට වගේ :p වාජී ගුණයට වඩා උන්ට ඕනෙ උනේ දිග වර්ධනය කරගන්න. හැබැයි උනේ තරමක් මහත් වෙලා පෘෂ්ඨිමත් උන එක විතරලු උන්ටත් :v

      Delete