කිඳුරු සේනාව

Saturday, August 4, 2012

මට නොතේරුනු ජීවිතේ වෙනසක් අතිශය කෙටියෙන්







ඉස්සර මට මතකයි අපෙ ගෙදර ඉන්ටර්නෙට් නොතිබ්බ කාලෙ හැමදාම හවසට නාල එහෙම ඇඳට ගිහින් ඇලවෙලා ෆෑන් එකත් දාගෙන නින්ද යනකල්ම ෆෝන් එකේ හෑන්ඩ්ස් ෆ්‍රී එකත් කනේ ගහගෙන එෆ්.එම් අහ අහ කල්පනා කර කර හිටියෙ හැමදාමත් ඉබේම දන්නැතුව නින්ද යනකල්ම.හිත ගොඩක් සක්‍රීයයි ඒ කාලෙදි.හැම මොහොතකම අලුත් අදහස් වලින් වගේම හිතේ කල්පනා කිරීමෙන්ම ගොඩනැගුනු කළාත්මක බවක් එකතු වෙලා තිබුන.පහුවෙනිදට නැගිට්ටමත් ගොඩක් ප්‍රබෝධමත්.ඒත් දැන් ෆේස්බුක් නිසා හැමදේම කනපිට වෙලා.මේකට ලොග් උනාම අලුත් දේවල් ඔස්සේ කල්පනා කරන්න වෙලාව නැත්තටම නැතිම තරම්.හැමදාමත් වෙන්නෙ නිදිමත ඉවසගන්න බැරුව ඔලුව කැක්කුම හැදිල ඇස් කකියනකම් මේකෙ ඉන්න එක.හරිම විඩාවයි.ඇයි අපේ ජීවිත වලට මෙහෙම උනේ.මේක දෛවයේ වරදක්ද නැත්නම් අපේ තෝරා ගැනීමේ වරදක්ද.මට නොතේරුනු දෙයක් තවත් මේ ගැන ඇත්ද.තීරණය ඔබ සතුයි.හේතුව දන්නේ නම් මටත් කියා දෙන්න.ජීවත් වන බව දනිමි.ඒත් ඒ ජීවිතයමද බව මම තවමත් නොදනිමි....







28 comments:

  1. ඇත්ත තමයි ජීවිතේ වැරදි හදාගන්න,දියුණු වෙන්න කල්පනා කරන්න නිදහස් වෙලාවක් තියෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. ආන්න හරි සහෝ.ඒත් අපි ඒ නිදහස් මොහොතත් බදු අරං දුක් විඳිනව එක හිතක් නැති කමින් :/

      Delete
  2. උඹට කියන්න මටත් ඕක හිතිච්ච වාර ගනන අනන්තයි..

    මට හිතෙන්නේ අපේ වැරුද්ද බං.
    ලැප ගෙදර දාලා බෝඩිමට ගිහාම දැනෙන නිදහස.... පාවෙනවා වගේ බං.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බං.අපි ජීවිතේ කියල මවාගත්තු මේ ලෝකෙන් මොහොතකට අයින් උනාම තමයි අපිට මගහැරුනු ජීවිතේ ලස්සන දැනෙන්න පටන් ගන්නෙ

      Delete
  3. සහතික ඇත්ත මචං. මටත් තේරෙන්නෙ නෑ කොතනද වැරැද්ද කියලා.

    ReplyDelete
    Replies
    1. මට මං ජීවිතේ නිදහස කියන දේ අහිමි කරගෙන කියන එක තේරුනෙත් මොහොතක් තනියම රෑ වෙලාවක සිංදුවකට සවන් දෙන ගමන් වාහනේ එළවන්න ලැබුනු මොහොතක් නිසා.ඒ ඒක නැති උනේ කොයි වෙලේ කොහොමද කියන එක නම් තාම මතක් කරගන්න බැරි උනා මචෝ :)

      Delete
  4. මේ අකුරු වල පාට කියවන්න හෙනම අමාරුයි...... ඔය සීන් එක මටත් දැනෙනවා ඒත් දැන් මේකෙන් මිදෙන්න බැරි තරමට අපි මේකට බද්ද වෙලා... මොනා කරන්නද හුළං එන පැත්තට රුවල් දානවා මිසක් හබලෙන් දියවැල් පරද්දන්න බෑනේ...

    ReplyDelete
    Replies
    1. ඕන්න පාට මාරු කලෝ :p රුවල බාල දියවැල් පරදගෙන උඩුගම් පදවන්නත් හිතයි ඔරුව.ඒත් බයයි තනිවේවි කියල :)

      Delete
  5. ජීවිතේ සතුට තියෙන්නේ බැදීම් අඩුවෙන තරමටනෙ ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමා රොබින් :/

      Delete
  6. ම්ම්ම්ම්... අපි සමහර වෙලාවට සැබෑ ජීවිතේ බැඳීම් වලින් පැනලා යන්නත් සයිබර් අවකාශය භාවිතා කරනවා.. මේ මං වගේ අය... මම නම් බුකියටයි බ්ලොග් එකටයි මේ දවස් වල ඇලිලා ඉන්නේ ඒ නිසා.. සමහර විට ඔයාත් එහෙමද දන්නේ නැ..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් :p මං නම් සයිබර් බැඳීම් එක්ක බැඳිල ඉන්නෙ ඇත්ත ජීවිතයේ බැඳීම් වලට භාහිර බලපෑම් වැඩි නිසා අනේ.ඒත් මේක මිරිඟුවක්ද කියලත් වෙලාවකට හිතෙනව :o

      Delete
  7. සිරාවට වැරදි මමද ඉන්ටනෙට්ද?????
    මාත් තාම කල්පනා කරනවා..

    ReplyDelete
    Replies
    1. අලේ ඔව් බං.මේකත් හරියට අර කිකිළිද බිත්තරේද කියනව වගේ අන්තර් සහසබැඳියාවක් :p

      Delete
  8. ඉන්ටර් නෙට් නොතිබ්බානං හොදයි කියලා හිතෙනවා වේලාවකට

    ReplyDelete
    Replies
    1. නොතිබුනා නම් ජීවිතේ මීට වඩා ගොඩක් වෙනස් වේවි :/

      Delete
  9. සිම්පල්නේ සනා ලොග් නොවී ඉන්න. ඕක ඔච්චර හිතන්න දෙයක් යැ

    ReplyDelete
    Replies
    1. ඇබ්බැහි උනාම කුඩු ගැහුව වගේ බං :D

      Delete
  10. ප.ලි
    මොකද ලොග් නොවී හිටියා කියලා FB ඔයාව මරාගන කන්නේ වත්
    කම්පියුටරේ ඉබේම ලොග් කරලා දෙන්නෙවත් නෑනේ. :P

    ReplyDelete
    Replies
    1. පුරුද්දකට ගියාම හරි අමාරුයි බං වෙනස් වෙන්න :p

      Delete
  11. Replies
    1. අලේ ඔව් වර්ණො.පිස්සු ඩබල් වෙනව වෙලාවකට :p ;)

      Delete
  12. මගේ ජීවිතෙනම් විවිධාකාරයි මම බුකිය අත් හැරියා කෙල්ලෙක් නිසා දැන් ඒකෙනුත් මට යහපතක්

    ReplyDelete
    Replies
    1. හෑ............... උඹට වැදගත් අරමුනක් යෙදුනනෙ බං.හේතු නැතිව එකපාරට කැපෙන්න හිත දෙන්නෙම නෑ :o :D

      Delete
  13. ෆෙස්බුකිය ඩිඇක්ට් කරල කිසි වැඩක් නෑ. අයේ යනවා. ඉතින් කරන්න තියෙන්නේ කවෘහරි ෆෙස්බුක් යන්න බැරි ඩිවයිස් එකක් හොයාගන්නකන් ඉන්න එක...

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් :D මාක ඌවත් සල්ලි වලට ගනීවි :p

      Delete
  14. ඇත්තටම ෆේස් බුක් නොයන තරමට අපේ කාලය ඉතුරුයි!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත හිරූ.මේකත් දැන් නරක පුරුද්දක් වගේ.වැඩිය හොඳ නෑ කියල හිතෙනව ඒත් ඔන්න ඔහෙ අදත් කමක් නෑ කියල කරනව වගේ වැඩක් වෙලා :D :v

      Delete