කිඳුරු සේනාව

Wednesday, July 4, 2012

පියයුරු බැඳි තනපට (කොටහළු වුනු එවුන්ට පමණයී)



පියයුරු.......... ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් පුරාතනයේ ඉඳන්ම ඉතින් ගෑණු උදවියගෙ, ගැටිස්සියන්ගෙ, ලමිස්සියන්ගෙ එහෙම පියයුරු කියන්නෙ ඉතින් කවියන්ට, සාහිත්‍යධරයන්ට පේන්න බැරි වුනු රසවත් අංගයක් නෙව.පිරිල පෘෂ්ඨිමත්ව තියෙන තරමට ඕනෙම ලෞකික පිරිමි හිතක් සලිත කරන්න අනිවා ඩෙෆා පියයුරු වලට පුලුවන්.

ශිෂ්ඨසම්පන්න විදිහට කියනව නම් අපිට මේව පියයුරු, පයෝධර වගේ නම් වලින් අරුත් ගන්වන්න පුලුවනි.ඔය ගැමි වහරෙදි නම් ගැටය, ලැම වගේ නම් වලින් හඳුන්වන අතරම සාමාන්‍ය වහරෙදි පපුව, තන් යන ලෙසද හඳුන්වන්න ඇහැකි.ඇතැමුන් කුක්කු කියාද හඳුන්වන අතර අපි වැනි සුට්ටි එවුන් කිරි වලට මෙන්ම පියයුරු වලටද ඒ නම භාවිත කරයි.කිරි තිබේදැයිද කියා පිරික්සා බැලීමට ආරාධනාවක් ලැබුනොත් එපා කියන එකෙක් හොයාගන්න නම් අපිට ආපහු නොමල කෙනෙක් ඇති ගෙදරකින් අබ ඇට හොයන්නත් වේවි සමහරවිට :p

සාහිත්‍යයෙදි වල් කමේදි වගේම ජීවිතේ අති උතුම් ස්ථානයකුත් මේ පියයුරු වලට හිමිවෙනව.ඇත්තටම අපි හැමෝම අද මේ ලෝකෙ සතුටින් ජීවත් වෙන්නෙ අපේ අම්මල ලේ කිරි කරල අපිට පොවපු නිසයි.කෙනෙක් හිතාවි ඉතින් ඒක ලෝක ධර්මයනෙ කියල.පිස්සුද බං.චුට්ටක් හිතපං

මවක් කියන්නෙත් අතීතය යම් දිනයක අම්මෙකුගෙ බඩින් ඉපදුනු චූටි කෙලි පැටික්කියෙක්.මාතෘත්වය උපන්දා සිට කෙනෙක් අත්විඳින දෙයක් නෙමේ.මොකද පුංචි කාලෙදි අපි අත්විඳින්නෙ ජීවිතය.අපි හිතන්නෙ හැමදේම දෙමාපියන්ගෙ යුතුකම් පමනක් කියල.අපිට නමුත් යතාර්ථය තේරෙන්නෙ ටිකෙන් ටික ඉහ නිකට පැහෙන්න ගද්දි.අපේ අම්මත් අපි වගේම පුංචි කාලෙදි හුරතල් වෙන්න ඇති.බෑ කිය කිය උදේම නැගිටල අඬ අඬ ඉස්කෝලෙ යන්න ඇති.ඉගෙනගන්න ඇති.පිස්සු නටන්න ඇති.හැකි තරමින් විභාගත් පාස් කරන්න ඇති.අපි වගේම දවසින් දවස ජීවිතේ ගැන හීන දකින්න ඇති.ජීවිතේත ආදරය කියන වචනය යම් දිනයක ඇතුල් වෙන්න ඇති.යම් දිනයක අපි මේ ලෝකෙ එළිය දකින්න ඇති.හිතපන් හිතපන්.මේක කියවන උඹලටත් වැඩි කාලයක් නෑ ඔය සන්තෑසිය වෙන්න.කොහොමින් කොහොම හෝ මං කියන්න ලෑස්ති උනේ මේ එක දෙයක් ගැනවත් නෙමේ.වෙනම කතාවක්.

පිරිමි ඇහැ කියන්නෙ හරි පුදුම දෙයක්.ගැහැනියක් කොයිතරමින් හැඩ වැඩ උනත්, ලස්සන උනත්, සෙක්සි උනත් පිරිමියෙක් එක හෙලා මුල් වරට බැලෙන්න ගැහැනියකගෙ මූන, ඇස්, තොල්, පපුව, ඉන, ඇඟිලි වගේ දේවල් වලට.එතනිනුත් ඉතින් බොහෝ වෙලාවටම ඇස් නතරවෙන්නෙ එක්කො මූනෙන් නැත්නම් පපුවෙන්.නිරුවත් පියයුරු වගේම තදව ආවරන‍ය කෙරුනු පියයුරු ගැනත් අපිට සාහිත්‍යයෙදි ඕනෙ තරම් දැක ගත හැකියි.මං නම් හිතන්නෙ පිරිමියෙක්ට ලස්සනටම පෙනෙන්නෙ ගැහැනියකගෙ ලැම.වල් හිතින්ම නෙමේ එහෙම බැලෙන්නෙ.ඇතැම් විටක ඒක තරමක් සදාචාරය ඉක්මවා ගිය කළාත්මක නොහොත් රැඩිකල් හැඟීමක්.කියන්න තේරෙන්නෙ නෑ.පපුව නම්බර් වන් කියල හිතාගන්නකො.

හැඩතල ගැන මොන්සෝරි තරමේ හෝ දැනුමක් හැමෝටම ඇතිනෙ.බලන්නකො මේ දෙකේ සමාන කමක්



පේනවද හංසයින්ගෙයි මේ තනපටෙයි හැඩයන්ගේ සමාන බවක්.තනපට කියන්නෙ කොහොමත් තන රෙදිපටකින් ආවරන‍ය කරන එකනෙ.ඒ කියන්නෙ තන ආවරණය කරන රෙදිපට තමා තනපට කියන්නෙ.කොහොමත් අපේ කවියො හොඳින් පිරුනු පෘෂ්ඨිමත් පියයුරු අර්ථ දක්වල තියෙන්නෙ හංස පැටවුන්ට.නිරුවත් පියයුරු නිදහසේ චලනය වීම ඇතැම් තැන් වලදි අත්තටු ගසා ඉගිලෙන්න වෙර දරන හංස පැටවුන්ටත් සමාන කරල උපමා කරල තියෙනව.ඉතින් මං අද කියන්නෙ ඒ හංසයින්ගෙයි, පිරුනු ලැමකයි සුන්දර බව ගැන තියෙන මිත්‍යා සුරංගනා කතාවක්

ගොඩාක් ඉස්සර කාලෙ, ඒ කියන්නෙ ඉස්සර රජකාලෙ තිබුනු සිටු ගෙවල් වල නොවරදවා තිබුනු අංගයක්ලු ගේ ඉස්සරහ මිදුලෙ පුංචි පොකුනක් හදන එක.ඉතින් ඒ පුන්චි පොකුනු වල හංස පැටව් ඇතිදැඩි වුනාලු හරිම සතුටින්.


ඉතින් මේ පුංචි පැටවුන්ව බලාගත්තෙ ඒ ගෙවල් වල හිටපු පුංචිම පුංචි කුමාරිකාවන්ලු.හරිම ආදරෙන් මේ පුංචි කුමාරිකාවො මේ හංස පැටවුන්ව බලාකියා ගන්නවලු පණ වගේ.



ඉතින් හෙමින් හෙමින් දවසින් දවස වසරින් වසර ගෙවෙද්දි මේ හංස පැටව් චුට්ටෙන් චුට්ට ලොකු වෙන්න පටන් ගත්තලු.එයාල ලොකු වෙද්දි හරිම ලස්සනයිලු.සියුම්ව අත්තටු දිග හැරල හරිම උජාරුවෙන් ඒ අත්තටු හෙමින් සළල ඒ හංසයො හරිම ආඩම්බරෙන් අනිත් අයට පේන්න හිටියලු සතුටින්.

වැඩේ කියන්නෙ ඉතින් ලොකු වෙන්නෙ විලේ ඉන්න හංස පැටව් විතරක් නෙමේනෙ.අර පුංචි කුමාරිකාවනුත් ලොකු වෙනවනෙ.ඒ කාලෙදි ඉතින් කුමාරිකාවො තනපටක් ඇන්දෙ නෑලු.ඉතින් මේ කුමාරිකාවන්ගෙ හොඳින් වැඩුනු පපුව නිරුවත්ව නිදහස්වලු තිබුනෙ.





ඉතින් මේ කුමාරිකාවො මිදුලෙ සෙල්ලම් කරද්දි දකින් ඕනෙම කෙනෙකුට හිතුනෙ මේ පෘෂ්ඨිමත් පියයුරු හරියට හොඳින් ලොකුවෙලා අත්තටු ගහල ඈත ඉමක් කොනක් නොපෙනෙන අහසට යන්න වෑයම් කරන හංසයින් වගේලු.ඉතින් මේ විල් වල හිටපු හංසයින්ට මේ කුමාරිකාවන්ගෙ දඟකාර පියයුරු ගැන ඊරිසිය හිතුනලු.මොකද කියනවනම් ඉස්සර ඒගොල්ලන්ගෙ ලස්සන බලපු හැමෝම දැන් බලන්නෙ මේ ඉගිලෙන්න වෙර දරන හංසයින් දිහාලු.

ඉරිසියාවත් දුකත් වාවන්න බැරිම තැන මේ හංසයො කුමාරිකාවන්ටත් කියලම ඒ විල් අතහැරල ඈතම ඈත මිනිස්සු කවදාවත් නොගිය අඳුරු කැලෑ වල තිබුනු පාළු විල් වෙතට පි‍යාඹල ගියාලු ආපහු නොයෙන්නම.




ඉතින් මේ කුමාරිකාවන්ට හොඳටම දුක හිතුනලු.කරකියාගන්න බැරි දුකින් ඇඬෙන්න පටන් ගත්තලු.ඒ වෙනකල් සතුටින් දුවල පැනල සෙල්ලම් කරපු කුමාරිකාවන් දුක වැඩි කමින් හොඳටම හෙම්බත් වෙලාලු හිටියෙ.ඒ අතරෙදි මේ කුමාරිකාවන්ට නියම අදහසක් ආවලු.

පණිවිඩ යවන පරෙවියන් ගෙන්වා හංසයින් වෙත ලියුමක් යැවුවලු.එහෙම යවපු කුමාරිකාවන් රෙදිපටවල් අරගෙන තම තමන්ගෙ පියයුරු හොඳට තදින් නොසෙල්වෙන විදිහට බැන්දලු කාටවත් නොපෙනෙන පරිද්දෙන් සම්පූර්ණයෙන්ම වැහෙන්න.

ඉතින් අර හංසයො ආපහු ආවම ඒගොල්ලන්ට හරිම සතුටු හිතුනලු.ආපහු මිනිස්සු එයාල දිහා බලන්න ගත්තලු.ඊට පස්සෙ හැමදාමත් මේ කුමාරිකාවනුයි හංසයොයි ගොඩක් ගොඩක් ගොඩක් සතුටින් ජීවත් වුනාලු.

ඕන්න ඔහොමයිලු ඉතින් වර්ථමානෙ තියෙන තනපට කියන සංකල්පෙ ලෝකෙට ඇතිවුනේ.දැන් නම් ඉතින් එක එක විච්චූරන එව්ව තියෙනව නෙව.


මටනම් ඒත් හිතෙනව නිරුවත් ලැමට වඩා තනපටකින් බැඳුනු ලැම ලස්සනින් වැඩී කියල.මොකද කියනවනම් ඒ තුල හුදෙක් රාගිකත්වයට වඩා සභ්‍ය ලස්සනක් තියෙනව.අලේ මන්ද.තීරනය ඔබ සතුයි.හැබැයි තවත් දෙයක්..........







කළු වුනත්, සුදු වුනත්, ලොකු වුනත්, පොඩි වුනත් හංසය හංසයමනෙ.ඇරල තිබ්බත්, වහල තිබ්බත් අපේ සමනල්ලු තමයි ඉතින් පියාඹන්නෙ ;)

71 comments:

  1. Replies
    1. හෑ....... අලේ ඔව්මනෙ.හික් හික් හික් :p

      Delete
  2. අනේ ඉතින් මම මුකුත් නොකියමි

    ReplyDelete
    Replies
    1. අලේ මේ කියල්ල අලේ හිතට එන දේ ;) :p

      Delete
  3. ඕන් උබ හින්දම 42" එකේ නග්ගගෙන කියෙව්වා!
    සැහ් පට්ටය!
    මයේ කලින් කෑල්ලට අන්දන්න තිබ්බා අර රත්තරන් පාට මල් ඇදලා තියන සුදු පාට එක!
    ඒක ඒ තරම්ම එයාට ගැලපෙනවා බං.

    එහෙනන් තනකිදුරො මම කැපෙනවා!

    ReplyDelete
    Replies
    1. හෑ....... නග්ගගෙන කියෙව්වට කමක්නෑ ඕන් මොනිටරේට නම් :p මොකා කිව්ව :o මොන කිඳුර @#$*@/ :/

      Delete
  4. පිස්සු බම්ප් වෙනවා ඕයි!!!

    ReplyDelete
  5. :D :D
    මාතලන් අයියගේ කොමුපිළි මතක උනා!:D
    ෆට්ටයි!

    ReplyDelete
    Replies
    1. හික් හික් දැනුත් තනපට කියල සිංහලෙන් ගැහුවොත් මුලින්ම එන්නෙ මාතලන් අයියගෙ කොමුපිලි තමා :D

      Delete
  6. හංසයා පියයුරු වලට සමාන කරලා තියෙන්නෙ සුදු හිංදලුනෙ :P

    ReplyDelete
    Replies
    1. හැම හංසයම සුදුත් නෑ බං :p සමහරුන්ගෙ පාට වගේම හොටත් වෙනස් :D

      Delete
  7. කොමෙන්ට් නොකරමී

    ReplyDelete
    Replies
    1. අලේ ඒ මොකැයි.ඇනෝ පාරක් වත් දාන්න :p

      Delete
  8. me liyanne brassier ganada nathnam thana ganada

    ReplyDelete
    Replies
    1. දෙකම බං.බ්‍රෙෂියර් එකක් නැති තන රත්තරං උනාට තනක් නැති බ්‍රෙෂියරේ මෙලෝ රහක් නෑනෙ :p

      Delete
  9. හෙහ් හෙහ් නියම කතාවනේ.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් නැතුව නැතුව.ඇම්ඩවත් දන්නෙ නෑ ඔයවගේ එව්ව :p

      Delete
  10. යකෝ මෙහෙම ෆොටෝ දාද්දි දැනුවත් කරපන්... තව පොඩ්ඩෙන් බොසාටත් මාට්ටු..

    කථාව පට්ට

    ReplyDelete
    Replies
    1. අලේ ඊලඟ පාර බොසාටත් කියලම බලහං.එතකොට උඹ මෙහෙ බලද්දි බොසා අරෙහෙ බල බල ඉඳීවි :D

      Delete
    2. හා එහෙනං හින්දියෙන් දාපන් .. ඌට සිංහල තේරෙන්නෙ නෑ

      Delete
    3. හුටා........... මං හින්දි කුනුහරුප දන්නෙ නෑනෙ :D

      Delete
  11. මටනං නැතුව හොදයි... :)

    //කළු වුනත්, සුදු වුනත්, ලොකු වුනත්, පොඩි වුනත් හංසය හංසයමනෙ.ඇරල තිබ්බත්, වහල තිබ්බත් අපේ සමනල්ලු තමයි ඉතින් පියාඹන්නෙ//

    කට ඇරහන් ටොපියක් දාන්න...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෑ........... ටොපියත් එක්ක රන් කාසියකුත් දාහං රජෝ ඈ.එළ එළ ජය වේවා :D

      Delete
  12. මාතලන් අයියගේ පෝස්ට් සෙට් එක මතක් උනේ..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.ගූගල් සර්ච් එකෙත් තනපට කියල ගහපු ගමන් මාතලන් අයියගෙ බ්ලොග් එක තමා එන්නෙ :p

      Delete
  13. පියයුරු හංසයන්ට සමාන කරලා තියෙන්නේ හංසයා දියේන් කිරි වෙන්කරනව වගේ පියයුරු වලින් ලේයින් කිරි වෙන්කර ගන්න නිසා 
    කථාව නම් මල් හතයි ඈ

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්.අලේ ලියද්දි ඒක මතක් වුනේ නෑ නෙව :p

      Delete
  14. එහෙමයි කියලා හිතමුකෝ නේද? :D

    ReplyDelete
    Replies
    1. හෑ........ කොහොමෙයි කොහොමෙයි :o

      Delete
  15. එලයැ.... පට්ටයැ.... නියමයැ...

    ReplyDelete
  16. ඊයා අදනම් හොඳටම වල්.
    මම එක ඇහැක් වහගෙන බැලුවේ සමනල්ලු පියාඹන නිසා :D

    ReplyDelete
    Replies
    1. හෑ........ චී වල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල් :p

      Delete
  17. මේ සීන් එක ගුත්තිල කාව්‍යය පොතෙත් තියෙයි.

    ReplyDelete
    Replies
    1. හුදෙක් අදහස් හිත තුල පැලකරනු වස් හෙටම ගුත්තිල කාව්‍ය හොයන් කියවන්න ඕනි :/ :p

      Delete
  18. මට ලැජ්ජයි බං මේව බලන්න -_-

    ReplyDelete
    Replies
    1. හෑ....... හික් හික් හික් එහෙනම් ලැජ්ජාවෙන් ඉපිලි ඉපිලි බැලුවෙ :p

      Delete
  19. ඕ කුක්කූ...!!!!!

    ReplyDelete
    Replies
    1. අල්ල මචෝ කියමන.ආපහු කෙලවුනාම "ඕහ් කුක්කූ" කියල කියන්න ඕනි :p

      Delete
  20. හංසයංට උපමා කරලා තීන්නේ අර දියෙං කිරි වෙං කරන සීන් එකට නෙමේද ඈ...
    නොදන්නා කමට ඇහුවෙ ඈ...

    ReplyDelete
    Replies
    1. :p ඒක නිසා තමා.ඒත් හෙල කවීත්වය තුල වෙනස් වෙනස් අර්ථදැක්වීම් ගොඩක් තියෙනව :D නමුත් මූලිකම සිද්ධාන්තය දියෙන් කිරි මෙන් ලෙයින් කිරි වෙන් කිරීම :D

      Delete
  21. හප්පුච්චියේ ... මෙව්ව බලල මම නරක් වෙයිද මන්ද

    ReplyDelete
    Replies
    1. හෑ........ උඹෙ තව නරක් වෙන්නත් ඉඩ තියේද ඈ...... :p

      Delete
  22. රණ හංසයෝ පාත්තයෝ උනේ නැද්ද මේ කතාවේදී ?

    ReplyDelete
    Replies
    1. අලේ ඒක නම් මට සිරාවටම වැටහුනේ නෑ ඕන් :p

      Delete
  23. මාතලන් අයියගෙ පෝස්ට් ටික මතක් නොවුන නම් තමා පුදුමේ...

    බොහෝම සංයමයෙන් කතාව කියෝගෙන ආවත් හරි මේං මේක දැක්කා...

    //ඒ කාලෙදි ඉතින් කුමාරිකාවො තනපටක් ඇන්දෙ නෑලු.//

    හිනා කාලා මැරෙනවා ඒක දැකලා... ඒක වැල ගෙඩියක්නේ බොලේ... ඒක නෙමේ මං අහන්නේ ඒ කාලේ කුමාරිකාවෝ යටට ඇන්දෙත් නැද්ද බං?? මං අහන්නේ සායක් වගේ එකක්වත්??

    //නිරුවත් ලැමට වඩා තනපටකින් බැඳුනු ලැම ලස්සනින් වැඩී කියල//

    මේ කතාව ඇත්ත බං.ෆුල් නිරුවතට වඩා අඩ නිරුවත ආකර්ශනීයයි පොළඹවන සුළුයි.කොහොමත් එහෙමනේ ඉතිං මනුස්පයාට කුතුහලේ තියෙනවනේ...

    උඹට සඳ කිඳුරා කියනවද වල් කිඳුරා කියනවද කියලා බැලුවේ.අර වල් රජෙකුත් ඉන්න නිසා වල් කිඳුරෙකුත් ඉන්න එක හොඳා නේද...(විහිළුවට කිව්වේ තරහ ගන්න එපෝ)

    ReplyDelete
    Replies
    1. :p හෑ........... ඇන්ද ඇන්ද බං යටට ඇන්ද.පිරිමි අයයි ගෑණු අයයි දෙගොල්ලොම යටට ඇන්දට උඩට ඇඳල නෑ ඒ කාලෙ.සිරාවටම පූර්ණ නිරුවතට වඩා නම් අඩ නිරුවට පට්ටම ආතල්.හැමදාම අත්විඳින දෙයක් වුනත් අලුත් අලුත් විදි වලට අත්විඳිද්දියි රසය වැඩි :D මේ අසික්කිතයො අහිංසක මට දැනටත් අනංමනං කුප්ප නම් පටබැඳල බං :p

      Delete
  24. කෝ බං එක කෙල්ලෙක්වත් කමෙන්ට් කරලා නෑනෙ. බ්ලොග් කියවන්නෙ තන් නැති කෙල්ලොද? කොල්ලො බලන්නෙම තන් දිහා කියපු නිසා මුන් ඒවා ලොකුකරගන්න දඟලනවද මන්දා කමෙන්ට් කිරීම පැත්තක තියලා

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් :p කීප දෙනෙක් නම් කියවල පෞද්ගලිකව ප්‍රතිචාර කිව්ව.අනිත් එවුන් නම් දන්නෙ නැතෝ :D

      Delete
  25. මම කියෙවුවෙ නැහැ හැදිච්ච කොල්ලෝ අපි.

    ReplyDelete
    Replies
    1. හලේ හලේ අපි නොදන්න හැදිච්චි කොලුව හික් හික් හික් :D

      Delete
  26. කියෙව්වේ නැහැ පින්තුර ටික බැලුවට. නෑ නෑ වැරදුනා පින්තුර වලට‍ කොටු දාලා පෝස්ට් එක කියෙව්වා :P

    ReplyDelete
    Replies
    1. හික් හික් හෑ බොල.මෙච්චර වටින පින්තූර ටිකකටෙයි උඹ කොටු දාල බැලුවෙ.උඹව උල තියන්න එපැයි :D :p

      Delete
  27. Replies
    1. හෑ............ මයෙ කෙල්ල මොකැයි යෑක් ගාන්නෙ ;) :p

      Delete
  28. මොකටද ඇනෝ එන්නේ මූණ පෙන්නලම කියනවානං අතට ඔයතරම් සනීප දෙයක් වෙන නැ

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් අලේ ඒකනම් ඇත්ත

      Delete
  29. කිසිවක් නොකියා යමි.. පොස්ට් එක නම් පට්ට ය!!

    ReplyDelete
  30. මමත් අහම්බෙන් දැකලා ආවෙ... උඹේ කථාව ඇත්ත.. මූණට පස්සෙ ඉතිං කට්ටිය බලන්නෙ ඕක දිහා තමා... දැරිවියොත් මම හිතන්නෙ ඒක දන්නවා...

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් නැතුව නැතුව.අපි කෙල්ලෙක්ගෙ ඇඟේ ඇස ගැටිල ඇස රැඳෙන තැන එතන කියල අපි වගේම එයාලත් දන්නව :D

      Delete
  31. හික්...කුප්ප කිඳුරා 3න් බැලිල්ල නවදා ඩබල් වෙයි... හ්ම් හ්ම්... :D එක් මොහොතක පියයුර දැක හිත සලිතවෙනවා වගේම තව මොහොතක දැක සසල වෙනවානම් ඒ නියම පිරිමියෙකි...

    ReplyDelete
  32. මටනම් නිකන් මොකක්ද වගේ !!! :) :p

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් :p මොනා වගේද බං

      Delete
  33. හොදට ලියලා තියෙනවා.කොල්ලන් ගේ බොක්කටම වදින්න ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හෙක් ඒ කාලෙ හිටියනම් තවත් එව්වට වදීවි ;) :p

      Delete
  34. මාර හන්ස පැටවු

    ReplyDelete