කිඳුරු සේනාව

Thursday, June 14, 2012

හොග්වට්ස් මායාකරුවන් ලංකාවේ (සුට්ටක් විතර 18+ ලූ)

හොග්වට්ස් මායා පාසල යනු ඔබ අපි සැවොම හොඳින් දන්නා හඳුනන, වරම් ලැබේනම් අපිත් යාමට කැමති, සුප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ මායා පාසලයි.ඉතින් ඉතින් මමත් මෙතෙක් කල් හිතන් හිටියෙ ඇත්ත ජීවිතේ දේවල් හා සසඳා මායාව ඊට ගැලපූ නිසාම මෙය අපිට මේතරම්ම හුරු පුරුදු වුනා විනා මෙහි සත්‍යක් නොමැති බවයි.ඒත් දන්නවද වැඩක්????


මෙතෙක් බොරුයි කියල හිතපු එව්ව ඕන් ඇත්ත වෙලා.නිකන් කිචි කිචි වගේ නේ.මෙතෙක් කල් ගමේ කෙල්ලන්ට පැණි හලපු, නගරෙ කෙල්ලො දැකල කටේ කෙලත් හිඳුනු අපිට කොහොමෙයි චෑන්ස් එකක් ලැබුන නම් මායාකාරියක් එක්ක ලඟින් වාඩි වෙලා අත් අල්ලං හිනා වෙවී අපි මායා දස්කම් ගැන කතා කරන්න.නැත්නම් අනිත් එවුන්ගෙ කටවල් වැහෙන්නත් එක්ක හවසට එයත් එක්ක අත් අල්ලං අහසෙ පියඹගෙන යන්න.හ්ම්ම්ම්......... මටත් ආසයි ඒ ලස්සන අඳුරු මාවත් දිගේ මායා යශ්ඨියෙන් එලිය මවාගෙන, තෙත කොල වැටුනු මඩ තියෙන පාරෙ ගස් වලින් එන සුවඳත් එක්ක අහස දිහා බලන් ඇවිදින්න.හවසට ගඟ ගාවට ගිහින් කිඳුරො කිඳුරියොත් එක්ක කතා කරන්න.හොල්මන් එක්ක පිස්සු කෙලින්න.අකමැති ලෙක්චර්ස් වලදි කොස්සෙ නැගල පැනල යන්න....... පට්ට හීන කෝටියයි.






දැනගන්න ලැබුනම මෙහෙම දෙයක් මුලින් මමත් හිතුවෙ පට්ට පල් ටොම් පචයක් කියල.අඩේ බැලුවම මුංගෙ තර්කෙ ඇත්තකුත් තියෙනව.හා බොරුද බලපල්ලකො නරි රැල :/


මේ පිළිබඳව මෙතෙක් දීර්ගව පරීක්ෂන සිදු කලත් මේ ලඟදි තමා ඕන් මහා කිඳුරු බලකාය විසින් මේක සනාත කොරගත්තෙ.මහින්ද මාම ඇතුලු රජය කකුල් දෙක අල්ලල නොසෑහෙන්න අඬපු නිසාම පොරොන්දු උනා මේක කාටවත් නොකියන්න.ගෝඨ මාම මට කිවුව අපේ රට ආසියාවෙ ආස්චර්යෙ උනාම උංගෙ ගෙදර රෑ කෑමකට එන්න කියලත්.මං ඇහුව රෑ නැතුව දවල් එන්න බැරිද කියලත්.නෑ රෑටම එන්න කිවුව.මං උඹලට විතරක් හොරෙන් කියන්නම් සිද්දිය.උඹල කාටවත් කියන්නෙපා.මං රෑ කෑමට ගිහින් එද්දි ඉතිරි වෙන එව්ව දාල උඹලටත් බත් මුලක් බැඳගෙන එන්නම්.හරි හරි.තෑන්ක්ස් කරන්න ඕනි නෑ.තුන් හතර පොලකින් ඉඳගත්තනම්.මේන්න මේකයි ඕන් සිද්දිය.






උඹලට කියන්න නගේ මලේ.......... ආහ් ඇන්ටිලව අංකල්ලව අමතක උනානෙ.හරි හරි.බොලාට කියන්න දවසක් මං වැස්සකට අහුවෙලා තෙමි තෙමි දුවද්දි ලඟපාතක ඉස්කෝලයක් අහු උනා.හප්පොච්චියේ............ බැලින්නම් ඒ හොග්වට්ස් නෙව.සුට්ටි සුට්ටි ගවුම් පොඩි ඇඳගත්තු මායාකාරියො රොතු බුරුතු පිටින්.ආසාවේ බැරුව.හිරිකඩ වදින නිසා සුට්ට සුට්ට ඇතුලට උනා ඉතින්.එහෙදි ඒ ලමිස්සියො මට නොසෑහෙන්න දේවල් කියල දුන්න.මායා යශ්ඨිය පාවිච්චි කරන හැටි, බෝලෙ රතුපාටට හැරෙද්දි දේවල් මතක් වෙන හැටි, 2ක් මදිවට 3ක් තියෙන බල්ලො........ සැහ් ඔය මොකක් කියල දුන්නත් පට්ටම වැඩේ තමා ඕන් අර රෙද්ද අස්සට රිංගල හැංගෙන එක.රෙද්ද උස්සල රිංගපු ගමන් පොර මිසිං.උන්නද මලාද කියලවත් හොයන්න බෑ.හෑ.......... නෑ නෑ ගවුම් පොඩි ගැන නෙමේ කිවුවෙ අර ඉන්විසිබිලිටි ක්ලෝක්ද මොකද්ද මන්ද එක.ඇයි උඹල හිතුවෙ ගවුම අස්සට රිංගුවහම අතුරුදහන් වෙයි කියලද.නොසෑහෙන්න ගුටි කන්න නම් පුලුවන්.හප්පේ කියනකොටත් මයෙ මේ උරහිස නිකන් උලුක්කු උනා වගේ :/






මං පහුවදා දවලුත් ගියාම නම් එතන එහෙම මුකුත් තිබුනෙ නෑ.පස්සෙ මං හිත හිත හිටියෙ මේක දැකපු හීනයක් වෙන්නැති කියල මේ ටික දවසකට කලින් ලංකාවෙ ප්‍රධාන මුහුදු ප්‍රදේශ කීපයකින්ම මීට අදාලව මයා කරුවන් කාරියන් හම්බුවෙන තුරු.එක තැනම දෙකක නම් මක්කෙයි.මුංව එකපාර ගෝල්ෆේස්, මීගමුව බ්‍රව්න්ස් බීච්, ගල්කිස්ස මුහුදු තීරය, වැල්ලවත්ත මුහුදු තීරය, පානදුර මුහුදු තීරය ඇතුලු ගොඩක් තැන් වලින් හම්බුනා.ගාල්ල පැත්තෙන් එහෙමත් හම්බුවෙලා.මෙන්න ඉන්නව පින්තූරෙත් එක්කම..........






වැඩේ කියන්නෙ මායා පාසලේදි කට්ටිය අනිත් අයට නොපෙනී යන්නෙ මායා ලෝගුව නිසා.අපේ කට්ටිය ලෝගු අරන් හැමතැනම යන එක ලේසි වැඩක් නොවන නිසා නව සොයාගැනීමක් ලෙස ඒ සඳහා පාවිච්චි කරන්නෙ කුඩේ.කෙසේ නමුත් මොවුන් කියනා විදිහට නම් කොපමන පිරිසක් ඉදිරියේ වුනත් කුඩේ ඉහලා ඔලුව වසාගත්තට පස්සෙ මොවුන් කිසිම කෙනෙක්ට පේන්නෙ නෑලු.බක් ගාල අතුරුදහන් වෙනවලු.කාරනේ ඇත්තද කියල බලන්න මාත් උගෙ මායියත් එක්ක කුඩේ යටට ගිහින් මූන වහගත්ත.හෙමි හෙමින් මං එයාට ලං වෙද්දිම ඕයි ඕයි ඔය මොකද තමුසෙ කරන්නෙ කියල ඌ මාව ඇදල අරං දෙකක් ඇන්න.ඉතින් මං ඇහුව තමුසෙට පෙනිලනෙ ඕයි කියල.ඌ මුකුත් නොකිය යන්න ගියා.


තවත් මේ සඳහා මම පරීක්ෂණයේ නියුතු අතර වාරයකදී පෙනී ගිය දෙයක් නම් සමහරු කිස් එකක් දෙන්න වත් දන්නෙ නෑ.කුඩේ ඉහලගෙන වටේ පිටේ එවුන් කරන විදිහ බලං ඉඳල තමා උනුත් ක්‍රමේ අල්ලගන්නෙ.එවන් විටකදි මං ඒ ජෝඩුවක් උන්නු කුඩේකට පොල් ලෙල්ලකින් ගහල ඇහුව "මේ අයියෙ.ඔයාල මායාකාරයොද ඈ?" කියල.එතකොට ඌ කියපි "නෑ අපි ප්‍රේමවන්තයො.මායා කාරයින්ට වඩා ලොකු සයිස්" කියල.මං ඊලඟ ප්‍රශ්නෙ අහන්න කට අරිද්දිම ඌ අපෙ අම්ම මතක් කරපු නිසා මං චුත වුනා :D


මේ අතර මට තවත් වර්ගයක් අහු වුනා.




මොවුන් කුඩයක් හෝ එවැනි කිසිදු උපකරණයක් භාවිතා නොකරයි.හොඳින් හෙවන ඇති නිස්කලංක තැනක් මේ සඳහා යොදාගනී.හෙවනේ වාඩි ගත් කල අතුරුදහන් වන මොවුන් නැවත මතුවන්නේ පැය 2, 3කට පසු එතැනින් නැගිටින විටය.අනේ සංසාරේ කියා මා ඇතුලු පරීක්ෂක පරීක්ෂිකාවන් රැල ටිකට් නැතුවම සිත්තරපටියක් නැරඹුවෙමු.


මේ සැකකරුවන් ලඟ තිබී අමුතු අමුතු උපකරණ අපිට ලැබුනි.ලැබුනු එක වටිනා උපකරණයක් ටොපියක යැයි සිතා අපේ එකෙක් විසින් ගිල දැමීම නිසා එය අපිට අහිමි විය.නමුත් ඔහු කියූ පරිදි නම් එහි ස්ට්‍රෝබෙරි රසයක් තිබී ඇත :D


මොවුන් සතුව තිබී අපට ලැබුනු උපකරණ වලින් කීපයක් පහතින් දක්වා ඇත.ඔය තියෙන්නෙ


සැක සහිත ලෙස බෑගයේ සවිකර තිබූ බැජ් අංක 1

පෙනේද මේ සුට්ටි මායා යශ්ඨිය.මූ කන හාරන්නත් ගන්නවලු මේක :o


හොග්වට්ස් පාසලේ තේ බෝතලයක්


හොග්වට්ස් පාසලේ නිල පාසල් බෑගය.මුං අවලමේ යද්දිත් මේව ගේනවනෙ.බලපිය රට යන අත :/


සැක සහිත ලෙස බෑගයේ සවිකර තිබූ බැජ් අංක 2


හොග්වට්ස් කීඩා කවයේ නිල වතුර බෝතලය.දෙකක් තුනක් අනින විට ඌ කණ්ඩායමේ වතුර කොලුවා බව අනාවරනය විය


ලවර් එකෙන් ගත්තා කියා අපිව නොමග යවන්න හැදූ කී ටැගයක්

තවද මොවුන් සතුව විවිද වර්ගයේ පැණි රස කෑම තිබී සොයාගෙන ඇත.මානසික ආතතිය වැලකීමට පැනිරස මායාකරුවන් ගන්නා බව හැරී පොටර් 3 වන කොටස කියවූ හෝ බැලූ ඔබ හොඳින්ම දනී.ඒත් මුං මානසිකව වැටෙන්නේ නැති බවත් මේ දෙස බලනා තනිකඩයින් මානසිකව වැටෙන බවත් අපිට පසක් වූ කරුණයි.

තවද උපකරණ අතර දීර්ග ලෙස විශ්ලේෂනය කලයුතු උපකරණ 4ක් වෙත අපේ කුරිරු ඇහැ යොමු විය


1.දිග කං සහිත තොප්පිය.මෙය බැලූ බැල්මටම අමුතු සයිකො තොප්පියකි.මොකාටද යකෝ මේ තරම් දිග කන් තොප්පි දාල වහන්න ඕනි.මේ ස්වීට් ලිට්ල් අක්ක නම් මට කිව්වෙ ලඟදිම එයාල පැටියෙක් හදන්නලු ඉන්නෙ.මං ඇහුව බලුද කියල.නෑ දරු කියල කිව්ව.බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ අතපය වගේම හැමදේම දිග නිසා බබාට දිග කන් තියෙන තොප්පියක් දැන්ම ඉරිද පොලෙන් අරගත්තලු.ඒ සැකසහිතයි o.O


2.අමුතු කොල පාට දිග මෙව්ව එක.මේක මොකද්ද දන්නෙ නෑ.හිතන්නෙ යශ්ඨියක් කියල.අමුතු හැඩේ නිසාම මං ගෙදර ගෙනාව.අල්ලපු ගෙදර ඉන්න ලඟදි ඩිවෝස් වුනු අක්ක ඕන් මේක ඉල්ලගෙන ගියා.මොකෝ දල්ලෙ ලෑ :o




3.මිනිහ මේක කුඩේ යටදිම ගලවල එලියෙන් තියද්දි තමා ඕන් අතටම අල්ල ගත්තෙ.ඒක කුඩයක් කිව්වට අර අයිස් ක්‍රීම් කුඩයක්.අමුතු ජාතියේ සතෙක් මෙහි වසා ඇති බව ඔබටත් පෙනෙනව ඇති.මුං කොයි ලෝකෙන් සත්තු ගේනවද මන්ද


4.මේක තමයි දැනට අපි ලැබ් එකේ පරීක්ෂන කරන්නෙ.සැකකරු කිවුවෙ නම් මේක දත් බුරුසුවක් කියල.දත් බුරුසුවක් එක්ක තියල අපි ඒ නිසාම මේක සංසන්දනය කලා.බොලා මේකට කියන්නෙ දත් බුරුසවක් කියලද.අපිට නම් පේන්නෙ මේක කොස්සක් වගේ.බැලූ බැල්මට දෙකට නැවී #* කසාගැනීමටත් මෙය මදි බව හැඟේ.නමුත් සැෂේ කොස්සක් බෑගයේ දාගෙන යාම නිසා ඔහුව සිරගෙට නියම කොට ඔහුගේ මායියා මා භාරයට ගතිමි ;)


අවසන් ලෙස මොවුන්ගෙන් දෙදෙනෙකුගෙ සිරුරු මත මායාකරුවන්ට අදාල පින්තූර ටැටූ ගතකොට තිබෙනු මගේ එක්ස් මායියා දැක මට සැල කිරීමෙන් පසුව අපි ඒ ගැන බැලුව.එතකොට කරපු මරණ තර්ජනයක් නිසා තමා ඕන් මහින්ද මාමටත් කියල මම මේ වගේ දීර්ග පරීක්ෂණ වාර්ථාව වහල දැම්මේ.




අක්කා කෙනෙකුගේ පශ්චාත් භාගයේ වම් අර්ධයට මදක් ඉහලින් පිහාටු සහිත ඇටයක් වැනි යමක් අපිට දැකගත හැකි විය."අක්කෙ අක්කෙ මේ මොකක්ද" කියල ඇසූ සඳ "ඒ තොගෙ ඇටේ" යයි ඇය කීවේය.මගේ ඇටේට පිහාටු තිබේදැයි එවෙලේම පිරික්සා බැලූ මට එවැන්නක් සොයාගත හැකි නොවීය.එහෙයින් මා ඇයගේද සහය පැතීමි.පැය කීපයක් පසු වුවත් සොයාගත නොහැකි විය.ඊලඟට ආවේ මට මරණ තර්ජනේ එල්ල කල "තුම්මුල්ලේ කිඩ්නැප් පුතා" යැයි කියූ මායාකරුවෙක් බවට උපකල්පනය කරන එකාය.




"අයියෙ ඇයි අයියෙ කුරුල්ලො අතේ ගහල" කියල පමනක් මං ඇසූ පසු ඔහු මදක් සිනාසුනු බව මතකය.සිහිය එන විට මරණ තර්ජනේ ලිඛිතව ලියා සාක්කුවේ දමා තිබුනි.තවමත් ඇවිදීමට නම් සුට්ටක් අමාරුය.චැහ්........


ප.ලි :- හුදෙක් විනෝදය තකාම ලිවුවෙමි :D
ප.ප.ලි :- ලිපිය දිග වැඩි නෑ නේදෝ.......... :p

51 comments:

  1. උඹනම් කිඳුරෙක් නෙවෙයි...! රොයිටර් වාර්තා කරුවෙක්...

    මරු ඈ...

    ReplyDelete
  2. පට්ටය.... හොග්වාඩ් වලිං ඇවිත් උඹව කුදලාන යයිද දන්නෑ... එහෙම වුනොත් මහින්ද මාමට කෝල් එකක් දියං...

    ReplyDelete
    Replies
    1. සැහ් මහින්ද මාමි කියයිද දන්නෙ නෑ හරි හරි උඹල මූව උස්සගෙන යන්න මාත් කීයක් හරි උඹලට දෙන්නම් කියල :o

      Delete
  3. ado... umba nam real detective kenek thamayi... :D

    ReplyDelete
    Replies
    1. අලේ තැන්කූ අලේ.නැතුව නැතුව :D

      Delete
  4. mallli ponz talk denna epaa.love karana unge photo horen gahala pora talk denne manasika rogin..uba dannawada ara love karana kota horen awith kastiya balan inna eka gana..anna ewage tama ubeth manasikathwaya saralai ponzi kenek kiyala witarai kiyanna tiyenne

    ReplyDelete
    Replies
    1. ඇනෝ පාරවල් දිගේ මෙහෙමද දන්නෙ නැහැ ලව් කරන්නේ?

      ආදරය සහ පාරවල් දිගේ ** කිරීමේ වෙනස වටහා ගන්න.

      Delete
    2. මා හිතාදර ඇනෝ පැටියෝ.අලේ ඔව් බං උඹනම් පොන්නයෙක්ම තමා.ඒ ඒ මං පොන්නයො දැකල නෑ.හම්බුනාම මට සුට්ටක් පෙන්නපං ඈ.මගේ මතය නම් ලෝකෙටම පේන්න ආදරේ කරන්නෙ ප්‍රේමවන්තයො.මොකෝ ඒකට තැනක් නොතැනක් නෑ.ඒත් ලෝකෙටම පේන්න සංසර්ගයෙ යෙදෙන්නෙ නම් පොන්නයො.හරියට උඹවගේ.කුඩ යට ලමයි හදන්නෙපා බං.අපි නැති වුනත් අහිංසක පොඩි වුන්ට ඕව දැනගන්න තව කල් තියෙනව.සංසර්ගය කාමරේදි කරපං.එලිපිට ආදරේ කරපං.හරිම සරලයි.ලේසියි.පහසුයි :)

      Delete
    3. හරියට හරි සෑමො.මං නම් කියන්නෙ ඔය පාරක් පාරක් ගානෙ ගිහින් කරන්නෙ ආදරේ නෙමේ.ඇම්ම හොඳකරගන්න එක.මාත් ඕනෙ තරම් ඔහොම ගිහින් තියේ.අපෝ එක කෙල්ලෙක් එක්කත් නෙමේ.ඇම්මවල් ගායවල් පාරෙදි හොඳකරගන්න එපා කියලයි අපි කියන්නෙ.සරල විදිහට ටිකක් තුරුල් වෙලා කිස් එකක් දෙකක් දුන්නට කමක් නෑ.පොදු ස්ථාන වල ළමයි හදන්න හොඳ නෑ.නැද්ද සෑමො ;)

      Delete
  5. කුඩ පාරක් කයි වගේ..

    අර ගල් ගුහාව කොහෙ එකක්ද බං?

    ReplyDelete
    Replies
    1. හික් හික් හෑ........ ඇයි බොටත් යන්නෙයි :D ඕක ගූගල් දෙයිය හොයල දීපු එකක් බං.අර කොලපාට මෙව්ව එක විතරයි ඔතනින් මං ගත්තු එකකට තියෙන්නෙ.තාම නම් නෑ.කෑවොත් ඉතින් මගේම මායියගෙන් තමා :p

      Delete
    2. ඒ ගුල තියෙන්නේ ගාල්ලේ කොටුවේ.

      Delete
    3. හික් හික් හික් මේ ඉන්නෙ නඩේගුරාල :p

      Delete
  6. එළ එළ..
    ඒත් උඹ හරි නරකයි,සමනලයා!

    චිත්තරපටි බලන්න අපිත් ආසයි නෙව.ආයෙත් යනකොට මටත් කතාකරපන් හරිය.. :(

    අනාගතයේදී සිරා විද්‍යාඤ්ඤයෙක් වෙන ලක්ෂන ලාවට ඇත.ආචාරිය මහාචාරිය පට්ටම්ස් ලැබේවා!

    බ්ලොග් එකට ජය පතමි!!!

    ReplyDelete
    Replies
    1. අලේ බොහොම ස්තූතියි චූටියෝ.හික් හික් හික් චූටියන්ට හොඳදත් මන්ද ඔව්ව බලන්ට.හා හා කියන්නම්කො.මේ දවස් වල කුප්ප ඩිග්‍රිය බලාපොරොත්තුවෙන් සිටිමි.ප්‍රොපෙක් වී සමාජයට සෙතක් කොරමි :D

      Delete
    2. චූටියට ඕන ඉගෙන ගන්නනෙ අෆ්ෆා :)
      ලයිව් බෝඩ්කෑස්ටිං නෙවි ඈ

      ප්‍රොපෙක් වීමට ලැබේවා යැයි බොක්කෙන්ම විස් කොරමි,ජය වේවා ඈ!
      හොඳ පැත්තකින් සේවයක් කොරන්න ලැබේවා!!!!!

      Delete
  7. ලඟදි ඩිවොස් වෙච්ච අක්කට අර මොකද්ද එක දීල නිකන් හිටිය උබ ගැන මට ඇති උයේ ලාම්පු දුකකි.. :(

    ReplyDelete
    Replies
    1. අපිට කොයිද මී මල්ලියෙ තෝර මාලු ;) අක්ක මයෙ මෙව්ව එක ඉල්ලුවනම් නොදී ඉන්නෙ නෑ :D

      Delete
  8. ඉතින් කටෙන් ...කෙන් ආහර එළියට යන එක අහන්නත් දෙයක් යෑ හික්ස්

    ReplyDelete
    Replies
    1. බලපං බොල අයියෙ ඉතින් අපේ හැදියාව.හිරිකිතේට තමා ඕන් ඔව්ව උනේ ;)

      Delete
  9. හික් ඕක තමයි ගල් උඩට වෙලා කිඳුරා කරන්නෙ එහෙනම්

    ReplyDelete
    Replies
    1. සැහ් ගල් නම් මතක් කොරන්ට එපා.පහුගිය ටිකේ එක එක පාෂාණ දැකල දැන් මතක් වෙද්දිත් කැරකිල්ල වගේ හික් හික් හික් :p

      Delete
  10. ඉකිස් මුනම් හෙන වලත්ටයෙක් වෙලා :/

    ReplyDelete
    Replies
    1. හෑ............. නෑ මේක තමා තෘතීක අධ්‍යාපනය කියන්නෙ කිරිටොපි අක්කෙ.තාම ඉගැන්නුවෙ නැතෙයි.ලඟදිම උගන්නයි හික් හික් හික් 3:)

      Delete
  11. කොමිසමක් පත්කරන්න ඕන වහාම මේ ගැන හොයන්න ...

    ReplyDelete
    Replies
    1. තීනව තීනව අපේ කොමිසමක්.වැල්ලේ කොමිසම ;) :p

      Delete
  12. මාත් කොහොමහරි මායා කාරේක් වෙන්න ඕනි බං ඔය ඉස්කෝලේ තියෙන තැනත් හොයලා කියපන්කො.මටත් අර හෙවනක් වගේ තැනකට ගිහින් අතුරුදහන් වෙන මැජික් එකට ආසයි :).

    මොනා වුනත් උබ ගුටි කාපු එකත් කිව්ව එක හොදයි මොකද අපිටත් මීට පසේ මායකාරයෝ කියලා සැක හිතෙන උන් ගාවට රෙඩි පිට ගියහැකි

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් ආසම ඇති.හැබෑට මුං ඔක්කොම කැමති කුඩ නැතුව හෙවනකට වෙලා හුළං වැදි වැදි අතුරුදහන් වෙන්නනෙ o.O
      දුවන්න පුලුවන් එකෙක් ලව්වා ප්‍රශ්න කිරීම පටන්ගනිං :p

      Delete
  13. ඔක්කොමත් හරි අර කාමරයක් වගෙ ගල් ගුහාවක් ඇතුලේ කුඩයක් නැතිව හිටිය ජෝඩුව දැක්කම මම ඔළුවේ අතගහගත්තා අයියෝ සල්ලි වෙලාවට උන් ප්‍රේම සයුරේ ගිලිලා ඉන්නැත්තේ පොටෝව ගහනවා දැක්කනම් කිඳුරට ගිලෙන්න තිබුනා ඔරිජිනල් සයුරේ....

    පට්ට ටෝක්ස් ටික තමා හැබැයි ඉතින් ප්‍රේම කරන්න හරියට තැනක් හදලා දීලා නැති වරද නිසා තමා මෙහෙම පාරවල් ගානේ හැසිරෙන්නේ.... මේක කෑදරේ... තමන්ගේ කෙල්ලගේ නිරුවත ලෝකෙටම පේන්න අතගාන එක නෙමේ ආදරේ..

    මොනවා කරන්නද අප්පා හෝටල් ගානේ රිංගලා වැඩේ වල් කරගන්නේ නැතිව මෙහෙම හරි මුං ඉන්න එක ගැන එක අතකට සතුටු වෙන්න ඕනේ...

    මේ මාගේ මුල්ම ආගමනයයි...

    එදා සයිබර් සැණකෙලියේදි බිම්සර මල්ලි හා මා හිටි තැනට දෙහි බෑයක්ද රැගෙන ආ කිඳුරාද ඔබ???

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ ගැමි මලේ.......... හෑ උඹ සයිබර් සිහිනෙට ආවැයි.චැහ් බෝ මට HUG එකක් දුන්නෙ නෑනෙ.ආහ් ඔව් ඔව් අන්න ඒකද කොහෙද තමා.සුදු කමිසයක් ඇඳල, කළු කන්නාඩි දාල, රත්තරං පාට කාර් එකකින් බඩුත් උස්සන් ආවෙ බරට බරේ :p

      Delete
    2. අහ් එයා තමා එයා තමා.... රත්තරං පාට කාර් එක කිව්වම හොඳටම මතකයි

      Delete
  14. ara akka kola pata yashtiyen majik pennanawa ati.tikak wiparam korala balahan kiduro.

    ReplyDelete
    Replies
    1. හපෝ මං තාම මල් නෙව.වල් නෑ......... ඇත්තමයි ;) :p

      Delete
  15. යකෝ සුදු වෑන් එවයි මුහුදටම... :-))

    ට්

    යි....
    ඈ....

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සැරදේවා මහ රජුනි.හෆ්ෆටසිලි ඈ............... නයි කයිද රෝස් පාන් කිවුවලු.සිරාවටම එවයිද දන්නෙ නෑ :o

      Delete
  16. සද කිදුරා ගේ මූණ අදුනගන්න පුලුවන් විදිහට තාම තියෙයිද?

    ReplyDelete
    Replies
    1. වෙන එකෙක්ගෙ අත්දැකීමක් මගෙ වගේම ලියපු නිසා තාමත් යහතින් ;)

      Delete
  17. ඇ සද කිදුරු මලයෝ මෙව්වා මේ ෆොටෝ ගත්තේ පැපරාසි ක්‍රමේටද..

    ReplyDelete
    Replies
    1. අලේ නෑ අලේ.එළිපිට නිකන් ජේමිස් බණ්ඩ වගේ පැනල ගහගෙන ගහගෙන ගියා.උන් අහස කඩන් වැටුනත් දන්නෙ නෑ හික් හික් හික් ;)

      Delete
  18. අපොයි කිඳුරා කරලා තියෙන වැඩ...අනේ මන්දා...

    ReplyDelete
  19. අනේ අපොයි!! පට්ට පට පට!
    හැබැයි කොල්ලෝ දැන් නම් ගාල්ලේ ලව් කරන්න බෑ.. බාප්පලා දැක්කොත් කේස්!!
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඕන්න බලපල්ලකො ඉතින්.බාප්පල ප්‍රජාතන්ත්‍රවාදෙටත් කෙලියනෙ එහෙනම් :/

      Delete
  20. හැපෝයි...
    හි හි....
    ඇනෝ කුලප්පු වෙච්චි එක අහන්නත් දෙයක්ද...
    ලියලා තීන ඒවා දැක්කම...
    අර ඩිවෝස් අක්කනං පව් නේ....

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් උඹට සැට් කොරල දෙන්නෙයි එහෙනම් :p

      Delete
    2. ජනිත් මලයෝ අර අක්කට ... අර සමහර එලවලු, පලතුරු වල ගුන අගුන ගෑනත් කියල දෙන්න තිබුනා ඔය ශාක විද්යාව කොරපු යාලුවෙක් හොයා ගත්තනම් ඕන්......

      Delete
    3. හප්පෝ ඔව්ව කියල දුන්නොතින් ගෙදර දිහාක පතෝල, කැරට් එහෙම තියා ගන්න වෙන එකක් නෑ :p

      Delete
  21. කොළඔ කට්ටිය නම් කුඩ ඉහල ගෙන ඉන්නෙ නම් මායාකාරකමකට නෙවෙය්. ඉරු එලියෙන් දෘශ්ටි විතානය නරක් වී තව දුරටත් අන්ද වෙන එක වලක්ව ගන්න....

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් කොළඹ කපුටො කපටිලුනෙ :p

      Delete
  22. The world of slot machines - Jtmhub.com
    JT Gaming is the biggest software 부산광역 출장안마 provider 의왕 출장샵 of slot machines, 서귀포 출장안마 which includes 여수 출장마사지 Pragmatic Play, 김천 출장마사지 Microgaming, Playtech, NetEnt, Playstar,

    ReplyDelete