කිඳුරු සේනාව

Tuesday, June 12, 2012

සයිබර් සිහිනයේ ඉතුරු මඩ (සොමි ආතල්)

ප.ලි :- අද මට පසු ලියමන කලින් දාන්න හිතුන.එතකොට ඒකට කියන්නෙ පෙ.ලි කියලලු :p

ප.ප.ලි :- මීට සුලු දිනකට කලින් අප අතරින් වියෝ වුනු අපේම ඔබා මාමව ආදරයෙන් මතක් කරනගමන්ම නිවන් සුව පතනවා.
ප.ප.ප.ලි :- මේක ගෙඩි පිටින්ම සයිබර් සමරු කලාප පොතේ පලවුනා.ඒත් තොපි වගේ රිලව් එකෙක් වත් ඒක කියවන්න නැතුව ඇති කියල හිතුන.
පපර පපං පලි :- පෙලි කියල ලියන එක කැතයි වගේ නිසා පලි කියලම ලිව්ව.



මේ වසරේ........... ඒ කියන්නෙ 2012 අවුරුද්දෙ අප්‍රේල් 22 වෙනිද බොහොම තේජවන්ත විදිහට සැබෑ වුනානෙ අපේ සයිබර් සිහිනයෙ මේ වසරෙ දිනය.හොඳටම රහ වැටිල කට්ටිය හිටියෙ.වෙන වෙන කතා වටින් පිටින් ඇහුනත් තාමත් එහෙන් මෙහෙන් හා හූ සද්ද ඇහෙනව මේ ගැන.හැබෑටම සිරා දවස නේ.ආපු නැති උන් දැන් ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ නියෝපල්ල.කමක් නෑ බොල.එන පාරවත් වර.සයිබර් සිහිනයක් අත්විඳපු නැති බ්ලොග් කරුවෙක් කියන්නෙ හරියට මව් කිරි නොබීපු ළදරුවෙක් වගේ කියලයි මට නම් හිතෙන්නෙ.ඌ ලොකු මහත් වෙයි.හැබැයි මේරීම ප්‍රාථමිකයි.


ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්................. ඇත්තටම මේ එකතු වෙන........... මේ අත්විඳින සයිබර් සිහින නම් හිතේ මතක ගොන්නට එකතු වෙන්නෙ වාසනා මහිමයත් එක්කමයි.ලංකාව පුරාම එකම සමානාත්මතාවකින් පිරුනු ලොකු පොඩ්ඩො එකට හම්බුවෙන අපේම දවස.තවත් අරුත් ගන්වනවනම් අපේම පට්ට දවස.ඇත්තටම ඒ මතකම ඇති අවුරුද්දක් පුරාවටම මතක් කර කර හිනාවෙන්න සංවේදී කෙනෙකුට.


කොහොමින් කොහොම හෝ මං මේ දැන්නම් හදන්නෙ උඹලට ප්‍රශ්න පත්තරක් දෙන්න.කොපි කරන්න බෑ.අල්ලපු එකාගෙන් උත්තරේ අහන්න බෑ.ශාලාධිපතිගෙන් අහන්නත් බෑ.කී බෝඩ් එක උකුලට ගනිල්ල.ඕන්න එහෙනම් බෙදුව පේපරේ :p


                    ***


අධ්‍යයන පොදු සහතික පත්‍ර බ්ලොග් සයිබර් සිහින මඩ විභාගය 2012
කාලය :- විනාඩි 15යි (ශාලාධිපති අත්පුඩියක් ගැහුවම පටන් ගනිල්ල හෑ)


(1) කොහේදෝ සිට පැමිණි පිටසක්වල ජීවියෙකුගෙන් ගානක් කඩාගන්නට සිතාගෙන ඔහු සිය කාරයේ දමාගෙන ගොස් මහරගමින් බැස්සු කෙනෙක් පසුව ඩීසල් පැට්‍රල් ගනන් ගිය මේ කාලයේ පිටසක්වලයන්ට මොන සහනාධාරදැයි පවසමින් බස් ගාස්තුව ඉල්ලා ගත් බවට නිල නොලත් ආරංචි මාර්ග වලින් ආරංචි ලැබී ඇත.සංවිධායක මණ්ඩලය දමන කවර blog post එකක වුවද ඇනෝවෙක් ලෙස කමෙන්ට් කොට map එකක් ඉල්ලා සිටීම මේ දිනවල මොහුගේ ප්‍රියතම රාජකාරිය වී ඇත. අනුන්ට මුවාවී පොටෝ ගැනීමට  විශේෂ දක්ශතාවයක් ඇති මොහුගේ ප්‍රියතම පානය මල් පැණි වන අතර සෑම ‍රැස්වීමක් අවසානයේම
"කෝ මුකුත් නැද්ද.උඹල දැන් මුකුත් ගන්නෙවත් නැද්ද.යකෝ අපිනම් ගිය පාර මීට්න් එකට ආපු ගමන් වැඩ ඉවර කරල යන්නෙ සෙට් වෙන්න.ඒ අතින් උඹල වැඩක් නෑ බං.කුජීතයි ඈ"
අසමින් අනිත් සියළු දෙනාටද මල් පැණි පෙවීමට උත්සාහ දරන බවත්
මල් පැණි කියන්නේ මොනාදවත් කියා නොදත් අනිත් උන් නොදරුවෝ මෙන් හැමදාම ඊට හිස වනා විසිර යනු ලැබූ බව නිල නොලත් ආරංචි මාර්ග තවද පවසයි.මොහු,



1.යැංකියා 2.ජිංජිබිරිසා 3.අභීතයා නොහොත් අඹේපාලයා 4.අවංක පැට්ටා



(2) සයිබර් උළෙලට පැමිනෙන සියළු දෙනාගෙන්(විශේෂයෙන් ගැහැණු ළමුන්ගෙන්) Hug එකක් බලාපොරොත්තුවෙන් සිටින මුහුද යට සිය වාසස්ථානය වන නූතන මල් සරා  කිරිබත්ගොඩ හමුව Cancel වීමෙන් ඉමහත් කනස්සල්ලට පත් වී ඇති අතර එයට හේතුව ලෙස පවසා ඇත්තේ අහල පහල වූ ගැහැණු ළමයෙක් සෙටාර් කරගැනීමේ අවස්ථාව මඟ හැරීමයි.:P
“අක්කේ මේ මම එද්දි අහල පහල ඉන්න කෙල්ලෝ සෙට් එකට පුංචි කිඳුරෙක් එනවා කියලා කියලා තියන්ඩ ඈ.. “මෙසේ කියමින් මොහු අදාල අක්කාට කරදර කළ බවද ආරංචි මාර්ග පවසා සිටී.මොහු,



1.අක්කපාලයා    2.පොඩි මෑන්    3.ඉෂාර    4.සඳකිඳුරා

(3) කාලයක් වීඩියෝවක් නිසා තම ස්‍රී නාමයට කැලලක් වුන බව පවසමින් ඇඬූ කඳුලෙන් කාලය ගෙවූ සෑම විටකම යුවතියන් දැකීමට යුවතියන් හා කල් ගෙවීමට කැමැත්ත දැක්වූ, අඬු 4ක්ම ඇති සිහිනයක් විසින් අවුරුදු උත්සවයේ අවුරුදු කුමරිය තරඟයේ භාරකාරත්වය තමාට ලබා දෙන ලෙස සංවිධායක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්ට මරණ තර්ජනය කරමින් ඉල්ලා සිටි බව සැලවේ...තමාට මෙම අවස්ථාව ලබා නොදෙන කවරෙකුට වුවද මිත්‍රද්‍රෝහියෙකු ලෙස සලකන අතරම තමාගේ අතේ නිතරම ‍රැඳුන එනමුත් භාවිතා කිරීමට වැඩිය නොදන්නා ගිටාර් රාජයාගේ පහර කෑමකින් මරණයට ලක්වීමට සිදුවන බව මොහු දිවුරා පැවසූ බවද නිල ආරංචි මාර්ගයන්ගේ සැලවී ඇත.මේකා,



1.සිහිනයා 2.බනියා 3.කොස් කොළයා 4.ස්කූබි ඩූ

(4) වෙනත් සක්වලකින්  කොළඹ රටට මෑතකදි ගොඩ බසින ලද අයෙක් විසින් කොළඹ රටත් ඒ සක්වල මෙන්ම සීතලයැයි සිතාගෙන මුලදී අත් පා දිගට තිබෙන ඇඳුම් ඇන්ද නමුත් මෑතකදි බ්ලොග් අවකාශයේ මල් පැණි වලට ප්‍රිය කරන කෙනෙකු අනුව යමින් කොට කලිසම් වලට හුරු වී ඇති බව දැනගැනීමට ලැබී ඇත. පිටේ හරහට එල්ලා ඇති  ලැපත්, සිංදු අහන බව පෙන්වීමට නිතරම කනේ ඔබාගෙන සිටින headset එකත් මොහුව අඳුනා ගැනීමට හැකියාව ලැබෙන ප්‍රධාන අංග ලක්ශන වේ..තවද බුකියේ ප්‍රොපයිල් පින්තූරය ලෙස නිතරම ගිටාරයක් හරහට එල්ලාගත් පින්තූරයක් තබාගැනීමට ඔහු ප්‍රියතාවයක් දක්වන බව මොහුගේ මිතුරු කැල අපට පවසා ඇත.
මොහු,


1.පවනි    2.පිටසක්වලයා    3.මදුරංග    4.මී ගොඩයා

(5) පොර කථා දමමින් දඟයෙක් නොවූවත් දඟයෙක් වන්නට ගිය ගඳයෙකු කාන්තා පාර්ශවයට කට කැඩිච්ච කථා කියන්නට ගොස් මේ වසරේ මාර්තු මස 31 වෙනි දින නගර සභා භූමිය ඉදිරිපිට වූ කහ ඉර මතදී පිට හරහා අවුරුද්දටම අමතක නොවන කෑමක් ඉල්ලාගෙන කෑ බව කාටත් නොරහසකි.
මොහු,


1.දඟමල්ල    2.කිඩෝ    3.දඟයා පවර්    4.නාකියා

(6) නම ඇසීමෙන්ම දුක ගැන හිතට හිතෙන උතුමෙක් ඕන් මේ පාර තේරෙන රාජකීය අවුරුදු ජෝඩුවට අනුග්‍රහය දක්වයි.මෙහි යටින් රියලිටීකරණය වූ මාෆියාවක් තිබේදෝහෝයි ගමේ තේ කඩේ පැත්තේ කතා වෙන බව දැනගන්නට ලැබුනි.
මේ උතුමා,


1.හිමහංසි    2.ප්‍රාර්ථනා    3.දුකා    4.සිහින මධාරා

(7) විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට වූ තරාදියකින් බර කිරන්නට ගිය අක්කා කෙනෙක් නිසා දුප්පත් වෙළෙන්දෙකුගේ ආදායම් මාර්ගයටද උදැල්ලක් වැටී ඇති බවත් බර කිරන්නට ගොස් තරාදි කට්ට පිස්සු නටා ඇති බවත් වටේ බලාගෙන සිටි අයගේ මාර්ගයෙන් සයිබර් රහස් ඔත්තු සේවයට ආරංචි වී ඇත. 
මැය,


1.දුෂ්    2.හසී    3.ප්‍රාර්ථනා    4.චතූමිතූ


(8) ජීවත් වුවත් එසේ නොවන්නෙකු පිළිබඳ නමෙන් ඉඟි කරන කෙනෙක් ඕන් පහු ගිය ටිකේ නිතර නිතර අහල පහල ගැවසී ඇතිමුත් මෙම වසරේ මාර්තු 31 දින නිතරම හිස පසෙකට නමාගෙන ඇති ඡායාරූප භාවිතා කරන යුවතියක සමග කඩේ යාමෙන් පසුව අතුරුදහන් වී ඇත.
මොහු,


1.අභීතයා    2.මාරයා    3.මරණයා    4.මලියා

(9) තම සිරුරේ හැඩය හා ශක්තිය ගැන දැඩි ලෙස සැලකිලිමත් වන්නෙක් රාත්‍රී 7සිට 8 වෙනතෙක් කාලය gym එකක කාලය ගත කිරීමට ‍තෝරාගෙන ඇත. ඉඩ ඇති බස් සොයාගෙන ගොස් ඒවායේ හිටගෙන යාම මොහුගේ ප්‍රියතම විනොදාංශය වේ. කොයිතරම් ඇඟ හදාගෙන සිටියත් මොහු මල් පැණි වලට ලොබ වූ පුද්ගලයාට දැඩි බියක් දක්වන අතර මුහුද යට ජීවත් වන නූතන මල් සරාට දැඩි ආදරයක් දක්වයි. කොහේ ගියත් මොන දේ කලත්
"........... හිටියා නම් හොඳයි නේද?" කියමින් නූතන මල්සරා සිහිකිරීම මොහුගේ පුරුද්ද වී ඇත.
"මල්සරා I miss you always" :o.
මොහු,


1.ජනරංග    2.පිටසක්වලයා    3.රාජ්    4.පවනි

(10) ටිකක් වයසක ගතියේ නමක් තිබුනත් බ්ලොග් අවකාශයේ චූටිම එකා ලෙස තමාව හඳුන්වා ගන්නෙක් තමාට වඩා වැඩිමහලු අක්කා කෙනෙගෙන් ටී ශර්ට් එකක් තෑගි ලෙස ලබාගෙන එය හැමතැනම කියමින් යන බව ආරංචි මාර්ග පවසයි.
අක්කලා සමඟ ඉතා දැඩි සම්භන්ධතා ඇති මේ පුංචි මල්ලියා තවත් අක්කා කෙනෙක්ගෙන් සොරකම් කල සිංදුවක් කවියක් කරන්නට ගොස් අමාරුවේ වැටී දැන් එය අතරමඟ නතර කොට ඇත.
දත් මැදීමටත් වඩා ........ කිරීම හොඳ පුරුද්දක් ලෙස සිතාගෙන සිටින මොහු සෑම රාත්‍රියකම සමු දෙන විට දත් මැද නිදාගන්න කියනවා වෙනුවට රෑට චූ කොට නිදාගන්නයැයි කියමින් සමුදෙන බව මොහු සමඟ නිතර දෙවේලේ chat කරන තවත් අක්කා  කෙනෙක් ප්‍රකාශ කොට ඇත.. 
මොහු,


1.සඳකිඳුරා    2.ඉෂාර    3.අක්කපාලයා    4.කොස් කොලයා


(11) මල්ලිලාට තෑගි අරන් දීමට ස්වකීය කාලය හා ධනය නොමසුරුව වැය කරන තවත් අක්කා කෙනෙක් බම්බලපිටිය හන්දියේ වූ කඩයක විශාලත්වය දැක මුහුද වාසස්ථානය වූ කෙනෙකු සමඟ එයට ඇතුල් වී එහි වූ අයිස්ක්‍රීම් කඩයකින් රුපියල් දහයක අයිස් ක්‍රීම් එකක් කා එළියට බැස පැමිණි බව ආරංචි මාර්ග පවසයි.  මැය වෙන කිසිවෙකුටත් නොමැති අන්දමේ පිස්සුවක්.. එනම් google doc පිළිබඳ ඉතා දැඩි පිස්සුවකින් පෙලෙන බව ඇගේ හැසිරීම කාලයක් තිස්සේ අඳුරන සියළු දෙනා පවසයි. මීටින් වලට පැමිණෙන විට සිය සොයුරිය සහ සොයුරියගේ පෙම්වතාද කැඳවාගෙන විත් මල් කැඩීමට අවස්ථාව ලබා දී පින් අතේ වැඩද සිදු කරගන්නා බව ප්‍රසිද්ධ රහසකි.
මැය,


1.ප්‍රාර්ථනා    2.චතූමිතූ    3.හිමහංසි    4.දුෂ්


(12) කාලයක් තිස්සේ උත්සාහ දැරුවද එකම කෑල්ලක්වත් සෙට් කරගැනීමට නොහැකි වීමේ දුකින් පෙලෙන තවත් අයකු බැරිම තැන චූටි මල්ලිගේ cousinලා වෙත බැල්ම දැමූ බවට විස්වාසදායී ආරංචි මාර්ග වලින් ආරංචි වී ඇත. චූටි මල්ලිගේ ප්‍රොෆයිල් පින්තූරයක සිටි තමාට වඩා හත් හත්දිනේ වයසින් බාල cousin කෙනෙකු සෙට් කර දෙන ඉල්ලමින් කඳුළු පෙරමින් හැඬූ වග සයිබර් රහස් ඔත්තු සේවයට දැනගැනීමට ලැබී ඇත. ඉන්පසුව දුරකථන අංකයද ලබා දෙන ලෙස වැ ද වැටී ඇත. පසුව චූටි මල්ලියාට මොහු බැන වැදී ඇති බව ප්‍රසිද්ධ රහසකි. මොහුට එකම අවුල චූටි මල්ලි මස්සිනා වීම බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. 
මොහු,


1.රාජ්    2.ගයාන්    3.ජනරංග    4.සඳකිඳුරා


(13) මේ වසරේ අප්‍රේල් මාසයේදි බ්ලොග් එකට අවුරුද්දක් පිරුණු අක්කා කෙනෙක් චූටි මල්ලි ලෙස නිතරම කියා ගන්නා කෙනාට ඒ අක්කාව මුන ගැසීමට තුන්මුල්ල මහා විද්‍යාලය අසලට පැමිණෙන්න යැයි පවසා පොල්ලක් තබා ඇත. තවද බටර් තලියක් චූටි මල්ලිගේ ගා තමන් විසින් ලියන ලද සින්දුවකට මියුසික් දමා දෙන ලෙස ඉල්ලා ඇත. මල් ගැනීමට ස්ථානයක් නොමැති නිසා මුහුද යට වාසස්ථානය වූ රෝද හතරේ දඬු මොනරණයක් භාවිතා කරන කෙනෙකුට මල් ගැනීමට කැළණි යමු යැයි යෝජනා කර ඇති බව විශ්වාසනිය ආරංචි මාර්ග සඳහන් කරයි. තවද අප්‍රේල් 8 වෙනිදා බ්ලොග් ලියන කිහිප දෙනෙකුටද පාටියක් දෙන බව පවසා එයටත් පොල්ල තබා ඇති බව නිළ නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි. යාලුවන්ට කියා ඉතා සැලසුම් සහගතව තමන්ගේ ඡායාරූප ලබා ගැනීමට විශේෂ හැකියාවත් දක්වයි. පසුගිය දින කිහිපය තුල Ek Diwana Thaa නැමැති චිත්‍රපටය බාගැනීමට සැමගෙන්ම ලින්ක් ඉල්ලා සිටි බව ප්‍රසිද්ධ රහසකි. නමින් නිතරම කුමක් හෝ දෙයක් පතන බව හැඟවේ. බටර් ගෑමට උපන් හපන්කමක් ඇත්තියක් බව දන්නෝ දනිති.
මැය,


1.හිමහංසි    2.හසී    3.චතූමිතූ    4.ප්‍රාර්ථනා


(14) නිතරම හිස පසෙකට ඇල කරගෙන සිටින ෆොටෝ භාවිතා කරයි. මේ වසරේ අප්‍රේල් 31 වන දින විහාර මහා දේවි උද්‍යානය තුලදී පිරිමි ළමුන් දෙදෙනෙකුට තර්ජනය කර එක් අයෙකුට පහර දී ඇති බව විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. මදක් ටියුබ් ලයිට් ගතියක් පෙන්නුම් කරන අතර චූටි මල්ලියාගේ සංගීත වැඩ හා සම්බන්ධ අක්කා කෙනෙකුට චූටි මල්ලිගේ ආදරවන්තිය යැයි රැවටුණු බව අදාළ පුද්ගලයන් පැවසීය. මැය සමග කඩේ ගිය නිතරම මරණය ගැන කතා කරන පුද්ගලයෙකු දින කිහිපයක් අතුරුදන්ව සිටි බව ප්‍රසිද්ධ රහසකි. ලව් සික් එක උපරිමේටම ඇති බව කතා කරන සෑම දෙනාටම තේරුණත් මැය නිතරම කතා කරන්නේ උස සපත්තු හා දුක පිලිබඳ බව සැමගේ අත්දැකීමයි. බ්ලොග් අවකාශයේ බොහෝ දෙනා පවසන්නේ මැයගේ දුක් ගැනවිලි කියවා හෙම්බත්වී ඇති බවයි. සයිබර් සිහින උළෙලට දින දෙකකට පෙර මැගේ අවසන් කැමති පත්‍රය ද බ්ලොග් අඩවිය ඔස්සේ නිල වශයෙන් ප්‍රසිද්ධ කල බව දන්නෝ දනිති.
මැය,


1.වර්ණා    2.සුදු පැංචි    3.දුෂ්    4.නෙත්පානි


(15) විහාර මහා දේවි උද්‍යානයේ තිබූ හමුවේදි සිය මිතුරන් හඳුනා ගැනීමට නොහැකිව වටා පිටාවේ ඉන්න සියලු දෙනාගෙන් නංගි ඔයා බ්ලොග් ලියනවද? අයියේ බ්ලොග් එකක් ලියනවා නේද? අසමින් ගිය අයෙක් ගැන ආරංචි පැතිර ගොස් ඇත. කැන්ටිමේ සිටි සියලු දෙනා බ්ලොග් කරුවන් යැයි සිතූ මොහු කැන්ටිමට වී එක් අයෙකු හෝ තමා සමඟ කතා කරන්නට එන තුරු මඟ බලාගෙන හිටි බව සැලවේ.. මෙම කොටස සමරු කලාපයෙන් ඉවත් වුවහොත් එයටද වගකිවයුත්තා ඔහු බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු.
මොහු,


1.යැංකි    2.ගයාන්    3.රාජ්    4.සඳකිඳුරා




විභාගය ඉවරා.................යි.දැම්මනං බලන්න කොල්ලො කෙල්ලන්ගෙ උත්තර ටික පල්ලෙහායින්.හික් හික් හික් :D
[ මේ සමරු පොතේ පලවූ මඩ.සමරු පොතේ පල නොවූ මඩත් අරන් ළඟදිම එන්නම් ;) ]
සමරු පොත් හම්බුනේ නැති එවුන් තව ඉන්නව නම් මුනගැහෙන මොහොතක දෙන්නම් හොඳේ.අස්ථාන ගතව තිබුනු සමරු පොත් පිටියක් කවුරුහරි ඉදිබුවෙක් මම නිළ ප්‍රවාහන සහකරු නිසා කාර් එකේ ෆ්‍රිජ් එකට දාල මේ ලඟදි මට හම්බුනේ :p........ කල් තියාගන්නද දන්නෙ නෑ ෆ්‍රිජ් එකට දැම්මෙ.එහෙම නරක් වෙන්නෙ නෑ පුතේ පොත් :D

32 comments:

  1. නිදාගන්න බැරිද බං??
    මදෑ ඔයින් ගියා! මම හිතුවෙ මේ අහිංසක කොල්ලටත් මඩක් ගහලා ඇති කියල, අර තරාදි කතාවනන් මීටරේට වැටුනා ඈ! :D :D

    ඒ මේ ආයි දාගනින්කො සුහද හමුවක් සෝ වී කැන් ටච් "පස්" ෆ්‍රොම් "කන"

    ReplyDelete
    Replies
    1. //ළගදීම සුහද හමුවක් දාමු // යකෝ ඊමේල් බලල කතා කරපං. උඹට ඊමේල් එකක් ඇති යාහු එකට.

      Delete
    2. අනිවා අනිවා.මේල් බලපං.සෙට් වෙලා කනෙන් යමු හික් හික් :p

      Delete
  2. ඌත්තර ඔක්කොම දන්නවො
    එ උනට කියන්නෙ
    වෙලවට මම බෙරිල

    ReplyDelete
    Replies
    1. හිටු එහෙනම් බොටත් මඩක් ගහනකම් ;)

      Delete
  3. මටනම් ලකුණු 15/15 යි. ඇති යන්තම් ඔයින් ගියා. වෙලාවට මං ගෑවිලා නෑ. (මගෙ නම තිබුනට උත්තර වල ඒ එකක්වත් නියම උත්තරේ නෙමෙයි හොදේ.ඔන්න උදව්වකුත් කලා.)

    නියමයි කිදුරෝ.. ආයෙ පාරක් සිහින උළෙළට ගියා වගේ හිතෙනවා. උඹ සනීප නෑ කිය කියා මේකයි කලේ එහෙනම් නේද?

    ReplyDelete
    Replies
    1. වැසිකිලියට වෙලා ඉන්නකම් කොරන්න දේකුත් නෑනෙ.වොෂින් මැෂිම උඩින් ලැප තියල ගැහුව බ්ලූටූත් කීබෝඩ් එකක් හික් හික් හික් :D

      Delete
    2. ඔන්න කිදුරො මමත් කෘතගුණ සැළකුවා...

      Delete
  4. සමරු කලාපල හම්බවුනේ නැති කව්රු හරි ඉන්නවද කියන්න එක pdf කරලා uplode කරලා තියෙන්නේ ඔන අයට ලින්ක එක එවන්නම්

    ReplyDelete
    Replies
    1. ගුණෙ අයිය දැන් නව තාස්සනේට අනුව නොවැ වැඩ කොරන්නෙ ;)

      Delete
    2. ඔන්න තව ඉගියක්...

      Delete
  5. ආයෙත් මතක් කලා..

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් අනිවා :p

      Delete
  6. 1-3.අභීතයා නොහොත් අඹේපාලයා
    2-4.සඳකිඳුරා
    3-1.සිහිනයා
    4-2.පිටසක්වලයා
    5-3.දඟයා පවර්
    6-3.දුකා
    7-2.හසී
    8-3.මරණයා
    9-3.රාජ්
    10-3.අක්කපාලයා
    11-2.චතූමිතූ
    12-3.ජනරංග
    13-4.ප්‍රාර්ථනා
    14-3.දුෂ්
    15-1.යැංකි

    ඔන්න මගේ උත්තර පත්‍රය.. මාව පාස් කරන්ඩෝ.. :D :D

    ReplyDelete
    Replies
    1. සැහ්.............. දැන්ම බොට ලකුනු දුන්නොත් අනිත් උන් කොපි කරනව.හිටු හිටු :D

      Delete
  7. ඕල්ඩ් හිට්ස් නේ :D

    ReplyDelete
    Replies
    1. ඕල්ඩීස් ගෝල්ඩීස් නෙව සහෝ :)

      Delete
  8. හෙහ් හෙහ් හෙහ්...

    ReplyDelete
  9. මං ආවේ නැහැනේ බන් එදා :(

    ReplyDelete
    Replies
    1. හයියෝ පට්ටම දවසක් මිස් වුනේ.කමක් නෑ ගෙට්ටුවට නම් ඕන් අනිවා එන්න ඕනිලූ ;)

      Delete
    2. අඩේ ඒ කවද්ද බං ? කොලබට කිට්ටුවද? විස්තර ටිකක් කියහන්කෝ

      Delete
    3. තාම නිළධාරී මණ්ඩලේ තීරනේ කලේ නෑ දින වකවානු.සුපුරුදු පරිදි බොහෝවිට දෙසැම්බර් කිට්ටුව වේවි ගොඩක් විට.ගිය සැරේ වගේ පට්ටම දවසක් වේවි.ලංකාව වටෙන්ම වගේම විදේශයන් වල කට්ටියත් එනව.මං දැනුම් දෙන්නම්කො වෙලාවට :) හැබැයි අනිවා එන්න ඕනි.ගිය පාර අපි බස් අරන් ගාල්ලෙ ගියා.මේ පාරත් කොහොම වුනත් ලංකාවෙ ඇතුලෙම තමා.ලෑස්ති පිට ඉන්නෝ :D

      Delete
  10. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්.මරු!!! :D

    ReplyDelete
  11. Replies
    1. සොෆ්ට් කොපි ගුණෙ අයියා ගාව.හාඩ් කොපි තියේ මං ගාව.17 එනවනම් අතටම දෙන්නම් :)

      Delete
  12. මෙහෙමත් මඩ ගැහිල්ලක් අයියෝ ........

    ReplyDelete
    Replies
    1. මෙව්වට කියන්නෙ රහ කර කර මඩ ගහනව කියල :p

      Delete