
ඕන්න ඉතින් අද කියන්න හිතුන ජීවිතේ අත්දකින්න ලැබුනු අමුතුම සිද්දියක රසවත් කතන්දරයක්.මේක ඉතින් වුනේ නම් ඉස්කෝලෙ යන කාලෙදිලු.
එදා කොහොමින් කොහොම හෝ වැඩිය උගන්වපු දවසක් නෙමේ.වැඩිමනක්ම තිබුනෙ ෆ්‍රී පීරියඩ්.එතකොට මම හිටියෙ සාමාන්‍ය පෙළ පන්තියේ.සමහරු සෙල්ලම් කරනවා, පොත් ගුල්ලො පාඩම් කරනව, වලි කාරයො වලි, ඒ අස්සෙ ඕන් මං තුමයි යාලුවො සෙට් එකයි කලේ අනංමනං ජල්බරි අත්දැකීම් විස්තර කරනගමන් කෑම කාපු එක :p
දන්නවනෙ ඉතින් ඒ කාලෙදි කෑම කන හැටි.බත් මුල මේසෙ උඩින් තියල අරින්න විතරයි ඕනි සටපටස් ගාල වාශ්ප වෙනවනෙ.මාලු කෑල්ල හරි මස් කෑල්ල හරි අහු උන එකාට නම් නියමයි.මැල්ලුම වගේ අතට අහු උනොත් ඉතින් ඉවරයි.ඒකටත් අත දාන්න පරක්කු උනොත් ඉතින් අරන් දුවන්න වෙන්නෙ බත් කොලේ හරි පත්තර කොලේ හරි තමයි :D
එදා ඉතින් වැඩිය කට්ටිය හිටපු නැති එකේ සෑහෙන කාලෙකට පස්සෙ දුගී දුප්පත් යාචකයො රැලක් වගේ බජව්වක් දාගෙන හෙමින් හෙමින් කෑම කන්න අපිට ලැබුන.

ඉතින් ඔහොම ඉන්න අතරෙ ඔන්න ඉතින් දැන් අපේ සෙට් එකේ දෙතුන් දෙනෙක්ම එදා ඇවිත් තිබුනෙ නෑ ඉස්කෝලෙ.ඒ අතරෙ කොහොම හරි අපේ එකම බොක්කක් හිටියෙත් නෑ පේන්න.අපි දැනට මෑන්ස්ට ප්‍රියාන් කියල කියමුකෝ.කොහොම හරි දහසකුත් කතා මැද්දෙ ඇයි අද ප්‍රියානය ඉස්කෝලෙ ඇවිත් නැත්තෙ කියන තැනට වෙනකල් කතාව ආව.ඒත් එක්කම පැනපු ගමන් එකෙක් කියපි............
මිනිහ මැච් එකකට ගිහින්.මැච් එකෙන් පස්සෙ පොඩි වලියක් ගිහින්.වලියෙදි කාපු පාරකට මුගෙ ඇට දෙක පුපුරල කියල.
අහපු ගමන් අපිට හිතාගන්න බැරි උනා මොකෝ උනේ.යකෝ එහෙනම් සැර පාරක් වැදිල ඇති කියල අපිට හිතුනෙ.මෙන්න මේ වගේ රූපයක් තමා හරියටම හිතේ මැවුනෙ

ඒ අස්සෙ කට්ටියගෙ කටවල් ඇරිල.බලාගත් අත බලං ඉන්නව සෙට් එකම දැන් මුකුත් හිතාගන්න බැරිව.ඒ අස්සෙ මට එහා පැත්තෙ හිටපු එකා හෝ ගාල කහිනව.බැලින්නම් ඌට කෑම හිරවෙලා

ඇහුන දේ හරිමද මන්ද කියල හිතුනු නිසා මං ආයෙත් ඇහුව " ආපහු කියපිය බලන්න " කියල.බැලින්නම් මූ කියල තියෙන්නෙ ඇට දෙකක් පුපුරල කියල.මූ බත් කටක් ගිලින ගමන් කියපු නිසා අන්තිම අල් කයන්න "ක්" ශබ්ද වෙලා නෑ.

පස්සෙ තමා මූ කීවෙ මැච් එක ඉවර වෙලා ගිය වලියෙන් බෙල්ලට වැදුනු පාරක් නිසා බෙල්ලෙ ඇට (අස්ථි) දෙකක් බිඳිල අරූව ඉස්පිරිතාලෙ නවත්තල කියල :p

කොහොමින් කොහොම හෝ අපිට අන්තිමේ වුනේ අර කෑම හිරවෙච්ච එකාව ඉස්පිරිතාලෙ අරං යන්න :D