කිඳුරු සේනාව

Saturday, July 21, 2012

ස්වයං වින්දනය හොඳද නරකද? (18+ හරිය)



තාරුණ්‍යය.......... තාරුණ්‍යය කියන්නෙ ඇත්තටම බොහොම ලස්සන සුන්දර වගේම රහස් වලින් පිරුනු දෙයක්.මේ රහස් තුල අපි එදිනෙදා ජීවිතයේදි කතා නොකරන ගොඩක් කරුණු කාරණා තියෙනව.ඉතින් ලිංගිකත්වය කියන්නෙත් එහෙම එකක් තමා.

ස්වයං වින්දනය.......... මං හිතන්නෙ මේ ගැන නොදන්නා කෙනෙක් නම් නැත්තටම නැති තරම්.පුද්ගලයින් [ගැහැණු හෝ පිරිමි] 100ක් ගතහොත් එතැනින් 70%ක් දෛනිකවත්, තවත් 22%ක් අවස්ථානුකූලවත් ස්වයංව අත්විඳිනා මේ දෙය අපිට තවමත් සාමාජීය වපසරිය තුල රහසක් වන්නේ අපි ලෝකය දකින් සාපේක්ෂ රාමුවට අනුව මෙය අසම්මතය බවට අරුත් ගන්වා තිබීමයි.


කෙසේ හෝ මම අද මේ ලිපියෙන් කියන්නෙ ස්වයං වින්දනයෙ යෙදෙන හැටිනම් නෙමේ.අපොයි මට වඩා හොඳ පුරුදු කාරයො පුරුදුකාරියො එහෙම ඇතිනෙ ඉතින් මේ අය අතරෙත්.මං මෙයින් අද කියන්නෙ පොදුවෙ මේ ගැන අප හිත් තුල පවතින මුත් හිඳිනා සාපේක්ෂ රාමුව තුල සභ්‍යව අපිට අරුත් ගන්වන්න නොතේරෙන පොදු ගැටලු කීපයක් ගැනයි.



1. ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?
බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නෙ.මහත අය එහෙම කියනව අඩුයි.ඒ මොකද කියනව නම් ස්වයං වින්දනයේ යෙදෙන මහත අය දන්නව ඒ අය ස්වයං වින්දනයේ යෙදුනට කෙට්ටු වෙන්නෙ නෑ කියල.නමුත් ඒ අතරින් සමහරු හිතනව තමන් අනිසි ලෙස මහත් වීමට ස්වයං වින්දනය හේතුවක් විය හැකියි කියල.ස්වයං වින්දනයේ යෙදුන කියල කෙට්ටුවත් මහත්වත් වෙන්නෙ නෑ.එය හුදෙක් තම භෞතික ස්වරූපයට මානසික හේතූන් ආදේශ කරගැනීමක් පමණයි.එහෙම නැත්නම් ඉතින් මිනිස්සුන්ට ව්‍යායාම මධ්‍යස්ථාන වලට යන්න දෙයක් නෑනෙ.වැරදී හෝ එහෙම දෙයක් සිදුවන්නේ නම් මෙය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙසක් හඳුන්වා දිය හැකි වේවි.


වරෙක වෛද්‍ය පීඨයේ එක් කතිකාචාර්යවරයෙක් මානව ලිංගිකත්වය ගැන දේශනයකදි අවසානයේ ප්‍රශ්න ඇසීමේ වාරය එලැඹුනා.ළමයෙක් කොල කෑල්ලක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහල එවල තිබුනලු.


"දිනපතාම ස්වයං වින්දනයේ යෙදුනම කෙට්ටු වෙනවද?"


කතිකාචාර්යවරයා සභාව ඉදිරියේ ප්‍රශ්නය හඬනගල කියෙව්වලු.ඊට පස්සෙ දිගු හුස්මක් ඇරල හෙමින් සිනාසෙන ගමන් තමන්ගෙම ඇඟ දිහා ටිකක් වෙලා බලන් හිටියලු තත්පර කීපයක් නිසොල්මනේ.ඊට පස්සෙ මෙන්න මෙහෙම කිව්වලු.


"මේ බලන්න.මේ මම හොඳට ඉන්නෙ.මම කෙට්ටු වෙලා නෑනෙ"


ඉතින් ඒක අහපු ළමයි හැමෝම හිනා වුනාලු.සිනාව මදක් නැවතුනු පසු ඔහුගේ පිළිතුරු පැහැදිලි කිරීම වුනේ,


"ළමයිනේ, ස්වයං වින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවනම් මේ දේශනය කරන්න අද මම මෙතන නැහැ" යන්නයි.





2. අධික ලෙස ස්වයං වින්දනයේ යෙදෙනවා යයි ඔබ අරුත් ගන්වන්නේ කුමක්ද?
අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම සෞඛ්‍යයට අහිතකර නම් අධික ලෙස සංසර්ගයෙ යෙදීමත් සෞඛ්‍යයට අහිතකර විය යුතුය.එහෙත් ඔබ දන්නවද මේ මඟින් ශරීරයෙ මස්පිඩු වගේම ස්වසන වේගයත් ඉහල යන බව.මෙයත් එක අයුරක ව්‍යායාමයක් තමයි.දිනකට යන්තම් ව්‍යායාම කරන කෙනෙකුට නම් ඊට වඩා ප්‍රතිඵල යහපත් වේවි ව්‍යායාම කිරීම නවත්වක සංසර්ගයේ යෙදෙන්න හැකිනම් හැකි සැම විටදිම [ප්‍රායෝගික ආරක්ෂණ ක්‍රම සහිතව] නමුත් මෙය වෛද්‍යමය වශයෙන් අනුමත වී නැත්තේ මීට වඩා ප්‍රතිඵල සහිත ව්‍යායාම් විධි තිබීමත් ඒ හා සැසඳූ කල මෙහි අතුරුව සැලකිලිමත් විය යුතු තවත් ප්‍රභේද රාශියක් තිබෙන නිසාවෙනි.අන්තිමේ ව්‍යායාමෙට කියල ලිංගිකව හැසිරෙන්න ගිහින් වෙන වෙන එව්ව හදාගෙන එන්න වේවි.කසාදයක් බැඳගනින් කියන්නෙ ආන්න ඒකට තමා ;) ස්වයං වින්දනයෙන් කෙට්ටු වෙන්නෙ නෑ.නමුත් රුධිර සංසරණය වැනි දේවල් ක්‍රමවත්ව පවත්වාගන්න මේක උදව් වෙනව.

කෙනෙක් ස්වයං වින්දනයෙ යෙදෙන්නෙ ඔහුට හෝ ඇයට ඒ සඳහා අවශ්‍යතාවක් ඇතිවූ විටයි.එම අවශ්‍යතාව ඇතිවන්නේ බොහෝ විට නිරෝගීව සිටියදී විනා රෝගීව සිටියදී නෙමේ.බොහෝ විට රෝගී වූ විට ලිංගික ආශාව අඩුව යයි.ස්වයං වින්දනයේ යෙදුනු පසු නැවත ටිකක් වෙලා යනතුරුද නැවත ඒ සඳහා උවමනාවක් ඇති නොවේ.නැවත ස්වයං වින්දනයට උවමනාවක් ඇති වන්නේ ඒ සඳහා ඔහුගේ හෝ ඇයගේ කය සහ මනස සූදානම් වූ විට පමණි.



3. ස්වයං වින්දනය නිසා වඳ භාවය ඇතිවිය හැකිද?
දිනක් විශේෂඥ වෛද්‍ය ආරියසේන ගමගේ මහතා හමු වීමට විවාහ වී ඇති මුත් වසර දෙකක් පුරාවට දරුවන් අහිමි යුවලක් ප්‍රතිකාර සඳහා පැමිණ ඇත.මෙහිදී ස්වාමි පුර්ෂයා කියා ඇත්තේ,

"සර්, දැන් මගේ වයස අවුරුදු 26යි.මට මතක ඇති කාලෙක ඉඳල, ඒ කියන්නෙ දැනට වසර 10ක පමණ තිස්සෙ ඉඳල මම දවසට දෙතුන් වතාවක්ම, ඇතැම් විට පස් හය වතාවක්ම ස්වයං වින්දනයේ යෙදුනා.දැනුත් එහෙමයි.අපිට ළමයි නැත්තෙ මගෙ ධාතු ශක්තිය අඩු වෙලාවත්ද? " කියලයි.

ඔහුව පරීක්ෂා කල වෛද්‍ය අදහස වී ඇත්තේ ඔහු බෙහෙවින්ම හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවයි.මදසරු බවේදී මුලින්ම පරීක්ෂාවට ලක් කරනුයේ පිරිමියාගේ ශුක්‍රාණු වේ.මෙහිදී ඒ තුල ශුක්‍ර තරල නිසි ප්‍රමාණයක අවැසි තරම් ශුක්‍රාණු ඇත්ද යන බවත්, ඒ තුල උවමනා චලන හැකියාව තිබෙනවද යන බවත් ඇතුලුව කරුණු කීපයක් පරීක්ෂාවට ලක් කරයි.මෙම පරීක්ෂණය හඳුන්වන්නේ සෙමිනල් ෆ්ලුයිඩ් ඇනලයිසිස් (SFA) හෙවත් ශුක්‍ර තරල විශ්ලේෂණය යනුවෙනි.ශුක්‍රාණු විශ්ලේෂණ වාර්ථාවට අනුව ඔහුගේ ශුක්‍රාණු ඉතාමත් හොඳ තත්වයේ තිබෙන බව තහවුරු විය.ස්වයං වින්දනයේ යෙදීම නිසා මිනිසුන්ගේ ධාතු ශක්තිය හීන වී යනව කියන්නෙ අමූලික බොරුවක් කියල ඒකෙන්ම පැහැදිලි වෙනව.



4. ස්වයං වින්දනය රෝගයක් ලෙස සැලකෙන අවස්ථා තිබේද?
ස්වයං වින්දනයේ යෙදීම රෝගයක් නෙමේ කියල මීට ටිකක් ඉස්සෙල්ලත් මම කිවුව.ඒත් ස්වයං වින්දනය නිසා තමන්ගෙ කායික සහ මානසික සෞඛ්‍ය තත්වය පිරිහී යනව කියල හිත හිත දුකටත්, බියටත් පත් වී කනස්සල්ලෙන් ජීවත් වෙන එක නම් මානසික රෝගයක්.ඒ හැරෙන්න සමහර මානසික රෝගී තත්ත්වයන්හිදී (හීනෝන්මාදය සහ OCD රෝගය)කෙනෙක් ස්වයං වින්දනයේ යෙදීමට නිතර නිතර පෙළඹවන්න පුළුවන්.එවිට ප්‍රතිකාර කල යුත්තේ මානසික රෝග‍යට විනා ස්වයං වින්දනයට නෙමේ.



5. තම පුතා හෝ දුව ස්වයං වින්දනයේ යෙදෙන බව දෙමව්පියන් අහම්බෙන් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද?
ගොඩක් වෙලාවට දෙමව්පියො හිතන්නෙ මේක ළමයගෙ මානසික හා කායික සෞඛ්‍යයට අහිතකර දෙයක් කියලයි.නරක අසභ්‍ය පුරුද්දක් විදිහටයි.කුඩා කාලෙදි ස්වයං වින්දනයේ වැඩි වශයෙන් නියැලෙන දරුවන් පසු කලෙක සමලිංගිකයින් බවට පත් වෙයි කියල සමහරු හිතනව.ඒගොල්ලො අනාගතේදි මානසික රෝග වලට හෝ ලිංගික දුබලතා වලට ලක්වෙයි කියල සමහරු කල්පනා කරනව.මේව ඇත්තටම වැරදි මත.

තමන්ගෙ දරුව ස්වයං වින්දනයේ යෙදෙනව දැක්කොත් දරුවට කිසිම වෙලාවක තරවටු කරන්නවත් බණින්නවත් යන්නෙපා.එහෙම කලොත් ඒක ඒ ළමයගෙ මානසික සෞඛ්‍යට අහිතකර විදිහට බලපාල අනාගතේදි ලිංගික ගැටලු මෙන්ම චර්යාත්මක ගැටලුත් ඇතිවෙන්න පුළුවන්.එබැවින් දරුවෙක් ස්වයං වින්දනයේ යෙදෙනව අහම්බෙන් හෝ දැක්කොත් එය නොදැක්කා සේ සිටීමත් පසුව ඔබ එය දුටු බව ඔහුට හෝ ඇයට නොපෙන්වා වෙනදා මෙන්ම සුහදව කතාබහ කිරීම තමා බොහෝ විට සුදුසු.



6. පිරිමියෙක් ස්වයං වින්දනයේ යෙදුන කියල පුරුෂ ලිංගය ඇද වෙනවද?
නැහැ.ඒක බොරු කතාවක්.එහෙම නම් ලිංගික සංසර්ගයෙ යෙදෙන අයගෙත් ලිංගය ඇදවිය යුතුයි.ලිංගේන්ද්‍රය ඇදනම් ඒකට හේතුව වෙනම දෙයක් විය යුතුයි.ඊට ප්‍රතිකාර සඳගා ඇතැම් විට ආයුර්වේදී සම්භාහන ක්‍රම භාවිත කල හැකි අතර ඇතැම් විට ශල්‍ය වෛද්‍ය වරයෙකු කරා යොමු වන්නට සිදුවේවි.



7. පිරිමියෙක්ගෙ ශුක්‍ර ධාතු ඉතා අගනා දෙයක් බවත් එය නිතර පහ කිරීමෙන් හෝ සිහිනෙන් පහ වීමෙන් ශරීරය දුර්වල වී මහලු පෙනුමක් ඇතිවනවා කියන එකත් ඇත්තද?
අපේ සිරුර හැදිල තියෙන්නෙ සප්ත ධතු වලින් කියල ආයුර්වේදයෙ සඳහන් වෙනව.ශුක්‍ර ධාතුවත් ඉන් එකක්.ඉතින් මෙම ධාතූන් ශරීරයෙන් පිටවීමෙන් ශරීරය වැහැරීමට හේතු වෙනව කියල මතයක් තියෙනව.ඒ මතය සමාජයෙ ගොඩල් කිඳා බැහැපු මතයක්.

සමහරු කියනව ශුක්‍ර බිංදුවක් හැදෙන්න ලේ බිංදු 500ක් පමණ උවමනා වෙනව කියල.ඒ මතේ උඩම ඉඳගෙන එයාල කියනව ශුක්‍ර ධාතු ඉතින් ශරීරයෙන් පිටවීම නිසා රක්තහීනතාව නොහොත් පාණ්ඩුව ඇති වෙන්නත් පුලුවන් කියල.නමුත් ඒ මතයද යටපත් වෙන්නෙ මනෝ විද්‍යාව පිලිබඳ මහාචාර්ය චන්න විජේසිංහ මහතා දුන් දේශන කොටසකට අනුවයි.

"හිස් ගෙඩියන්ගේ හැඩය ඇති ඇසට නොපෙනෙන කුඩා ශුක්‍රාණු කෝටි ගණන් වෘෂණ යුගල තුල නිර්මාණය වේ.ශුක්‍රාණු වල ප්‍රමාණය ශුක්‍ර තරලයේ ප්‍රමාණයෙන් 1%ක් වගේ වෙන්නෙ.ශුක්‍ර තරලය නිෂ්පාදනය වෙන්නෙ ශුක්‍ර ආශයිකා සහ පුරස්ථි ග්‍රන්ථි තුලයි.ලිඳේ උල්පතකින් වතුර උනනව වගේ ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය නිතිපතාම අපේ සිරුර තුල නිෂ්පාදනය වෙනව.හරියට අපේ කටට කෙළ උනනව වගේ.ඛෙඨ ධාතුවත් ශුක්‍ර ධාතුවත් අතර ලොකු වෙනසක් නෑ.ඒ විදිහට බැලුවොත් අපි නිතර නිතර කෙළ ගසන විටත් ඇඟ කෙට්ටු වෙන්න ඕනෙ."

************

මේ කතා කලේ ස්වයං වින්දනය හා ඒ ආශ්‍රිත සුලභ ගැටලු කීපයක් විතරයි.හුදෙක් විනෝදයක් ගෙන දෙන දෙයකට වඩා වටිනා හරාත්මක දෙයක් දෙන එක හොඳයි කියල හිතුන.ගන්න දෙයක් තියේ නම් අරන් යන්න.කමෙන්ට් නැතුවට කමක් නෑ.හැකිනම් ඇනෝ හරි ඇවිත් සප් එකක් දෙන්න.මගේ ඊලඟ ලිපිය වැදගත් වේවි දරුවෙකු බලාපොරොත්තු වන ඔහුට හෝ ඇයට.එතකන් සමුගන්නම් :)





85 comments:

  1. හි හි..සෝයි කතා පොඩ්ඩ ඈ!

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් අලේ තැන්කූ වේවා.වටිනා දෙයක් ගත්තනම් මට ඒ ඇති.මෙහෙම ලිපියක් මං මේ ලියුවමයිනෙ :D

      Delete
    2. ඔඋ ‍ගොඩක් අය දන්න ‍දේ කියල ‍දෙන් නෑ හන්ගන් ඉන්නව ඒ අතින් ‍මේක ‍හොද වැඩක්.
      ‍මේකත් බලන්න ‍මේකත් අති උතුම් වැඩක්
      www.nomileguru.blogspot.com

      Delete
  2. පට්ට පට පට . ඇත්තම කිව්වොත් මමත් සුපිරි *********ක් තමයි. අදත් අම්මට මාට්ටු. :පී

    ReplyDelete
    Replies
    1. සැහ් ඔව් බං.අපි හොර වැඩක් කරන්න ගියොත් ඉතින් ඒක දෙල් වෙනවමනෙ ;)

      Delete
  3. හා කියමු බලන්න එහෙනම් ස්වයං වින්දනය කොච්චර වෙලාවක් අල්ලගෙන ඉන්න පුලුවන්ද කියලා

    ReplyDelete
    Replies
    1. නවත්ත නවත්ත නම් ඕනි වෙලාවක් අල්ලන් හිටත හැකි හික් හික් හික් :p

      Delete
  4. කෙට්ටු වෙනව කියන්නේ ඇත්තද බං?

    මාත් තනිකඩ කාලෙ කෙට්ටු වෙන්න ඇත්තේ ඕක නිසා...

    ReplyDelete
    Replies
    1. කෙට්ටු වෙන්නෙ නෑ බොල.හැබැයි උඹේ රුධිර සංසරණය වගේම නියුරෝන ක්‍රියාකාරීත්වයත් ඉහල යාවි :D

      Delete
  5. කිදුරා මට බඩේ පාර ගසා ඇත. උඹ මේවා ලියන්න ගියාම මම ලියන්නේ &*^%$^&**$#^ ද යකෝ...? :P වැදගත් ලිපියකි. මම දන්නා වෛද්‍ය විද්‍යාව අනුව මේ කතාවට 100%ක් එකග වෙමි. ජය. කිදුරෝ තවත් මේ වගේ දේවල් ලියන්න. දන්න දෙයක් කියලා දෙන එක ගොඩක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. එළ එළ අනිවා.මාත් දන්නෙ බොහොම සුලු ප්‍රමාණයයි.නොදන්න දේවල් නම් අහස තරම්.උදව් දෙනව නේදෝ............. ;)

      Delete
    2. අනිවා.. එකෙන්ම...

      Delete
  6. හුටා,.,මම පොඩි එකා නේද,.,., අවුලක් නෑ මේවත් දැනගෙන ඉන්න ඕනි,.,., :O

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.හුරු අත නිකන් තබා ගන්නා ලෝකේ කවර සැපතක්ද :p

      Delete
  7. ගෑණු ළමයි ඕක කරන්නේ කොහොමද? නවත්වන්නෙ මොකක් වුනාට පස්සෙද?

    ReplyDelete
    Replies
    1. ඩෙත් වෙඩිමයි.උඹ වෙඩිමක් කියවනව.ඔව්ව කියල දෙන්න ගොහින් මට ගුටිත් කන්න වේවි :O එයාලටත් ක්‍රමවේද තියෙනව.කියාදෙන්න නම් බැරියෝ........ අපිට වඩා තරමක් වෙලා යනව.නැවතුමත් තරමක් දුරට අපේ වගේම තමයි.සුළු සුළු වෙනස් කම් තියෙන්නෙ :p

      Delete
    2. අපේ වගේ කියන්නෙ. අයියෝ මම ග‍්ර්ල් කෙනෙක්.

      Delete
    3. :o :D එහෙනම් ඉතින් දන්නවත් ඇතිනෙ කරන්න :p

      Delete
    4. @Anonymous,
      කාන්තාවන්ගේ යෝනියේ ඉහලම කොටසේ පිහිටලා තියනවා කුඩා මස් කැබැල්ලක් වැනි කොටසක් ඒකට සිංහලෙන් කියන්නෙ මෑ ඇටේ කියලා, මෑ මල කියලත් කියනවා.

      ඒක තමන් විසින්ම පිරිමදින එකට තමා කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදෙනවා කියන්නේ. එය ටික වේලාවක් පිරි මදින කොට (බොහෝ විට මේ සඳහා පිරිමින්ට වඩා වැඩි වේලාවක් ගත වේ) වතුර වැනි දියරයක් පිට වෙනවා කාන්තාවන්ට. එතකොට තමා කාන්තාවක් සුරාන්තයට පත් උනා කියන්නෙ. දන්නෙ නැත්නම් කරලා බලන්න. මේවත් ජීවිතේදී ලබන්න ඕන අත්දැකීම්.

      Delete
    5. @Anonymous,
      මේකත් කියවලා බලන්න ස්ත්‍රී සුරතාන්තය

      Delete
    6. ඔව් ඇත්ත ඇනෝ.බොහොම ස්තූතියි.ඇත්තටම මේ හා සම්බන්ධ ස්නායු හා නියුරෝනික ක්‍රියාවලිය ගැන ප්‍රායෝගික දැනුමක් විනා වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් මට තිබුනෙත් නෑ.නොදන්න දේවල් ගොඩක් මේ අතරෙ තිබුන.ශරීරයේ පෙනෙන තරමට වඩා නොපෙනෙන තරම ගැන දැනගන්න මේ ලිපිය තරමක් උදව් වුනා.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙදි නම් අර ගැජට් එකට කියන්නෙ භගමනිය කියල.ඉංග්‍රිසියෙන් නම් ක්ලිට්.කාන්තා සිරුරෙහි සංවේදන වැඩිම තැන :)

      Delete
    7. @සඳකිඳුරා,
      අඩේ මට ඔය වචන දෙක (භගමනිය ,ක්ලිට්)සිරාවටම ඔලුවට ආවෙ නැහැ. තෑන්ක්ස් මතක් කරලා දුන්නට.

      Delete
    8. හික් හික් හික් අනිවා :p

      Delete
  8. හීහ් හිහ් හී .....
    එල වැදගත් කතාවක් මචන්.......

    ReplyDelete
    Replies
    1. අනිවා.තවත් තුරුණු රහස් වලට පිළියම් ඉදිරියේදී :)

      Delete
  9. ඉතා වැදගත් ලිපියක් ඇත්තට අර ප්‍රදිප් මලයට උබ රස්සාව නැතිකරන්ඩද හදන්නේ....

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් දෙන්නම් එකතු වෙලා තාරුණ්‍යය ශක්තිමත් කරන්න වෙහෙසෙන්නෙ :p

      Delete
  10. සිරාවට සෝයි කතාව මාත් මීට පස්සේ ඕවා කරන්න පටන් ගන්නවා අප්පා

    ReplyDelete
    Replies
    1. මෙච්චර කල් කොලේ නැතුවයි :o

      Delete
  11. //බොහෝ විට රෝගී වූ විට ලිංගික ආශාව අඩුව යයි.//
    පිෂ්ෂුද බං?හතේ හත වැදිල වයිරස් උණක් අල්ලල හිටිය..හැම වෙලාවෙම කල්පනා කරෙ අහවල් මෙව්වා එක කරන්න චාන්ස් එකක් කොයි වෙලාවේ එයිදෝ කියල :D

    ඒ බං ගෑල්ලමයි කරන හැටිත් කියාලා දියංකො

    ReplyDelete
    Replies
    1. හෑ......... ඒ ඉතින් උඹෙ මදන විසේනෙ :D මෙව්ව කිව්වට මොකෝ.ඔව්ව කියල දෙන්න ගියොත් නම් මේක කියවන ගෑනු දැරිවියො ටික මාව වලඳනව :/ :p

      Delete
  12. Replies
    1. පුරැෂ ලින්ගයේ එක් ඇටයක් අඩු විම දරැවන් හදනකොට ප්‍රශ්නයක් වෙනවද

      Delete
  13. නියමයි වටින ලිපියක්
    මම මේ බ්ලොග් එක කියෙව්වේ අද
    මෙව්වා ගැන හරියට දන්නැති උනහම වෙන දේවල් බලන්න ලින්ක් ටිකක් මෙන්න

    ආ එයා ලොකූ වැඩක්

    අපේ වැඩ අපි තනියම කරගත්තොත් තමා

    නැ යකෝ කැඩීලා

    ReplyDelete
    Replies
    1. තැන්කූ සහෝ........... අලේ මේ ලින්කු 3 මට ඕපන් කරගන්න බෑනෙ.http ඇඩ්‍රස් ටික දෙන්නෝ............ :p

      Delete
  14. හික්ස්...
    ස්වයං වින්දනේ කලාම කෙට්ටුවෙනවනං මේ පෝස්ට් එක ලියන්නත් එකෙක් නැති වෙන්න ඕනා මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. o.O හා හා සද්ද නොකර හිටු.එහෙනම් මයෙ ස්කන්ධය සෘන පැත්තට කැරකේවිදත් මන්ද :/

      Delete
  15. මටත් කියන්න තියෙන්නේ කෙට්ටු වෙනවනං අද මම දියවෙලා මගේ ඇට ටික විතරයි...

    155 ජීබී වැල... අතේ රේඛාත් මැකෙන්න කිට්ටුයි..

    6 වෙනි එක... ලොල් ඕයි!!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික් හික් :p අපිට නම් වැල ගබඩා නෑ.ඕනෙ ඕනෙ විට අලුත්ම වැල ලයිව් නෙට් එකෙන් :D

      Delete
  16. මූනං හෙනම වැල කිඳුරෙක්ම තමා ...:D
    වටිනා කතාවක් බං අපිත් පට්ට බයවිල්ලක් බයවෙලා හිටියේ ඒ කාලේ ඒත් අමාරුවෙන් පුරුදු වෙච්චා නවත්තනවා කියලයි .

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මං උඹලගෙ බය නැති කොලේ.හා හා වටිනා කියන එව්ව නවත්තන්නෙපා :D

      Delete
  17. මම බොහෝම උවමනාවෙන් කියවගෙන ආවේ මේ ස්වයං වින්දනේ නිසා උඹට වෙච්චි හදියවත් දාලා ඇතිද කියලා බලන්න හිතාමතාම අමතක කරලා වගේ ඒක නම්....

    සිකේ ටිකක් කලින් ඇවිත් කොමෙන්ටුවක් දාන්න බැරිවුනානේ...

    ආ තව දෙයක් කියන්ඩෝන... හොඳ උණක් එහෙම තියෙන වෙලාවක මරු ප්‍රතිකර්මයක් මේක.උණ කොහෙන් බහිනවද කියලා හොයාගන්න බැරිවෙනවා හි හි...

    ඒක නෙමේ මචෝ මෙව්වා කරලා හෝදන හැටිත් කියලා දීපල්ලා :p

    නියමයි මචෝ ලිපිය... කෙල්ලෝ ගැන අමතක වුනැයි?? නම මරු ඈ... වැල කිඳුරා කියන එක මරු...

    මේං නියම ලිපි...

    ReplyDelete
    Replies
    1. හික් හික් හික් කොරන එවුන් ජාති දෙකයි බං ඉන්නෙ.එක කොටසක් හලාගන්නෙ නාගන්නෙ මුකුත්ම නෑ කෙලින්ම ටිෂූ එකකට ස්තූති කරල ක්ලීන් පිට ඉන්නව.අනිත් උන් වැඩ කොරල ඉවර වෙලා ස්පයිඩර් මෑන්ල වෙන්න යනවනෙ හික් හික් හික්.කෙල්ලො ගැන ඉදිරියෙදි ;)

      Delete
    2. පුස් පුස් ඒ කේස් එක මං කියන්නේ....

      Delete
    3. :o :D අලෙ අප්පේ........... දැනුයි නෙව මට තේරුනේ :D අපෝ එව්ව මේ වල් යක්කු දන්නව ඇති :p

      Delete
  18. බොරු කියන්න ඔනෙ නැ.
    සිරාව්ටම ගොඩාක් වටින්ව... :D

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්.ලොක්ක වගේ ලියුවට මොකෝ මේව මටත් ඉස්සර හිතට වද දුන්නු ප්‍රශ්න :p

      Delete
  19. ස්වයං වින්දනය කිරීමෙන් සිදුවන නරක විපාක
    menn link eka gihla ma ballanna ko
    https://www.facebook.com/notes/dushan-chandima-fernando/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1-%E0%B6%B1%E0%B6%BB%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A/10151191246641424

    ReplyDelete
    Replies
    1. හ්ම් මමත් සමහර දේවල් මේ විදිහට අත්දැකීම් එක්ක ගලපගෙන උන්නෙ.ඒත් මේ විස්තර නම් හොයාගත්තෙ වෛද්‍යවරයා සඟරාවෙ පලවූ ලිපියක කොටස් එක්කාසු කරල මගේ වචනෙන් ගැලපුවාමයි :D

      Delete
  20. hoda sanvadthmaka lipiyak,samajaya athi matha gana thawath mama danuwath wuna.Thawath hoda lipi liyanna.good luck

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් සහෝ.සමාජයෙ පිළිතුරු නැති ප්‍රශ්න ගොන්නෙහි තවත් ප්‍රසිද්දියෙ කතා නොකරන්න පෙළඹෙන සිද්දියක් තමා මේ දේත්.බහුතරයක් දෙනා මූන දුන්නත් කතා කරන්නෙ අඩුවෙන්.ඒත් හරි හැටි තේරුම්ගන්න පුළුවනි නම් මේ තාර්කික මාතෘකාවම ඇති ජීවිතේ අළුත් වෙනසකට :)

      Delete
  21. ස්වයං වින්දනය තරම් චිත්ත රුප සහ හැගීම් ඔස්සේ යටි සිත සෘජුවම කය හෙවත් ක්‍රියාව සමග සම්බන්ද කෙරෙන වෙනත් අභ්‍යාසයක් නැහැ.යටි හිතේ මග පෙන්වීම යටතේ උඩු හිත ස්පර්ශ සංවේදනය හරහා අරඹා කරන එයා කෙලවර වන්නේ යටි හිතේ ප්‍රබල ඉස්මතු වීමක් හෙවත් මා හැඟී අත්දැකීමක් සමගයි. මෙය උඩු හිත හරහා සිදු නොකලත් යටි හිත විසින් හො සිදු කරන බව ජීව විද්‍යාත්මක සිද්දන්තයක් . අවශ්‍ය වන්නේ මෙම අසහාය අත්දැකීම හරහා චිත්ත රුප හා හැගීම් වල හෙවත් යටි හිතේ ප්‍රබල ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීම සහ එයා ජීවිත ජයග්‍රහණයට යොදා ගැනීමයි. උපුටා ගැනීම , ස්වයං මෙහෙයුම ග්‍රන්ථයෙනි - එන් එල් මලවිආරච්චි - ගොඩගේ ප්‍රකාශන - ලිංගිකත්වයට එහා ගිය මනෝ කායික ක්‍රියාවක් මෙහි තිබේ. BIO

    ReplyDelete
    Replies
    1. සිංහල අකුරු ඇතුල් කරද්දී පිල්ලම් දෝස ගැන සමාවෙන්න.BIO

      Delete
    2. ඒකනම් සහතික ඇත්ත :p

      Delete
  22. ලිංගික අධ්‍යාපනය,මෙහෙමවත් දෙන එක හොදයි කොල්ලෝ කෙල්ලන්ට

    ReplyDelete
    Replies
    1. නුහුරු නුපුරුදු බවින් අත්දකින්න පුරුදු වුනත් මේ දේවල් සාමාන්‍ය දේවල් කියල අපි තරයේ මතක තබාගන්න ඕනි.එහෙම නැත්නම් තමා අනිසි විදිහට මේ දේවල් හොයන්න ගිහින් අමාරුවෙ වැටෙන්නෙ :)

      Delete
  23. ඔයාගේ කරුණු ටික නම් හරිම වැදගත්, ගොඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. දෙයක් ලබාගත්තනම් ඒකමයි මගේ සතුටත් :)

      Delete
  24. සිරාවටම වැදගත් ලිපියක්. අහම්බෙන් යාලුවෙක් එව්වේ මේක බලන්න කියලා. අර ගෑණූ ළමයි ගැන තියන ඊලඟ ලිපිය කොහේද දන්නෙ නෑ නේද? ඒකත් කියවන්න ඕන.

    ReplyDelete
  25. ඇත්ත කතාව තියෙන්නේ මෙතැනනේ.එත් මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.මේ විදිය වැඩිපුර කරපුහාම ඇස්පෙනීම අඩුවෙන,නිතර කලන්තය වැනි ගතිය,බරවැඩ කිරීමේ අපහසුව,ලිංග වල වේදනාව වැනි දේවල් අතිවෙන් නැද්ද?

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව් වැඩියෙන් මහන්සි වෙන අතරතුර ඔය දේත් වැඩියෙන් කරන සමහරුන්ට එහෙම වෙනව. එහෙම වෙන්නෙ මේ ක්‍රියාවලිය තුලිනුත් තරමක් දුරට ඇඟේ රුධිර සැපයුම, හෝර්මෝන ක්‍රියාකාරීත්වය වහේම මේද දහනයත් යම් තරමකින් වන නිසා. නමුත් එය ජිම් එකකදි අපි කරන ව්‍යායාම හෝ දෙන්නෙක් එකතු වෙලා යෙදෙන ලිංගික ක්‍රියාවලියකදි තරම් වෙන්නෙ නෑ. තනියෙන් කරද්දි වෙන්නෙ අතිශය සුලුවෙන්. ඒකයි මෙය ඇඟ කෙට්ටු කරන්න බැරි දෙයක් කිව්වෙ. ඊට වඩා අපේ ඇඟේ පෝෂණයන් තියෙනව ඔය දෙයින් පිටවෙන තරමට වඩා. නමුත් වැඩි ලෙස මේක කිරීමෙන් මේ දේවල් වැඩිපුර වෙන්න පුලුවන්. සමස්තයක් විදිහට ඒක මහන්සි වෙන අයගෙ සන්ධි ආභාද වලට හා ඇඟේ දුර්වල භවක් ඇතිවෙන්න පුලුවන්. එහෙම වෙලාවට අපිට 90%ක්ම පෝෂණ අවැසිතා ගැන දැනුවත් වීමෙන් මේ තත්ත්වය අඩු කරගන්න පුලුවන්. ලිංගික වේදනාවක් ඇතිවෙන්න සාමාන්‍යයෙන් නිසි පරිදි ලිහිසි බවක් නැතිව නිතර නිතර මෙහෙම කරද්දි පිටත සම පිරිමැදෙන නිසා. අත බුරුලෙන් නිතරම අල්ලන්න. තදින් තෙරපීම හානිදායක වෙන්න පුලුවන් මේක පේෂිමය අවයවයක් නිසා. ඒ හැරෙන්න තවත් හේතු පවතින්නත් පුලුවන්. කරන ආකාරය වෙනස් කරල බලන්න. දිගින් දිගටම අනවශ්‍ය පරිදි රිදේනම් වෛද්‍යවරයෙක් හම්බුවීම සුදුසු වේවි. දැන් ගොඩක් දේවල් වලට බෙහෙත් තියෙනවා :)

      Delete
    2. කරන ආකාරය වෙනස් කරල බලන්න.ඈ ඒ කොහොමද ????????????????????????

      Delete
    3. http://www.madurahewage.com/2013/05/v-behaviorurldefaultvmlo.html

      Delete
  26. පට්ට පාර

    ReplyDelete
  27. අඩේ බොහොම එල පෝස්ටුවක්.
    හැබැයි ඉතින් ගෑනු ලමෝ ගැනත් කියල දුන්න නම් මල් 7 යි හිකිස්ස්ස්ස්ස්

    ReplyDelete
  28. හොඳ ලිපියක්

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ශුක්‍රාණු තුල ඩී.එන්.ඒ සහ ආර්.එන්.ඒ අණු අන්තර්ගත වෙනව. ඩී.එන්.ඒ මගින් තමා ප්‍රවේණිගත කේතයන් ගෙනයන්නෙ. ආර්.එන්.ඒ තුල එන්සයිම, ප්‍රොටීන, ග්ලූකොසයිඩ, ලෙසිතීන, කැල්සියම්, පොස්පරස් වැනි දේවල් අන්තර්ගත වෙනව. ස්වයං වින්දනයේදී ශුක්‍ර තරලය සමග මේ දේවලුත් සුලු වශයෙන් පිටවෙනව. ඔබ සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා අධිකව ස්වයං වින්දනය කරනව නම් මේ නිසා තෙහෙට්ටුව විඩාව වැනි දේවල් දැනෙන්න පුලුවන්. ඒත් අපි දන්නව කැල්සියම් වැනි දේවල් අපිට බොහොම පහසුවෙන්ම ආහාර වලින් ලබාගන්න පුලුවන් බව. ශුක්‍ර තරලය එක්ක පිටවෙන්නෙ හරි චුට්ටයි. නිසි පරිසි පෝෂණයෙන් යුතු ආහාර දෛනික වේලට එකතු වෙනව නම් ශරීර වර්ධනයේ අඩුවක් වෙන්නෙ නෑ. ඒත් නිතරම ගැනෙන්නේ ගුණයෙන් අඩු ආහාර නම් ස්වයං වින්දනයේ යෙදෙන දෛනික වාර ගණන වාර 1කට හෝ 2කට අඩු කරන්න.

      Delete
    2. වැඩි විස්තර සඳහා
      http://www.steadyhealth.com/articles/Consequences_Of_Over_masturbation_a589.html

      Delete
  30. සුපිරි කතාව නොදන්න ගොඩක් දේවල් දැනගත්තා කිදුරට ගොඩක් ස්තූති..

    ReplyDelete
  31. මෙවැනි ලිපියක් දකින්නට ලැබීමත් සතු‍ටුයි, මන්ද සමාජය තුල මෙවැනි දේ පිලිබඳ කිසිදු කතාබහක් වන්නේ නැහැ. ඉතා සරා හා පැහැදිලි ලිපියක්

    ReplyDelete
    Replies
    1. doctor mage wayasa 17i,,mage usa 5.2k wenawa ..mata aurudu 13 wage idan me usama thama thiyenne..mata meeta wada usa yanna monawa hari behethak thiyanawada? karunakarala mata udau karanna..goddak pin oyata..man me usa madi prashnaya nisa godak manasikawa watila inne

      Delete
  32. ලිංගය වර්ධනයකල ගන්නේ කෝහොමද

    ReplyDelete
  33. Swayan windanaya. Mahamegha website eken balanna. Poddak serch karala balanna swayan windanaya mahamegha

    ReplyDelete
  34. Karana welawata wadiya fit nathi yaluwek awilla athata maattu unama maara upset ne.lajjawe be

    ReplyDelete
  35. matath prashnayak tyanawa...swayan vndanaya wadyen krpuwahama eka asthi durwala karanawada? api idagaddi dana hisa TIK gaanne ay?

    ReplyDelete
  36. ඔඋ ලමයි ඉතින් වැදගත් ‍දෙයක් ‍මේකත් බලන්න
    මමත් ‍බො‍හෝ ‍දේ විසද ගත්ත අනිව හරියන තැනක්
    www.nomileguru.blogspot.com

    ReplyDelete
  37. Aththatama dawasata dethun parak soyan windanaya labuwoth lingika appranikathwayak athi wiya hakida

    ReplyDelete
  38. Mind power ekata ho memory ekata baLAPAmak nadda

    ReplyDelete
  39. Igena ganeeme hakiyawa adu wenawa da

    ReplyDelete
  40. Ganu lamunge yoni thol digu wenne swayanvindanay nisada

    ReplyDelete