වෙලාවකට හිතෙනව ජීවිතෙත් හරියට ගෙවල් දොරවල්, ඉඩකඩම්, බඩු බාහිරාදිය වගේ කුලියට හරි බද්දට හරි දෙන්න ඇත්නම් කියල. ජීවිතේ ජීවත් වුනා වැඩි නිසාවත්, අතහරින්න හිතිලවත් නෙමේ. එතකොට හොඳට හෝ නරකට කවුරුහරි කෙනෙක් ඒක ටික කලක් බලාගෙන පාවිච්චි කරල දේවිනෙ. ඒකීයව කැරකෙන දින අස්සෙ නඩත්තු කරල බලා කියාගන්න හිත් නැතිවෙලා. කිසිම දෙයක් ජීවිතේ තුල නැතිව හිස් ගන්ධබ්බ අවධියක් තියේ නම් හිතේ හැටියට අගක් මුලක් හොයාගන්න තිබුන. ජීවිතේ දවසින් දවසම කාර්යබහුල වෙලා. සල්ලි නම් අතේ කැරකෙන බව ඇත්ත. ඒත් ජීවිතේ අරමුණු වෙනස් වෙලා. ගමන් මං වෙනස් වෙලා. සමාජෙට සාපේක්ෂව තනාගත්තු පුංචි පුංචි නැවතුම්හල් වල තාවකාලික ලල් එකකින් අවශ්‍යතා වුවමනා සපයගන්නව.
මේකද ජීවිතේ?....
මේ යන විදිහ හරිද?....
තව කොච්චර කලක් මෙහෙම යන්නද?....
කෝ අරමුණු?....
සල්ලිමද ජීවිතේ?....
ඔව් නම් තව කොච්චරක් කිට්ටුද එතනට?....
නැතිනම් හරි පාර මොකක්ද?....
මං අතරමං වෙලාද?....
මැරෙද්දි මොනව ඉතුරු වේවිද?....
එහෙනම් ජීවිතේ කියන්නෙ හරියටම මොකක්ද?....
මං තාම හොයනව. මේ හැම එකක්ම තවමත් මට උත්තර නැති ප්‍රශ්න.
පින්තූර අයිතිය : curious_eyes_by_youngdraws |