කිඳුරු සේනාව

Monday, December 19, 2011

පෙර දිනෙක මතකය


එකෝමත් එක කාලෙකට පෙර
ලස්සනම ලස්සන පුංචි දවසක මතකයක්
අදටත් හිත සතුටින් ඉපිලවනව
මතකෙට නැගෙන හැම වරකදිම

හමුවෙලා වෙන්වුනු බව ඇත්ත
ඒත්............

ආදරේ හය හතර නොදත් මට
ජීවිතයක් පුරාවට දකින්න ලස්සනම ලස්සන හීනයක් දුන් ඔබ
කුළුදුලේ මගෙ දිවියට ආවමයි දැනුනෙ
මේ හදවතේ කර්ණිකා කෝෂිකා වලත් ලේ දුවන බව

පුංචි තොල් අපූරුවට තොඳොල් කර
හුරතල් කතා කියමින් මගෙ උණුහුමට ගුලිවෙද්දි
එදයි මං දැනගත්තෙ මගේ තුරුල උණුහුම් බව
මම ජීවත් වෙන බව

ඔය ලස්සන කලු ඇස් දෙකින් මගෙ ඇස් දිහා බලන්
හෙමින් හෙමින් මගේ තොල් සිපගද්දි
එදයි දැනගත්තෙ ඇස් කතා කරන බව
මගේ පෙනහළු වල හුස්ම රැඳී තිබෙන බව

ඒ ලේ වලින් උනුහුම් වුනු හදවතේ නාමයෙන්
ඒ හුස්ම වැටෙන මගේ පණ බිඳෙහි නාමයෙන්
ඒ වගේම ලස්සන අතීතයක ආපහු හමුවෙන්න මං අදටත් හීන දකිනව කෙල්ලෙ
ඒත් ඒ......
එතැනදිමයි......
එලෙසටමයි.......
නමුත් ඒ සදහටමයි